වෙඩි වැදීමෙන් තුවාල ලබා සති දෙකක පමණ කාලයක් ගල්ගමුව කොක් වැව මහවැව රක්ෂිතයේ සිටින ගල්ගමුව දළ පුට්ටුවාගේ වම් පාදයේ තුවාලය වැඩිවී ඇතැයි  ඇතාට ප්‍රතිකාර කරන වෛද්‍ය චන්දන ජයසිංහ හා විජිත යාපා යන මහත්වරු පවසති.

අද යළි තෙවැනි වරටත් ප්‍රතිකාර ඇරැඹුවද සාර්ථකව ප්‍රතිකාර කිරීමට නම් ඇතා නිර්වින්දනය කළ යුතු යැයිද එහෙත් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව එසේ කිරීම ද අපහසු බව ඔවුහු කියති.

ඇතා පිළිබඳ අධ්‍යයනයකින් පසු නිර්වින්දනය කැර ප්‍රතිකාර කරනවා ද යන්න පිළිබදව තීරණයක් ගන්නා බවද ඔවුහු සඳහන් කරති.