පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ජාතික කොඩි ශ්‍රී ලංකාවේ ධාන්‍යවර්ග වලින් නිපදවා ගාල්ලේ ප්‍රදර්ශනය කිරීමට යයි.
මුං, කවුපි, පරිප්පු, අබ ඇතුළු වර්ග මේ සඳහා යොදා ගනී.
මතුගම දී මේ කොඩි සැකසෙනුයේ ගාමිණී ජයලත් නිර්මාණ ශිල්පියා අතිනි.
පැරණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරට එක් වේ.
1949 අප්‍රේල් 28 වැනි දා ලන්ඩන් ප්‍රකාශනයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය පිහිටවිණි.
නොවැම්බර මැදදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නාකය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සත්කාරක සමුළුවේ ප්‍රධානියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි., බඩ ගෝස්තරේම ගැන හිතන නිසා තමයි අපේ අය හැමදාම එකම තැන ඉන්නේ., කලා හිතක් විතරයි කලාව කියන්නේ මොකක්ද කියල දන්නේ..? හොඳ දේ අගය කරන්න ..!! (ස)
දුප්පත් අපේ රටට මේක අපරාදයක් , යුරෝපේ රටවල ප්‍රථමික පන්ති වල ළමා අයට උගන්වනවා මේවා . (දී)
රුපවති පිස්සුද හැටිද ...................ඔය වියදම් කරන නාස්ති කරන සල්ලි වලිනුයි ධාන්‍ය වලිනුයි අසරණ මිනිස්සු කි දෙනක්ගේ බඩගින්දර නැති කරන්න තිබ්බද?? (ස)
මට බඩගිනියි කන්න මොකුත් නැද්ද (දී)
නිර්මාණ ශක්තිය අනර්ඝයි. ඒත් ධානය වලට කරන විනාශය දැක්කම බොරු වැඩක් කියලා හිතෙනවා. විශේෂයෙන් පරිප්පු, අබ. මේවා ලෝකෙට ණයවෙලා පිට රටවලින් ගේන්නේ. (නදී)
අනේ අපේ ගම්වල කෑම වේලක් ගන්න සල්ලි නැති මිනිස්සු කොච්චර ඉන්නවද. මේ ටික බෙදල දුන්න නම් කොච්චර පිනක්ද එක වේලක් හරි හොඳට බඩ පුරවා ගන්න තිබුනා. (ස)
කළා නිර්මානයක අගය නොදකින බඩ ගොස්තරවාදීන් .....ගේ .මනසට ...මෙහි වටිනාකම නොදැනුනත් ....ජාතියේ ....කලාත්මක හැකියාවන් ලොවට විදහා ලන්නට ...උතසාහ දරනා ඔබ සැමට ...කෘතගුණ දන්නා ...මිනිසුන්ගේ ..ප්‍රණාමය ..සැමදා හිමිවේවා ..(දී)
ඉසුරු උදැල්ලක් අරන් වත්තේ පොල් අල්ලියක් බිම කොටලා තම දහදිය මහන්සියෙන් වගා කරගන්නවා හලෝ මුන් කව්පිටිකක් ..අබ මිටක් ..සම්බෝල හදා ගන්න ..තෙල් බෙහෙත් විෂ බීජ නැතිව ..බඩ ජාරිකමට පිනට දෙන දේවල් හොයන් නැතිව ..ආඩම්බර කාර කමට ..නියම පිරිමියෙක් විදියට ...? ඇග වෙහෙසල වැඩ කරනවාල ..හලෝ ..?පිං බඩ පොරෝගන්න පුළුවන් ආඩම්බරේට...? (දී)
හරිම අපුරු වැඩක්. කන එක ගැන විතරක් හිතන්න එපා.අපිටත් යමක් කරන්න පුළුවන් බව පෙන්වමු.බලන්න එයාලගේ හපන්කම. (නි)
රූපා අක්කේ, බිහිරි අලින්ට විණා ගයලා වැඩක් නැහැ. අපේ අය දැන් කවුරුහරි මොනවාහරිම කරලා එයාලට කන්න දෙනවා නම් ඒක තමා ලොකුම දේ.එයාලට රියලටි,කුකින්, අනං මනං රූපවාහිනි වැඩසටහන් බලන්න තිබෙනවා. වැඩක් කරන්න වෙලාවක් නැහැ.පේන කියන්න හැකියි.බඩජාරිකම විතරයි.[පිටරට සිරිතට අත දික්කරනා අද සිංහල කළු සුද්දා... කන්න අදින්නාත් පිට රටින් එන තුරු මුහුදට දත නියවන්නා..] (නි)
විකාර වැඩ විකාර ප්‍රසිද්දියක් මොකද ඕස්ට්‍රේලියාවේ පෙර්ත් නුවට තිබ්බ රැස්වීමේදීත් මේවගේ වැඩ කලාද මේවගේ ප්‍රසිද්දියක් දුන්නද අපේ හීන මානය පෙන්වීමක් (නදී)
කලාව උනත් යොදවන්න ඕනේ හරි දේකට. මේක පිස්සු වැඩක්. (නදී)
හොඳ නිර්මාණයක් වගේම හරි අපරාධයක්. (ස)
කන්න නැති මිනිස්සුන්ට කන්න අරන් දෙන්න ඔය සල්ලි වලින් (දී)
ඉතා අනර්ගයි. අපේ ලංකා මැනිගේ දරුවෝ කවදත් ලෝකෙට ලොක්කෝ බව සනාතයි. ජයශ්‍රී ශ්‍රීලංකා! (දී)
හරිම හොද නිර්මාණයක්. මේ වගේ නිර්මාණ අපි අගය කරන්න ඕනෑ (නි)
ඔය ටික එකතු කරලා දුප්පත් අයට දුන්නානම් එක වේලක් හරි කයි (දී)
හරියට මේවා අපේ රටේ නිෂ්පාදන වගේ. ඉන්දියාවේ සශ්‍රිකත්වය පෙන්නන්න වෙන්න ඇති රතු පරිප්පු පාවිචිචි කළේ (නි)
බොරු වැඩක්. ඔය ඔක්කොම ධාන්‍ය ගෙනෙන්නේ පිට රටින්. (දී)
තව කොහෙද මොළෙත් තිබුනානම් (දී)
බොහෝ අය මේ වැඩේ අපරාදයක් විදිහට හංවඩු ගහආ. අපි හිතමු කන්න නැති අය මේවා දුන්නා කියලා. ඊට පස්සේ බලන්න තියෙන්නේ කොහෙද?වැසිකිලි වලට එබිලාද?කන බනේම ගැන හිතුවොත් පෙනේනේ කියවන හොඳ දේවලුත් බලන්න තියෙන හොඳ දේවලුත් කන්නමයි නේද?මේකට කියනවා දුන්දේ සුවඳයි කැ දේ ගදයි කියලා. නැති බැරි මිනිසුන්ට මේ ධාන්‍ය ටික දෙන එක නරක නහැ. ඒත් බලන්න මේ විස්මිත නිර්මාණ. මෙහෙම සිතුවිලි වලට අපි උපහාර කල යුතුයි නේද?අනෙක ප්‍රාතමික අංශ වලදී උගන්වපු දේ දැන් ප්‍රයෝජනයට අරන්.(නදී)
හරිම අපුරුයි. හොඳ නිර්මාණයක්. නමුත් හොඳක් නොදකින මිනිසුන් දැකපු ලොකුම අපරාධයත්, ලොකුම නාස්තියත්. මෙවන් දෙයක වැරැද්දක් දකින්නේ නිකමුන් වැනි මිනිසුන්. (ස)
මේ ඇති වටිනාකම ඇයි කව්රුත් අගය නොකරන්නේ ..බලන්න දුප්පත් මිනිසුන්ගේ මනසවල් ..අච්චාරු වෙලා ඉන්න මොහොතක ..මේක මනසට කියලා නිම කරන්න බැරි ව්‍යායාමයක් ..වගේම අපේම නිර්මානශීලිත්වයක් විදහා පාන වැඩක් ..හැමදේටම කන්නම බලන් ඉන්න එපා..?කොතන ගියත් කන බනේමයි. බලන්න ඡන්ද වැඩවලට මොනතරම් මහජන දේපල වගේම පරිසර හානියක් කරනවද කියලා? මේ දෙයින් ග්‍රැෆික් නිර්මාණකරුවන්ට වගේම ..පේන්ට් වලට ඒ සදහා කරන අමුද් රව්‍යන්ට වියදම් කරන නාස්තිකාර මුදල් දුප්පත් මිනිසෙකුගේ දෑතින් නිර්මාණය වන දහදිය බිදුවක් වෙනුවෙන් වග කියාවී ...?කරගැට විත් ඔබ දෑතට ..!!ගලනා දහදිය බිදුවට ..!!මුතු මැණිකක් වී දෑතට..!!සවියක් වන් ඔබේ දිවියට ..!! (නදී)
මුං, කවුපි, පරිප්පු, අබ වැනි ධාන්‍ය යොදලා හරි මේ වැනි නිර්මාණ කරලා වෙලාවේ හැටියට ලංකාවේ පවතින දරිද්‍රතාවයයි දුප්පත්කමයි නමැති කඩතුරාව වසා දමා ලෝක රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙවැනි ආකාරයෙන් හෝ සශ්‍රීකත්වයේ ලකුණු පෙන්වා ගැනීමට උත්සාහ දැරීම හොද දෙයක්. (නි)
බඩගින්නේ ඉන්න මිනිහට බණ කියලා වැඩක් නැහැ, තේරුනාද? (නි)
මම නම් කැමති නැහැ මේවට (නි)
වැඩේ ලස්සනයි එයාලගේ හැකියාවත් අගය කරන්න පුළුවන්. ඒත් මේකට අපතේ දමන වී පොතු, කොහුබත්, ලී කුඩු වගේ අමුද්‍රව්‍ය ගත්තා නම් මම හිතන්නේ වැඩේ තවත් ලස්සනයි.මොකද පාන් කාලක් කන්න පරිප්පු හොද්දක් නොදකින මිනිසුන් මොනතරම් ඉන්නවද?කොහොම වුණත් කලාකරුවන්ගේ හැකියාවට මගේ ප්‍රශංසාව! (නි)
රූපවතී නගෝ, ඔයා එනවා නම් බිම් කොටන්න මම එනවා ඔයත් එක්ක (නි)
කොහොම ද දකුණේ කොල්ලන්ගේ වැඩ? මේකටත් ඉතින් කලාවේ අගය නොදන්නා අය මොකක් හරි ඇදයක් කියයි. (නි)
රූප ටික හොඳයි. මෙහෙ අපරාධයක් කියල දාන කට්ටියගෙන් මම අහනවා තමුන්නාන්සේලා කවරදාකවත් නාස්තියක් කියල දෙයක් කරලා නැද්ද? (ස)
කලාව ගැන නොදැන මිනිසුන්ට මේක පෙනෙන්නෙ නාස්තියක් වගේ. එයාලට හරියට හාවෙක්වත් එළාගන්න බැහැ. (ස)
රටේ සශ්‍රීකත්වයට ගිය කලද මේ. මහා අපරාධයක්? (ස)
රූපවති, මම දන්නා විදිහට දැනට තිබුණු සමුළු එකකටවත් ඔය විදිහට නාස්ති කළේ නැහැ සල්ලි සහ ධාන්‍ය.ඕකට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා දන්නවද ? මේවා ඔහෙලට කියලා වැඩක් නැහැ.මොකද මොළේ තියෙන්නේ හදිමිටේනේ. (නි)
මාරම මාර පිස්සු වැඩක්නේ මේක. (දී)