ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ දී මෙවරත් පැවැත්වෙන අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශන පිංකමට බෞද්ධ වන්දනාකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පිංකම මෙවර පැවැත්වුණේ 61 වැනි වරටය.
එම සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවරත් සංවිධානය කැරුණු අග්‍රශාවක ධාතු ප්‍රදර්ශන පිංකම සෙනසුරාදා (14) උදෑසන ආරම්භ වී ඉරිදා සවස අවසන් වීමට නියමිතව තිබිණි.
ධාතු ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට බානගල උපතිස්ස, චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති තිනියාවල පාලිත, සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්ස, රත්මලානේ පඤ්ඤාජීව හිමිවරු ද, මධ්‍යම ප්‍රදේශයේ දිසාපති ජී කේ ජිෂින් මහතා ඇතුළු සම්භාවනීයයෝ රැසක් ස සහභාගී වූහ.
දඹදිව ශ්‍රාවස්ති විහාරාධිපති ඇල්ගිරියේ සංඝරතන, ජල්ගඔන් මහින්ද විහාරාධිපති නක්කාවිට සුගතවංශ, චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහානාම, සාංචි විහාරවාසී නුගගොල්ලේ චන්ද්‍රරතන, උඩුගම තපස්සී යන හිමිවරුන්ගේ දායකත්වයට පිංකමට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදු! සදු!! සදු !!!. ලොව්තුරා සම්මා සම් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා !!! සැමටම පින් බුදු සරණයි (දිල්)
ජගත්' බුදුන් වහන්සේගේ නොවේ. අග්‍ර මහා ශ්‍රාවක ධාතුන් වහන්සේලා , සමාවෙන්න.(නදී)
ඉන්දියාවේ දීල්ලි කෞතුකාගාරයට යන කෙනෙකුට කිසිම කරදරයක් නැතිව සර්වඥ්ඥ ධාතු වන්දනා කරගන එන්න පුළුවන්. ඒවගේම ඉන්දියාවේ පන්සල් වන්දනාකරුවන්ට වගේම අවට ඉන්න ඉන්දියාවේ අයටත් ලොකු සේවයක් කරනවා (දිල්)