
(අංජුල මහික වීරරත්න)
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් මිලදී ගැනීම හෙට (10) සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශය කියයි.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී, හෙට (10) සිට මෙම කටයුතු ආරම්භ කරන අතර දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 ක සහතික මිලකට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා මිලදී ගනිමින් ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු කෙරේ.
එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000 ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීමටත් රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන් ද එක්ව මෙම කටයුතු සිදු කරනු ඇතැයි අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ මාෆියාව කොතරම්ද? දේශීය අල බස්නාහිර පළාත තුළ මිල 400/= කිට්ටුව නේද?