IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


දිලීප පිරිස්ට ඩුබායි පාතාලයෙන් තර්ජන

(මනෝප්‍රිය ගුණසේකර)

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

මෙම ඝාතන සැළසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇතැයි වාර්තාවේ. දිලීප පීරීස් මහතාගේ නිවසට මෙන්ම ඔහු ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

ආන්දෝලනාත්මක නඩු ගණනාවක පැමිණීල්ල නීතීපතිවරයා නියෝජනය කරමින් මෙහෙයවනු ලැබු නීතීපති දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨතම නීතීඥවරුන්ගෙන් කෙනෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට හානි කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් සැළසුම් සකස් කරන බවට පසුගිය සෙනසුරාදා (23) රාත්‍රීයේ පොලිස්පති බුද්ධි තොරතුරු ලැබී ඇතැයිද වාර්තාවේ.

ඒ අනුව දිලීප පීරීස් මහතාගේ ජීවීත ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ ප්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ විශේෂ පුහුණුව ලැබු පොලිස් කණ්ඩායමක් ඊයේ  (24) දිනයේ සිටම යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

 



අදහස් (8)

දිලීප පිරිස්ට ඩුබායි පාතාලයෙන් තර්ජන

අන්_ර Tuesday, 26 August 2025 09:49 AM

ඊලඟට අපි කියන්න හිතාගෙන ඉන්නේ ඩුබායි පාතාලයේ ගෝඩ්ෆාදර් රනිල් කියලා. අපේ ඩෝබිල ඒකත් විශ්වාස කරයි.

:       2       7

අන්ඩ්රු Tuesday, 26 August 2025 10:04 AM

හෙන බොරුවක්.මේකත් පාතාල ක්‍රියාකාරකම් විපක්ෂෙ පැත්තට බැර කරන්න ආණ්ඩුව ගොතපු කෙබරයක්.නැත්නම් පහුගිය සෙනසුරාදාම මෙහෙම වාර්තාවක් එන්න විදිහක් නැහැනෙ.මොකද සිකුරාදා රනිල්ගෙ නඩුවට විතරක් නෙමෙයිනෙ මෙයා පෙනී හිටියෙ.

:       23       46

nihal Tuesday, 26 August 2025 10:19 AM

ඉතා හොඳයි....පාතාල මර්දනයට සරත් ෆොන්සේකා සම්බන්ධ කරගන්න… රාජපක්ෂලාගේ තුරුලේ නැළවෙන සියල්ලන් විනාශ කරනු ඇත

:       40       12

රනේ Tuesday, 26 August 2025 10:39 AM

අපේ පැරණි දේශපාලනයට කෙලින්ම පාතාලය සම්බන්ද බවට උදාහරනයක්.

:       44       22

Nishan Tuesday, 26 August 2025 10:45 AM

අකුණු සන්නායකයකුත් ඔළුව උඩ හයි කර ගත්තා නම් හරි.

:       23       52

විජේ Tuesday, 26 August 2025 10:58 AM

තිර පිටපත ලියා දුන්නාම එයට අනුව රගපාන නලුවන්ට මොන ආරක්ෂාවද?

:       23       46

Duminda Jayanath Udayakumara Tuesday, 26 August 2025 11:27 AM

කමෙන්ට් බලද්දී තේරෙන්නේ හාම්පුතාලාත්, වහල් ජනතාවත් ඔක්කොම කලබල වෙලා කියලා. නීතිය කියන්නේ නයාට අඳු කොළ වගේ. ජරා වලේ ලැගලා මඩ ගාගත්තා නම් ජීවත් වෙන්න බෑ . මේවගේ නිලධාරින් රකින්න උපරිම පියවර ගන්න ඕනි.

:       4       5

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 11:28 AM

අතේ පත්තුවෙන බොරු නම් පිලිගන්න බෑ. ඒකෙන් වෙන්නේ තවත් පචවෙන එකයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නෙ මෙයා විතරද?

:       21       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13491 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 336 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 224 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site