IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දොළොස් මහේ පහනත් ශ්‍රී පාදයට ගුවනින්

ශ්‍රී පාදස්ථානයේ අලුත් දොළොස් මහේ පහන හා ඝණ්ඨාරයද ආවාස ගෙයක් තැනීම සදහා උපකරණ ද අඩංගු කිලෝ විසිදාහක් අද සිට ලබන පස් වැනිදා දක්වා එම් අයි 17 හෙලිකොප්ටරයක ආධාරයෙන් මහ මළුවට රැගෙන යාම ඇරැඹිණි.

නල්ලතන්නිය ලක්ෂපාන ක්‍රීඩාංගණයේ සිට  මහ මළුව දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදා වින් කමාන්ඩර්  එම් ඒ එස් කේ මහීපාලගේ නායකත්වයෙන් 50 ක පමණ බළ ඇණියක් එහි කඳවුරු ලා සිටි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන හෙයින් ලබන 5 වැනිදා තෙක් උදේ 6 සිට සවස 6 දක්වා ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් රාත්‍රී කාලයට කරුණා කරන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඉල්ලීමක් කරති.

මීදුම  පවතින අවස්ථා මඟහැර වරකට කිලෝ දහසක් දෙදහසක් පමණ දැල් පැසක එල්ලාගෙන මහමළුවට රැගෙන යන බව ගුවන් හමුදාව කියයි.

  

\

 

 



අදහස් (0)

දොළොස් මහේ පහනත් ශ්‍රී පාදයට ගුවනින්

මනෝජ් Friday, 03 January 2014 10:09 AM

සිංහල රජවරු බුදු දහම රැකගන්න අපට පුද පුජා තියන්න ඉදිකෙරූ ප්‍රජනීය ස්ථාන තවමත් අපි වන්දනා කරනවා. සමහර ස්ථාන ලෝක උරුමයන්. එවැනි ස්ථාන නව තාක්ෂනය සමග මුසු කරලා හදන එක ගැන අපි ස්තුති වන්ත වෙනවා.(නදී)

:       0       0

ශානක Friday, 03 January 2014 02:07 PM

ඇත්තටම ගොඩාක් හොද වැඩක්.(නදී)

:       0       0

බිම්සර සන්දගලතැන්න Thursday, 02 January 2014 08:51 PM

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙවන් බෞද්ධ උරුමයන් වැඩි දියුණු කොට පවතවග්ත යුතුමය . (ත)

:       0       0

අනුරාධ. Thursday, 02 January 2014 09:08 PM

අති උතුම් තුනුරුවන් රැකවරණින් ශ්‍රී සුමනසමන් දේවාශිර්වාදයෙන් මේ උතුම් කාර්‍යය සිද්ධ කරන්නේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාව කවදත් පැවරෙන රාජකාරිය ඉතා නිවැරදිව කරනවා.මේ උතුම් කාර්‍යයට සහසම්බන්ද වන සියලුම දෙනාට පින් සිදුවේවා! (අ)

:       0       0

ජගත් සෞදි Thursday, 02 January 2014 12:06 PM

ලොව් තුරා අමා මෑණි වු ඒ භාග්‍යවත් අරහත් සම්මං සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස් කාරය වේවා! ඔබ සැමගේ සත් කාර්යටට බෙහෙවින්ම පින්. අපිටද මේ පින් අනුමෝදන් වෙත්වා! (නදී)

:       0       0

නිශ්ශංක Friday, 03 January 2014 08:18 AM

බෞද්ධ උරුමයන් වැඩි දියුණු කරන ගමන් සිංහල ජාතිය වැඩි කරන ක්‍රමයකුත් හැකි ඉක්මනට කල යුතුයි. නැතිනම් තව අවුරුදු 100 ක් යන්ඩ කලින් පුජනිය ස්ථාන වදින්ඩ සිංහල ජාතියක් නැති වෙයි. බලදාරින්ගේ සහ මහනායක හිමිවරුන්ගේ අවදානය පිණිසයි.(නදී)

:       0       0

කසුන් කෞ Thursday, 02 January 2014 12:41 PM

සාධු !!! සාධූ !!! සාධූ !!! උතුම් සම්බුද්ධ ශාසනයත් සිංහලයත් සුරකින්නට කැපවෙන්නට හිතට ගනිමු.(නදී)

:       0       0

අමිල Thursday, 02 January 2014 12:45 PM

සුමන සමන් දෙවි පිහිටෙන් මෙම වැදගත් කටයුත්ත සාර්ථක වේවායි පතමි. මෙම සත්කාර්ය සදහා දායක වන සියලුම වි‍රෝධාර රණවිරුවන්ට නිදුක් නිරෝගි දිගාසිරි පතමි. (නදී)

:       0       0

ධර්ම Thursday, 02 January 2014 01:21 PM

සාධු සාධු! හැබැයි දරුවනේ ප්‍රතිපත්ති පූජාව තමයි උතුම්ම පූජාව. මේවා මොනවා කලත් වැඩක් නැ අපේ සිත යහපත් ලෙස පාලනය කරගන්න බැරි නම්.(නදී)

:       0       0

ධනුෂ්ක Thursday, 02 January 2014 01:21 PM

සාදු සාදු අලුත් අවුරුද්දේ මේ වගේ දෙයක් දැක්කම හිතට හරි සතුටුයි. මේ සදහා දායක වෙන හැමෝටම ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආශීර්වාදය හිමිවේවා. දකින හැමෝටම මේ ෆොටෝ ටික බලල සතුටුවෙන හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site