IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රිය මාර්ග තුනෙන් දෙකක් තවම වැඩ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කාලගුණ ආපදාවෙන් දුම්රිය මාර්ග විනාශවීම හේතුවෙන් තවමත් දුම්රිය ධාවනය කෙරෙන්නේ මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක ප්‍රමාණයක  බව ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද  (18) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කාලගුණ ආපදාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

හානි නිසා දුම්රිය මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක තමයි දුම්රිය ධාවනය කිරීමට හැකි වෙලා තියෙන්නේ. දුම්රිය මාර්ගවලට ගල් පෙරළීම් අනූ එකක් වාර්තා වෙනවා. දුම්රිය මාර්ගවල පාදම කඩාගෙන යෑම් 73ක් වාර්තා වුණා. බෝක්කු සහ පාලම් තිස් අටක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගස් කඩා වැටීම් එක එකසිය හතළිස් නවයක් වාර්තා වුණා. සුළු වශයෙන් පාදම විනාශ වූ ස්ථාන 177ක් තියෙනවා.

දුම්රිය ස්ථානවල හානි 27ක් වාර්තා වෙනවා. බලන- කඩුගන්නාව  ප්‍රධාන  කොටස ප්‍රධාන වශයෙන් හානි වෙලා තියෙනවා. උඩ රේල් පාර විතරයි ඉතිරිවෙල තියෙන්නේ. ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයත්  වත්තේගම උකුවෙල  මාර්ගයත් ඒ විදිහටමයි. කොටගල අඹේවෙල කෑල්ලත් ඒ ආකාරයටම විනාශ වෙලා. ඒ මාර්ග කොටස් වැඩි වියදමක් දරලා හදන්න වෙලා තියෙනවා.



අදහස් (1)

දුම්රිය මාර්ග තුනෙන් දෙකක් තවම වැඩ නෑ

Kule Thursday, 18 December 2025 02:28 PM

කෙදිරි නොගා වැඩේ කරන්න මුදල් ලැබුණා නේ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site