ශ්‍රී පාදස්ථානයේ අලුත් දොළොස් මහේ පහන හා ඝණ්ඨාරයද ආවාස ගෙයක් තැනීම සදහා උපකරණ ද අඩංගු කිලෝ විසිදාහක් අද සිට ලබන පස් වැනිදා දක්වා එම් අයි 17 හෙලිකොප්ටරයක ආධාරයෙන් මහ මළුවට රැගෙන යාම ඇරැඹිණි.
නල්ලතන්නිය ලක්ෂපාන ක්‍රීඩාංගණයේ සිට මහ මළුව දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදා වින් කමාන්ඩර් එම් ඒ එස් කේ මහීපාලගේ නායකත්වයෙන් 50 ක පමණ බළ ඇණියක් එහි කඳවුරු ලා සිටි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන හෙයින් ලබන 5 වැනිදා තෙක් උදේ 6 සිට සවස 6 දක්වා ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් රාත්‍රී කාලයට කරුණා කරන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඉල්ලීමක් කරති.
මීදුම පවතින අවස්ථා මඟහැර වරකට කිලෝ දහසක් දෙදහසක් පමණ දැල් පැසක එල්ලාගෙන මහමළුවට රැගෙන යන බව ගුවන් හමුදාව කියයි.
\
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල රජවරු බුදු දහම රැකගන්න අපට පුද පුජා තියන්න ඉදිකෙරූ ප්‍රජනීය ස්ථාන තවමත් අපි වන්දනා කරනවා. සමහර ස්ථාන ලෝක උරුමයන්. එවැනි ස්ථාන නව තාක්ෂනය සමග මුසු කරලා හදන එක ගැන අපි ස්තුති වන්ත වෙනවා.(නදී)
ඇත්තටම ගොඩාක් හොද වැඩක්.(නදී)
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙවන් බෞද්ධ උරුමයන් වැඩි දියුණු කොට පවතවග්ත යුතුමය . (ත)
අති උතුම් තුනුරුවන් රැකවරණින් ශ්‍රී සුමනසමන් දේවාශිර්වාදයෙන් මේ උතුම් කාර්‍යය සිද්ධ කරන්නේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාව කවදත් පැවරෙන රාජකාරිය ඉතා නිවැරදිව කරනවා.මේ උතුම් කාර්‍යයට සහසම්බන්ද වන සියලුම දෙනාට පින් සිදුවේවා! (අ)
ලොව් තුරා අමා මෑණි වු ඒ භාග්‍යවත් අරහත් සම්මං සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස් කාරය වේවා! ඔබ සැමගේ සත් කාර්යටට බෙහෙවින්ම පින්. අපිටද මේ පින් අනුමෝදන් වෙත්වා! (නදී)
බෞද්ධ උරුමයන් වැඩි දියුණු කරන ගමන් සිංහල ජාතිය වැඩි කරන ක්‍රමයකුත් හැකි ඉක්මනට කල යුතුයි. නැතිනම් තව අවුරුදු 100 ක් යන්ඩ කලින් පුජනිය ස්ථාන වදින්ඩ සිංහල ජාතියක් නැති වෙයි. බලදාරින්ගේ සහ මහනායක හිමිවරුන්ගේ අවදානය පිණිසයි.(නදී)
සාධු !!! සාධූ !!! සාධූ !!! උතුම් සම්බුද්ධ ශාසනයත් සිංහලයත් සුරකින්නට කැපවෙන්නට හිතට ගනිමු.(නදී)
සුමන සමන් දෙවි පිහිටෙන් මෙම වැදගත් කටයුත්ත සාර්ථක වේවායි පතමි. මෙම සත්කාර්ය සදහා දායක වන සියලුම විරෝධාර රණවිරුවන්ට නිදුක් නිරෝගි දිගාසිරි පතමි. (නදී)
සාධු සාධු! හැබැයි දරුවනේ ප්‍රතිපත්ති පූජාව තමයි උතුම්ම පූජාව. මේවා මොනවා කලත් වැඩක් නැ අපේ සිත යහපත් ලෙස පාලනය කරගන්න බැරි නම්.(නදී)
සාදු සාදු අලුත් අවුරුද්දේ මේ වගේ දෙයක් දැක්කම හිතට හරි සතුටුයි. මේ සදහා දායක වෙන හැමෝටම ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආශීර්වාදය හිමිවේවා. දකින හැමෝටම මේ ෆොටෝ ටික බලල සතුටුවෙන හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.(නදී)