මේ රොෂෙල් මධුෂිකා හඳුනනවාද? නිරූපණ සහ දැන්වීම් ක්ෂේත‍්‍රයට ඇය නැතුවම බැරි ශිල්පිණියකි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන මේ රොෂෙල් එක් වතාවක දී නොව, දහස් වතාවකටත් වඩා වැඩි අවස්ථාවක දී මනාලියක වූ බැව් කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? නමුත් එය සැබෑවක් ම ය. හැබැයි ඇය එලෙසින් මනාලියක වූයේ සැබෑ ජීවිතය වෙනුවෙන් නොවේය. සැබෑ ජීවිතයේ එක් වතාවකදී පමණක් මනාලියක වූ මේ රොෂෙල් දහස් වතාවකට වඩා මනාලියක ලෙස පෙනී සිටියේ නිරූපණ ක්ෂේත‍්‍රයේදී ය. එලෙසින් නිරූපණයට පමණක් දායක වන රොෂෙල් එක්ක අපි විස්තර ටිකක් කතා බහ කරමු.
මම රොෂෙල් මධුෂිකා ලියනගේ, ගම ගල්කිස්ස. ඉගෙන ගත්තෙ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්. කලා අංශයෙන් අධ්‍යාපනය කළේ.
දක්ෂතාවය වගේම ලොකු උනන්දුවක් ඒ අංශය සඳහා ඇති බව මම දැන සිටියා. ඒ වගේම බ‍්‍රයිඞ්ල් අංශයට වඩා හොඳයි කියලත් හිතුවා.
මුලින්ම රූපලාවන්‍ය ශිල්පිනී ෂෙහානා පෙරේරා යටතේ මනාලියක ලෙස නිරූපණයට මට අවස්ථාවක් ලැබුණා. ඊට පෙර රූපලාවන්‍ය ගැන පාඨමාලාවකුත් හදාරා තිබුණා. එදා ෂෙහානා යටතේ මනාලියක ලෙස හැඩවීමෙන් පසුව නිරන්තරයෙන්ම ඒ සඳහා ආරාධනා ලැබුණා.
පසුගිය අවුරුද්දෙ විතරක් අවස්ථා 600 කට වඩා මනාලියක ලෙස පෙනී සිටීමේ අවකාශය ලැබුණා.
මොන දේ කළත්, අපි එය වෘත්තිය මට්ටමින් කරනවා නම් අඩු මුදලට කළ යුතු නැහැ. වෘත්තිය වටිනාකම ලබා දිය යුතුයි. ඉතින් මම මගේ තක්සේරුවට අනුව එන ඒවා විතරයි බාරගන්නේ.
උඩරට, පහතරට, දමිළ, හින්දු මේ සෑම විදියකටම හැඩ වෙන්න ලැබුණා.
බ‍්‍රයිඞ්ල් සහ විලාසිතා නිරූපණය වගේම රූපවාහිනී දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා.
මේ නිරූපණ කටයුතු නිසා රඟපෑම සඳහා කාලය වැය කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම මට දෙබස් කීමේ අඩුපාඩුවක් තියෙනවා. එනම් සිංහල භාෂාවෙන් වචන උච්චාරණය එතරම් පැහැදිලි නැහැ. ඒ නිසා තමුන්ට පුළුවන් දේ විතරක් කිරීම හොඳයි.
ඇත්තටම ඒ වෙනුවෙන් ආරාධනා ලැබුණා. ඒත් මම දායක වුණේ නැහැ.
මම ඒකට හරිම ආසයි. බොහෝම උනන්දුවෙන් එය කරන්නේ. බල්ලෙක් මහමගදි දැක්කොත් කෑම දීලා තමයි එන්නේ. එයින් මම ලොකු සතුටක් ලබන්නේ.
ඇය නිරූපිකාවක් වන්නෙ වේදිකාවේ හෝ කැමරාව ඉදිරියේදී විතරමයි. එතැනින් එහාට වූ බැඳීම් නැහැ. මගේ පවුල සහ මගේ ගරුත්වය අංක එකට හිතන්නෙ. අසාධාරණයක් දුටු තැන මට කේන්ති යනවා. ඒ වගේම කා ගැනවත් ඕපාදූප කතා කිරීමේ පුරුද්දක් හෝ තව කෙනෙක් කියන ඕපාදූප ඇසීමේ පුරුද්දක් මට නැහැ. මම හිතන්නෙ මම නිරූපණ වෘත්තිය ගරුත්වයෙන් කළ යුතුයි කියලා විතරයි.
විලාසිතා නිර්මාණය හා හැඩගැන්වීම ලක්කිත උක්වත්ත
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල්
හේමන්ත Tuesday, 29 December 2015 09:47 AM
හොදයි, හොද ගතිගුණ සහ එයාගේ තරම දන්නා කෙනෙක්, ගොඩක් අය තමන්ට කරන්න පුළුවන් දෙය බැරිදෙය ගැන දන්නේ නැහැ. මෙයා එක දන්නවා, (කෞ)
සමන් Monday, 11 January 2016 03:22 PM
මට හිතෙන්නෙම මේගොල්ලෝ කරලියට එන්නේ රෑ රැජින වුනාට පස්සේ කියල .(කෞ)
ජැකී Monday, 04 January 2016 03:14 AM
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී. (ස)
රොෂාන් Tuesday, 29 December 2015 07:53 AM
ඈත්තෙන්ම ගොඩක් ලස්සනයි (කෞ)
වසන්ත Tuesday, 29 December 2015 12:26 AM
ඔබ සැබවින්ම ලස්සනයි (නි)