රටේ වෙනසක් ඇතිකිරීමට ධනාත්මකව කැපවුණු වැඩකරන ජනතාවට ලබාදුන් සෘණාත්මක ප්‍රතිචාරයක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සමන් රත්නප්‍රිය මහතා අද (22) රාජ්‍ය ඖෂධවේදීන්ගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
දායක විශ්‍රාම වැටුපක් ගැන අයවැයේ සඳහන් වන මුත් එවැනි විශ්‍රාම වැටුපක් ලබාදීමට තීරණයක් රැගෙන ඇත්තේ වෘත්තිය සමිති හා සාකච්ඡා කිරීමෙන් තොරව බවට ඔහු චෝදනා කළේය.
විදෙස් ආයෝජකයින්ට සැළකිය යුතු සහන සලසා ඇතත් සාමාන්‍ය ජනතාවට ලබාදී ඇති සහන ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව හෙතෙම පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනබොන දේවලින් මෙහෙම සොච්චමක් අඩුකරන එක නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ. (නි)
අපි දන්නවා රට විකුණනවා කියලා නමුත් උඹලා දුන්නේ කන්නනේ (බ)
අපි හිතුවේ භාණ්ඩ හා සේවාවල් මිල අඩුවේවි කියල.නමුත් පවතින භාණ්ඩ හා සේවාවල මිල වැඩි කරලා . ගෑස් පිටි කිරි වල මිල පොඩි ගාණකින් අඩු කළා. (ම)
රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින්ට අදාළ ප්‍රශ්න රැසක් අයවැය යෝජනාවල අඩංගු බැවින් ඉදිරියටත් මෙවැනි විවේචන,චෝදනා ආදිය අසන්නට හැකිවේවි. (නි)
අපිත් ඒ කතාව සමඟ එකඟයි (නි)