අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහරේ අවසන් දිනය වූ ඉරිදා (21) අභයගිරි සෑයේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කළේය.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන කාලිංග දේශයේ සිට දළදා වහන්සේ මහසෙන් රජුගේ පුත් සිරි මේඝවර්ණ රජුගේ රාජ්‍ය පාලනයෙන් නව වැනි වසරේ නැගෙනහිර වෙරළේ ලංකාපටුනෙන් ගොඩ බැස අනුරාධපුරයට පැමිණි පුවත සිහි ගන්වමින් අනුරාධපුර දෙදින දළදා පෙරහර ඓතිහාසික ශ්‍රී මහා බෝධියෙන් අරඹා රුවන්වැලි සෑය ද පැදකුණු කර සංඝමිත්තා මාවත ඔස්සේ ඇතුළු නුවර ඉපැරණි දළදා මාලිගාවට ගොස් මුල්දිනයේ ඓතිහාසික අබයගිරි සෑයට ද ගෙවැදුණේය.
රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද, කුඩා හල්මිල්ලෑවේ රතනපාල ජේතවනාරාමාධිපති හිමියෝ ද, පිංකමේ ප්‍රධාන ආරාධිතයා වූ උතුරුමැද මහඇමැති එස් එම් රංජිත් මහතා ද ඊට සහභාගී වූ අය අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේ රඟ දැක්වීම අනුමත කරන්නේ නැහැ , කාටවත් හෙම මාලා ධන්ත කුමරු වෙන්න බැහැ (දී)
මංජු ගේ අදහසට අපි ඔක්කොම එකගයි.පෙරහැර තියන එකේ මුලික අරමුණ දන්නේ නැති අයට අපි අනුකම්පා කරනවා (නි)
ඒ සිදුවීම විතරක් සිහි කලා නම් හෙඳයැයි මම සිතමි (අ)
ඍන ආකල්ප දරන්නන්ට අපි අනුකම්පා කරමු.මොකද නොදන්නා දේ ගැන දන්නවා වගේ සමහරක්, අදහස් ප්‍රකාශ කරනවා.අතීත සැමරුම්,උතුම් චරිත නාට්‍යානුසාරයෙන් හෝ සමාජයට ගෙනයෑමයි වැදගත් (නි)
මේක අල්ලාගෙන මෙච්චර දගලන්න එපා මිනිසුනේ. ඔහේලා පෙරහරක්වත් දැකලා නැති අය වගේනේ කතා කරන්නේ (දී)
වත්මන් දරු පරපුරට හරි අපුරු ආදර්ශයක්. (දී)
මේ සත්ව හිංසනය නැවැත්විය යුතුයි.(නදී)
බටහිර විකාරකාරී දේවල් මගින් අපගේ සංස්කෘතිය මේ වනවිට බොහෝදුරට වැනසී හමාරය (නි)
හේම මාලා දාන්නත කුමරුට අපේ මෙ ලෝකේ තවත් සම කරලා අරගන්න බැහැ මේවා කරන්න කරන අයට යන්න අපයක් නැහැ
විකාර (දී)
මෙය කලාවකි. පෙරහැරකි. අපි සාහිත්‍යය විචාරාත්මකව හදාරමු. රසවින්දනය තව එකකි. (දී)
විය නොහැක්කේ බුදු රජුන් වීම පමණි. සාලිය අසෝක සාමාන්‍ය මිනිසුන් ඒ නිසා රඟපෑම වරදක් නොවෙයි.(නදී)
හේමමාලාට සහ දන්ත කුමරුට ඉන්නේ කවුද කියලා අපිට දැනගන්න බැරිද? (නි)
අද දවසේ මෙවන් දෙයක් කරලා ඉතිහාසගත වෙන්න බැරි අපේ අයට මෙවන් දෙයක් රඟ දක්වලා පෙන්නන එකවත් බලන් ඉන්න බැරි තරමට කුහක වෙලා තියෙන හැටි(අ)
නියමයි මල්ලී.. (දී)
මල්ලී,ඉදිරියටත් මෙවන් පින්වත් චරිත නිරූපනයට වාසනා ශක්තිය ලැබේවා.. (දී)
ඒ කාලයේ අපේ දළඳා වහන්සේ ගෙන ආවේ හොරෙන්. කෙස් කළඹේ සඟවාගෙන. (නි)
ලස්සනයි හේමමාලා. මම දකින්නේ නැහැ මෙහි කිසිම අඩුපාඩුවක්. (දී)
මේ දෙදෙනා අනුරාධපුර සමාධි කලායතනයේ නැටුම් හඳාරන දෙදෙනෙක් නේද? (නි)
ශාක්ෂි සාධක ඇතුව අතීතයේ ඒ නමැති දෙදෙනෙකු විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා වැඩම කල බව අසා තිබුනත් එදවස සිටි පිරිස හැරුන විට ඔවුන් දෙපල දැක ඇති පුද්ගලයින් සිටින්නට නොහැක. ඔවුන් ගේ රුව ගුණ වරුණ ලියු අතීත පොත පතට අනුරූපව කෙනෙකුන් එම චරිතයට පන පෙවීම එතරම් වරදක් විය නොහැක. මන්ද මෙය හුදෙක් නිරුපනයක්ම වන බැවිනි. (දී)
ඊලග වෙසක් පෝයට අපිට තවත් අසිරිමත් දෙයක් දකින්න පුළුවන් වෙයි සමහරවිට (දී)
සැදැහැවතුන්ගේ සිත් පහන් කිරිම සඳහා මෙවන් දේවල් වැදගත් (නි)
විමල්, විකාර කියන්නේ මොනවද? මොලේ ටිකක් හොඳ මදි ඔයාගේ. (දී)
දමයන්ති ,ඔයා මම හිතන විදියට ගොඩක් හරි. මොකද නියම දළදා සමිදුන් වැඩ සිටින ඒ උතුම් කුටියට යන්න මටත් පිනක් පෑදුන වෙලාවේ මම ඒ දේ මගේ දෙනෙතින් දැක්කේ. හේමමාලාවන්ගේ හිසකෙස් එදා ඒ පිදු විදියටම දන්ත දාතුන් වටා තැන්පත් කර ඇති ආකාරය දැක්කා. අප මේ උරුමය රැකිය යුතුයි. ඒ හිසකෙස් හරිම පිවිතුරුයි.මගේ පරම්පරාවට වඩා ,උතුම් මිනිස්කම අපට වටිනවා (නි)
වර්තමානයට අවශ්‍ය කුමනාකාරයේ දේවල්ද යන්න සංවාදයට යොමුවිය යුතු ගැටළුවකි (දී)
අපගේ ඉතිහාසෙට ,සංස්කෘතියට ගරහන්නේ කළු සුද්දන්ය. මෙවැනි දේවල් අතීතය අමතකවී යන අපේ සමාජයට මහගු මෙහෙවරකි (නි)
සමහරු අදහස් වලින් මේ පිටුවත් කැත කරලනේ. (දී)
දන්ත කුමරුන් ගැන මට දන්නා කෙනෙක් කරුණු කියාදෙන්න පුළුවන්ද? (නි)
නිරුපනය කිරීමේ කිසිම වරදක් නැහැ.(නදී)
උත්තම ශ්‍රී දළදා, හිසින් ගෙන මොක් පුර රන් නෞකා බලන් සකි , සත් සමුදුරු ගැඹරේ.. අතීත ශ්‍රී විභූතිය විදහා දක්වන පින්වන්ත සිතිවිලි හදවතට ගලා එන මෙවන් උතුම් පින්කම් තව තවත් කිරීමට සැමටම පින් සිතුවිලි පහල වේවා! (දී)
පෙරේරා, ඔබ හරියටම හරි. (දී)
මේ චරිත නිරූපනය කළ දෙදෙනා මේ සිංහල බෞද්ධ රටට සදා හිතැත්තන් වේවා!(නදී)
අසාද් මොකක්ද මෙතන කෙරෙන සත්ව හිංසනය?(අ)
බුද්ධ චරිතය, ජේසුස් චරිතය වගේ අසමසම චරිත රංග දක්වපු ශ්‍රේෂ්ට නළුවන් සාමාන්‍ය මිනිස්සු. දහම් පාසලේ වේදිකාවේ බුද්ධ චරිතය රගපාන්නේ සාමාන්‍ය දරුවන්. මහන හා මෙහෙණි චරිත රඟපාන නළු නිලියන් සාමාන්‍ය මිනිස්සු. ඉතින් අතීතයේ ශ්‍රේෂ්ට චරිතයක් සාමාන්‍ය පුද්ගලයෙක් නිරූපණය කිරීමේ වරද මොකද්ද? වැදගත් වෙන්නේ අපට එයින් ඉගෙනගන්න හා ආවර්ජනය කරගන්න තියෙන දේ පමණි. (නි)
ඒ කාලේ බෞද්ධ කොඩියත් තිබුනද?(නදී)
ඉතිහාසය රගදැක්වීමේ වරද කීම....?මේ ගොල්ලන්ට පිස්සු....(අ)
සියලුම දේ ලස්සනයි අලංකාරයි. (නදී)
ලස්සනයි ,අලංකාරයි ,පංකාදු පහයි (.නිමල් ඒකාලේ බෞද්ධ කොඩියනම් තිබුනේ නැහැ . හැබැයි ඔයාලවගේ අය හිටියෙත් නැහැ ) (දී)