IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දූෂණයෙන් ලංකාව 120 තැනට

(සුජිත් හේවාජුලිගේ)

දූෂණයෙන් ලංකාව සිටින්නේ එකසිය විසි වැනි  ස්ථානයේ බව අල්ලස් හෝ  දූෂණ චෝදනා  විමර්ශන  කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

ලංකාවේ බොහෝ  මිනිසුන් අවංක නැතැයි   පැවසු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා  රටේ දූෂණය ඉහළ යෑමට එය ප්‍රධාන හේතු  සාධකයක් බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය. අල්ලසට ලේබල්  වැදුණු    ආයතනවලිනුත් තමාට දේශන  පැවැත්වීමට  එන්නැයි ආරාධනා කරන   බවද  හෙතෙම  සඳහන් කළේය

රංග දිසානායක මහතා මෙසේද පැවසීය

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය රටවල් 180ක් අරගෙන දූෂණය පිළිබඳව නිර්ණායකයක් හදනවා. දූෂණය අඩුම රට අංක එක නම් දූෂණය වැඩිම රට අංක 180. ලංකාව ඉන්නේ එකසිය විසි එකේ.

සමහර ආයතනවලින් අද  සල්ලි නොදී වැඩ කරගන්න බැහැ. අල්ලසට  ලේබල් වැදිච්ච අායතනත් දේශන තියන්න එන්න කියනවා.  මං ඇහුවා මොකටද එන්න කිව්වේ කියලා. අල්ලස් ගත්තම වෙන්නෙ  මොනවද කියලා දන්නේ නැද්ද කියලා  අැහුවා. ඒ නිසා  මගේ  දේශනා අනවශ්‍යයි කිව්වා. තමන් ගෙදර ගිහිල්ලා රෑට නිදාගත්තම මොකද කළෙ  කියලා හිතා බලන්න කියලා කිව්වා.  කීයක් ගත්තද.  කාගෙන්ද ගත්තේ කියල හිතන්න කියලා.


මීට මාස තුන හතරකට ඉස්සෙල්ලා මෝටර් රථ පවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ කබඩ් එකේ තිබිලා ලක්ෂ  41ක් හොයා  ගත්තා ගත්තා. ඒ සතියේ අල්ලසේ  කලෙක්ෂන්  එක,   මේ ඔක්කොම  සිකුරාදට  බෙදා ගන්නවා. කෝ ඒ  ඒකකයේ දූෂණ විරෝධීන්.   ඒක තමයි මේකෙ ඇත්ත තත්වය.

 



අදහස් (0)

දූෂණයෙන් ලංකාව 120 තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 790 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site