(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් කොලොන්නාව ආසනයේ හානි සිදු වූ නිවාස හිමියන් 781 දෙනකු සදහා වන්දි ප්‍රදානය කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) පැවැත්විණි.

‘දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයෙන් හානි වූ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ නිවාස හා දේපල සදහා කඩිනම් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබූ අතර ඒ යටතේ අර්ධ හානි සිදුවූ නිවාස ප්‍රතිසංස්කරණය කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක හානිපූර්ණ වන්දි ගෙවීමට පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

එම මුදල ලක්ෂ තුනක් සහ ලක්ෂ දෙකක් වශයෙන් අදියර දෙකක් යටතේ ලබාදී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා සඳහන් කළේ මේ වනවිට කොලොන්නාවේ පවුල් 3060 ක් පදිංචි නිවාස වෙනුවෙන් අර්ධහානි හා පූර්ණ වන්දි ගෙවීම් සිදුකර ඇති බවයි.