සංගීතය ඇයගේ ප‍්‍රකාශනය වූයේය. නමුදු සරසවි ඉම දක්වා සංගීත දැනුම ලබාගත්තද මේ වන විට ඇයගේ ආත්මීය ප‍්‍රකාශනය වී ඇත්තේ රංගනයයි. ඒ රංගනයට ඇය සතු නර්තන සහ ගායන හැකියාව සංකලනය වී ඇතැයි, සිතේ. එලෙසින් වේදිකා, පුංචි තිරයයෙන් හමුවන ඇය මාදනී මල්වත්තගේය. ඔබට තවත් අමුත්තියක නොවූ ඇය මේ සූදානම් වන්නේ, දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජන නාට්‍ය උළෙලක් ඉදිරිපත් කිරීමටය. මෙම නාට්‍ය උළෙලට ”ජගන්මා”, සුද්දෙක් ඔබ අමතයි, මහ සමයම, කලූ කුමාරී, සෙල්ලම් නිරිඳු යන නාට්‍ය ඇතුළත්ය. විශිෂ්ටතම නිළියකගේ සම්මාන රංග භූමිකාව ”මාදනී” ලෙස මෙම උළෙල පැවැත්වෙන්නේ ජනවාරි 10 සිට 14 දක්වා ලයනල් වෙන්ඞ්ට් රඟහලේ සහ 12 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදීය. සද්ජන සහෘද සංසදය ඉදිරිපත් කරන මාදනීගේ නාට්‍ය උළෙල අබිමුව අපි ඇයගේ හඬ අවදි කරමු මෙසේ.
මාදනී වේදිකාවේ පිට - පිටම හොඳම නිළිය ලෙස ඔබ වසර තුනකදීම සම්මාන ලැබුවා. වසර හයකදීම ඒ සඳහා නිර්දේශත් වුණා. එලෙසින් රංගන ශිල්පිනියක වීම ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
|
|
|
|
පේ‍්‍රක්‍ෂකයා බලාගෙන සිටින සැහැල්ලූවේ තරමට රංගනය යනු සැහැල්ලූ දෙයක් නොවෙයි. එය පුංචි කාලයේ සිටම තිබූ ආසාවක, බලාපොරොත්තුවක ඵලයක්. ඒ ඉටු වූ බලාපොරොත්තුව සමග නිතරම මට කඩඉම් පසු කළ නාට්‍ය කරුවන්ගේ කඩඉම් වූ නාට්‍ය ඇතුළු හොඳ නාට්‍ය රැසක රඟපාන්න ලැබුණා.
එලෙසින් ඔබ රංගනය නොකළා නම් ?
බොහෝ විට සංගීත අංශයේ ගුරුවරියක වීමට ඉඩ තිබුණා. හැබැයි සරසවි ඉම දක්වා සංගීතය කළාට මට තිබුණෙ නාට්‍ය උණක්.
ඇයි නාට්‍ය උණක් ඇතිවුණේ ?
පුංචි කාලයේ ඉඳලාම හොඳ නාට්‍ය නැරඹීමේ අවකාශයක් තිබුනා. පසු කාලයක එය රංගනය දක්වා විහිදී ගිය පසු ගායන සහ නර්තන හැකියාවත් ඊට මුසු කරන්න පුළුවන් වුණා. මගේ නාට්‍ය උණ හොඳවුනේ නැහැ. තවමත් මට තියෙන්නෙ හොඳ නාට්‍ය රංගනයක යෙදීමේ පිපාසයයි.
මේ නිසා ඔබට ආර්ථික අතින් වාසි සහගත වුනාද ?
දියුණු රටවල තරම් වෘත්තීය වටිනාකමක් හෝ වෘත්තීය තත්ත්වයක් නැහැ. අපේ වේදිකාවට නම් ආර්ථික වටිනාකමක් කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. ටෙලි චිත‍්‍රපට සහ වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීමෙන් නම් ආර්ථික වාසි ලබා ගත හැකි බව මගේ හැඟීමයි. කොහොම වුනත් හැකියාවන් අනුව අපි අපේ වටිනාකම ඇතිකර ගත යුතුයි.
ඔබ පමණක් නොවෙයි, සැමියා සහ පුතාත්, රඟපෑමට සම්බන්ධයි. පවුලම රඟපෑම ගැන හිතන්නෙ කොහොමද ?
සැමියා කීර්ති මට හමුවන්නෙ කලාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදීයි. ඇත්තම කිව්වොත්, ඔහු රඟපාන්නේ මටත් පෙර සිටයි. ඔහුගෙ හමුව මගේ මේ ගමනට ලොකු ආලෝකයක් වුණා. පුතාටත් අපි දෙන්නගෙ ආභාෂය එන්න ඇති.
වේදිකාවේ බොහෝ නාට්‍ය වගේම ටෙලි නාට්‍යයත් අද බොහෝ ජනප‍්‍රිය නිර්මාණ බවට පත්වන්නෙ නැහැ. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද ?
ටෙලි නිර්මාණ දිහා බැලූවොත්, නිර්මාණ ලෙස බිහි වන්නෙ බොහොම ටිකයි. බොහෝ ඒවා රොබෝ අච්චු වගේ බිහිවන ඒවායි. අවශ්‍ය ශිල්පීය දායකත්වය නැහැ. නළු නිළියන්නාට්‍ය කම්කරුවෝ බවට පත්වෙලා ඒ නිසා බලන පිරිසට වඩා නොබලන පිරිස වැඩි බව හිතෙන්නෙ වේදිකා නාට්‍ය සමග ගමින් ගමට යන විට ලැබෙන ප‍්‍රතිචාර අනුවයි. බොහෝ වේදිකා නාට්‍ය කෙරෙහි ජනතාවගේ තිබෙන්නෙ ලොකු ප‍්‍රබෝධයක්.
”මාදනී” නාට්‍ය උළෙලට ඇතුළත් නාට්‍ය රඟපෑමේදී වෙච්ච සිදුවීම් එහෙමත් ඇති නේද ? ඒ ගැනත් විස්තර කළොත් ?
”ජගන් මා”
මෙය සටන් කලාව එක්ක විකාශය වන නාට්‍යයක්. ඒ නිසා සටන් ගැන පුහුණු වන්නත් සිදුවුණා. මෙහි එක්තරා දර්ශනයකදී සම්පත් තෙන්නකෝන් මට එල්ල කරන පොලූ පහර වැරදිලා මගේ හිස මැදට වැදුණා. ඉතා දරුණු වේදනාවක් ඇති වුණත් සජීව දර්ශනයක් නිසා එය සඟවාගෙන මට රඟපාන්න සිදුවුණා.
සුද්දෙක් ඔබ අමතයි
මෙය සම්ප‍්‍රදායික විදියෙ නළුxනිළියන් එකිනෙකා දෙබස් සමග ගැටෙන නාට්‍යයක් නොවෙයි. විනාඩි 40ක් පමණ වේදිකාව මත කතා කරන චරිතයක්. මේ කතාව වෙතින් පේ‍්‍රක්‍ෂකයා ග‍්‍රහණය කර ගත යුතුයි. නාට්‍යයක් වන, එහෙත් නාට්‍යයක් නොවන එකක් වන මෙහි දෙබස් මතක තබා ගැනීමම අභියෝගයක් වුණා. ඒත් පුහුණුව නිසා ඒ අභියෝගය ජය ගත්තා.
මහ සමයම
මේක ඇත්තටම දෘෂ්‍ය කාව්‍යයක් වගෙයි. එක්තරා අවස්ථාවක වේදිකාවේ එක් කෙළවරක සිට තවත් කෙළවරකට පෙරළිලා යන්න තිබුණා. ඒ දර්ශනය හරියට ගඟක් තරණය කරන්නාක් වගෙයි. මේ දර්ශනයට දැලක් වගේ දෙයක් යොදාගෙන තිබුණා. පෙරැලීගෙන යනකොට දැලේ එතිලා මාව ලිස්සා ගොස් වැටුණා. ඒත් රඟපෑම අතෑරියේ නැහැ. දිගටම කළා. පේ‍්‍රක්‍ෂකයාට එය දැනුණෙ නැහැ.
කලූකුමාරි
මෙය ගායනයxරංගනය සහ නර්තනය ඇතුළත් නාට්‍යයක්. මට මගේ සියලූ දක්‍ෂතා ඒ නිසා පෙන්වීමේ හැකියාව ලැබුණා.
සෙල්ලම් නිරිඳු
මෙහි කතා තේමාව දස්කොන් පුවතයි. මම රඟපෑවේ සුමිත‍්‍රා බිසවගේ චරිතයයි. මේ නාට්‍ය වේදිකාගත වන දිනවල තවත් නාට්‍යයක් ”දස්කොන්” නමින් වේදිකාගත වුණා. ඒ නාට්‍යයේ සුමිත‍්‍රා බිසව ලෙස රඟපෑවෙත් මමයි. හැබැයි චරිත දෙක එකිනෙකට වෙනස්. දෙබස් පවා වෙනස්. ඒත් ඒ අත්දැකීම මට කවදාවත් අමතක කළ නොහැකියි.
හැඩගැන්වීම් - සමාධි නානායක්කාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසේ හැටියට ඇදුම පැලදුම තිබුනා නම් අගෙයි නේද? (නදී)
මම මාදනී ඉන්න වේදිකා නාට්‍ය බලල නෑ . ඒත් ටෙලිනාට්‍ය වල රඟපාන හැම චරිතයක්ම අති විශිෂ්ට්යි. මේ මේකප් එකනම් දිරවන්න අමාරුයි. (දී)
වසර දහයක් පුරා ඔබේ රැගුම් දිවිය ඉතාමත් සුන්දරයි (දී)
මාදනීට මක් වෙලාද. මම පින්තුර ටික විතරක් බලාගෙන පහලට ගියා. කව්ද කියල හොයාගන්න බැරුව ආපහු උඩට ගිහින් කියවල තමා නම හොයාගත්තේ. (නදී)
අයියෝ, මාධිනිත් විකාර ලෝකෙට ආවද ? එපා නංගියේ, එපා. යහපත් ආදර්ශමත් අම්ම කෙනෙක් වෙන්න , අපි ඔයාට හුගාක් ගරු කල , ප්‍රිය කල ප්‍රේක්ෂකයෝ.(නදී)
මදිනි මම දුටුවේ පුංචි තිරේ. එකක් දෙකක වගේ නමුත් අමුතුම හැඩ තලයක් තිබෙන චරිතාංග රංගනයක් පිළිබිඹු කල.කෙනෙක් හැමතැනම නැති ඩොමී ජයවර්දයන්ගේ සිත්‍රී පාර්ශ්වය නියෝජනය කල හැකියාවක් තිබේ (දී)
තරහ කාරයෙක් මේක් අප් කරලා වගේ.(නදී)
මේකප් දාලා කැත වෙලා (දිල්)
සෑම ගැහැණියක් ලගම විවිදාකාර ලස්සන තියනවා. ගොඩක් අය තමන්ගේ වයසට වඩා අඩුවෙන් පෙනෙන්න මේකප් වලින් උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නේ තියන ලස්සනත් නැති වෙන එක. ඔයා හොද නිලියක්. නිර්වයාජ වෙන්න ජයවේවා! (නදී)
විකාර රූපී වෙලානේ.(නදී)
ඔබ 2012 වසරේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ තිබුණු වේදිකා නාට්‍යයෙන් පස්සේ රෑ තිබුණු පාර්ටියට ඇදන් හිටපු ඇදුම හරි ලස්සනයි. මේ මොකක්ද මේ ඇදන් ඉන්නේ, (නදී)
ඇත්ත තමයි අනේ ආයි නම් ඔයා ඔය විධියට අදින්න එපා. දෙරණ ලිට්ල් ස්ටාර් එකට ආරාදිතයෙක් විධියට ආවෙ ඔයා නේද ඔයා හරි ලස්සන කෙනෙක් ඒ වගේම දක්ෂ කෙනෙක්. මම කැමතිත් ඒ සරල ඔයාට. ජය වේවා....! (නදී)
අනේ අපරාදේ අපේ හිතේ ඇදිල තිබිච්ච සරල මාදනීව කාලා. සරල සිංහල ගැමි ප්‍රතිරූපය කොච්චර ලස්සනද ? ආයෙ නම් යන්න එපා ඔය හැඩ ගන්නපු කෙනා ලගට. කොච්චර කැතට සංකර කරලද අපිට එපා ඔය මාදනී.(නදී)
ඇදුම තමා වැරැද්ද (දී)
රංගනයනම් ගොඩක් ලස්සන උනාට ඔය ඇඳුමට වඩා ගොඩක් චාම් ඇඳුමක් ඇඳලා මේකප් නැති උනානම තවත් හරිම ලස්සනය් ..... (දී)
ඔයාගේ නාට්‍යය උළෙලට මගේ සුබ පැතුම්. (අ)
මම කැමතිම කළා කාරිනියක් , මොකද මේ වෙනස (දී)
අපේ සුභපැතුම් ඔබට (දී)
මේ විකාර මොස්තරේ නිසා ප්‍රේක්ෂකයින් කෙරෙහි තිබු ඇල්ම අඩුවෙනවා(දිල්)
ඔයා ගෝනියක් කපලා ඇඟට දාගත්තත් හැඩයි. ඒ නිසා විකාර නම් කරන්න එපා. ඔබට සුභ අනාගතයක්.(නදී)
ඔබට සුබ අනාගතයක් පතනවා.(දිල්)
මාධනි ඇත්තටම ලස්සන කෙනෙක්. ඒත් මේ විකාර හැඩ ගැන්වීම් නිසා එයා කැත වෙලා.(නදී)
මේකප් එක නම් ෆුල් චාටර් (අ)
දැන් කාලේ අපේ රටේ ගොඩක් නිලියෝ මේ වගේ ලිපියකට එක් කරන අසීමිත මේකප් තට්ටු නිසා ඒ අය කව්ද කියලවත් හොයාගන්න අමරුවෙනවා..මේ ටික කාලෙට මම දැක්කා ඒ වගේ කීප දෙනෙක්. පොඩ්ඩක් ඒ දේ ගැනත් හිතන්න. (නදී)
ඔයාගේ ලස්සනට අමුතුවෙන් මේකප් අවශ්‍ය නෑ. වයසේ හැටියට ඇදුම පැලදුම තිබුනා නම් අගෙයි. ඇඳුම ගැන තව සැලකිලිමත් වෙන්න.(නදී)
ඔයාගේ හෙයාර් ස්ටයිල් එක නම් අවුල. ඔයාට ගැලපෙන්නේ නොර්මල් කොන්ඩේ. (නධී)