IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


දේශබන්දුගේ වරප්‍රසාද කැපීම ආයතනවලට බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් රටේ සාමාන්‍ය නීතිය අනුව ඒ සඳහා කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

රටේ සාමාන්‍ය පුරවැසියෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවහොත්  ක්‍රියාත්මක වන ආකාරයට එහිදී කටයුතු කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් එවැනි තර්ජනයක් තිබේනම් ඔහු ඒ ගැන මුලින්ම  කරුණු ඉදිරිපත් කළ යුතු බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශබන්දු  තෙන්නකෝන් මහතාට පාතාලයෙන්  විවිධ තර්ජන එල්ලවී තිබිණැයි පසුගිය කාලයේදී සඳහන් විය.

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමෙන් පසු ඔහුට හිමි විශ්‍රාම වැටුප ආරක්ෂාව නිල නිවාස ඇතුළු සියලු පහසුකම් අහෝසි වී යන්නේය.

දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ   වරප්‍රසාද ඉවත් කිරීම  සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ  සුනිල් වටගල මහතා පැවසුවේ අදාල ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඔහු සේවයෙන් පහ කළ වහා ඊට අනුකූලව ක්‍රියාත්මකවීම එම ආයතන වලට පැවරෙන වගකීමක් බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

දේශබන්දුගේ වරප්‍රසාද කැපීම ආයතනවලට බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site