IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


දේශබන්දු රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් කෙනෙක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් "ගෝඩ් ෆාදර්" කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතු යැයි ද සභා නායකවරයා කීය.

අද මේ විවාදයේදී සජබෙ දේශබන්දු ගැන කතා කළත් ඔවුන්ට රාජපක්ෂලා ගැන කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒක තහනම් වචනය වෙලා. දේශපන්දු ගෙනාවේ රාජපක්ෂලා. දේශබන්දු කියන්නේ කවුද? රාජපක්ෂලා හදපු අපරාධ රාජ්‍යයේ අංශු මාර්ථයක්.රාජපක්ෂලා උත්සාහ කළේ මේ රට සදහටම කැරකෝප්පුවක් කරන්න.

 මේක දේශබන්දු  සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. දේශබන්දුට විරුද්ධව පුළුවන් නම් ඡන්දය දෙන්නැයි මා සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම ඉදිරි පෙළ ඉන්න ගයන්තලාට අභියෝග කරනවා.දේශබන්දු තනියම පොලිස්පති වුනාද? මේ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතුයි. ලෝකයේ මෑත භාගයක රටක පොලිස් ප්‍රධානියෙක් අපරාධ කරලා මෙහෙම අසුවෙලා තිබෙනවාද කියා මා සොයා බැලුවා 1989 වසරේ මෙක්සිකෝ වල එවැනි සිදුවීමක් තිබෙනවා.දැන් සජබ සහ පොහොට්ටුව කියන දෙකම එකයි. දේශබන්දු සමගම ඔබලාත් අතුගෑවෙනවා.

මෙච්චර තුච්ච දේශපාලනයක් අප දැක්කේ නෑ. ඔබලාට ජනතාව සොරිම කරනවා.අද උතුරේ වගේම දකුණේ ජාතිවාදීන් කලබල වෙලා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (1)

දේශබන්දු රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් කෙනෙක්

Asela Tuesday, 05 August 2025 07:22 PM

මේ අහංකාර විහිළුකාරයා කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරවලට වගකිව යුතු අය NPP පාලනයට ඇතුළත්...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 249 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 418 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site