(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බාල වයස්කාර දැරියක  අතවර සිදුකිරීම සම්බන්ධයෙන්  පල්ලේගම හේමරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී  නිට්ටමුව පොලිසිය  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියගේ මව සහ ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාර ගත ඇත

දැරිය අධිකරණ නියෝග මත රාගම ළමා සුරක්ෂා රන්න මධ්‍යස්ථානයේ රඳවා ඉදිරි විමර්ශන සිදු කරන ලදී