ටෙලි නාට්‍යය රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්රයේ වඩාත් ජනප්‍රියව සිටින ධනංජි තාරුකා මේ දිනවල දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනට තුළින් අපිට දකින්නට ලැබේ. නිරෝෂා විරාජිනිගේ "රොක් එන්ජල්ස්" කණ්ඩායමේ සාමාජිකවක් ලෙස ඇය මෙම රියලටි තරගය සඳහා සහභාගී වී සිටියි. පසුගිය සති කිහිපයේදීම ඇය සිය පාදයේ ආබාධයක් හේතුවෙන් මෙහි පෙර පුහුණුවිම් කටයුතු සඳහා එක්නොවු අතර, තවත් දින කිහිපයකින් යළිත් මෙම "ස්ටාර් සිටි" රියලටි තරගාවලියේ පෙර පුහුණුවිම් කටයුතු වලට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. ඒ පිළිබඳව ධනංජි අපිට මෙසේ අදහස් දැක්වුයේමු.
"මේ සිද්ධියට මම මුහුණ දුන්නේ ගෙදරදී. රූපගත කිරීමකට සහභාගී වෙලා ගෙදර එනකොට තමයි ලිස්සලා වැටිලා කකුල තුවාල වුණේ. ලොකු දෙයක් වුණේ නැති වුණත් කකුල ටිකක් විතර උලුක්කු වුණා. වෛද්‍ය ප්‍රතිකාර මත පසුගිය සති කිහිපයේදීම මම කලා කටයුතු වලින් ඇත් වෙලා හිටියා. දැන්නම් හොඳටම හොඳයි. මේ ආබාධය නිසා "ස්ටාර් සිටි" වැඩසටහනේ පෙර පුහුණුවිම පවා මඟ ඇරුණා. ඒත්. 17 වැනිදා ඉඳලා නැවතත් ඒ වැඩසටහනේ පෙර පුහුණුවිම් වලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ටෙලි නාට්‍යය රූපගත කිරීම් කටයුතුත් නැති හින්දා මේ සිද්ධිය නිසා කලා කටයුතු වලට බාධාවක් වුණේත් නැහැ. 19 වැනිදා මා රඟන සුනිල් ශ්‍රී මහත්මයාගේ "ඉලාන්දාරි" වේදිකා නාට්‍යෙය් දර්ශනයක් හංවැල්ල රාජසිංහ විද්‍යාලයීය ශාලාවේදී තියෙනවා. ඉතින් මේ අනතුරෙන් පස්සේ සහභාගී වෙන මගේ පළමු කලා කටයුත්ත ඒක."
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනංජි තාරුකාට දැන් හොඳයිලු