කොළඹ ජාතික අක්ෂි රෝහලේ වසර 32 ක් සේවට කර විශ්‍රාම ලැබු අක්ෂි ශල්‍ය වෛද්‍ය චම්පා බානගල මහත්මියට උපහාර දැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කළ ඇගයුම් උත්සවයක් එම රෝහලේදී පැවැත්විණි.
චම්පා බානගල මහත්මියගේ 60 වැනි ජන්ම දිනයද අදට යෙදී තිබිණි.
ඇයගේ සැමියා වන විශේෂඥ වෛද්‍ය උපාලී බානගල ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල ,ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි,ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට දීර්ඝායුෂ පතමි (නි)
මෙලොව දෙවියන් ඔබටි. මම මෙතුමියව හමුවෙලා හෝ දැකලා නැහැ.නමුත් ඔබට හොද ප‍්‍රතිචාර තිබෙනවා. ලෝකයේ උතුම්ම සේවය අංහිසක රෝගීන් වෙනුවෙන් කළ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා. (නි)
මෙවැනි කලගුණ සැලකීම් අති උදාරයි.සුවහසක් රෝගීන් සුවපත් කල ඔබතුමියට දීර්ඝා යුෂ ලැබේවා.. !!!! (ස)
දීර්ගායු වේවා ඔබ තුමියට.(නදී)
ඔබතුමියට දීර්ඝායු වේවා!(දිල්)
ඔබ තුමියත් සමග අප කිලිනොච්චියේ, නොමිලයේ පැවැත්වූ අක්ෂි සායනය අද මෙන් අපට මතනයි. ඔබ වැනි නිහතමානී වෛද්‍ය වරියක් ඉන්නවද යන්නත් නොදනී. ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ලැබේවා ! (නදී)
ඔබ ගියාට නැවත එන්න රෝගීන් සුවපටත් කරන්න. (නදී)
සියක් ආයු බෝ වේවා! (නි)
තිරුවානා ගල් රජ කරන යුගයක ඔබලා වැනි උතුම් පුද්ගලයන් මේ රටේ සිටීම ගැන අපි සතුටු වෙමු. ඔබ තුමිය දායාද කර ඇති ගුරු දියණියද ඉතාම උතුම්ය. අපි ඔබට හදවතින්ම දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණ පතමි. (ස)
ඔබතුමියට දීර්ඝායුෂ පතමි (නි)
මිහිපිට ඉන්නා දෙවිවරු ඔබයි. නිදුක් නිරෝගී විශ්‍රාම සුවයක් වේවා! ඔබට,ඔබෙන් නෙත් පෑදුණු සියල්ලටමත් දීප්තිමත් අනාගතයක් වේවා! (නි)
ඔබ තුමියට දීර්ඝායු වේවා !!!! (ස)
විශ්‍රාම යනවාද, වැඩ බාර ගන්නවාද? මෙතුමිය එතරම්ම තරුණයි. විශ්‍රාම යවන්න එපා. මෙතුමියට තව චිරාත් කාලයක් ලාංකිකයින්ට සේවය කිරීමට ඉඩ ලැබේවා!!!! (ස)
හැටක් වුවත්, එය නොපෙනෙන ,රටක් වටින,පින්බර, හොද රුවක්. උතුම් ලස්සන වැදගත් උත්සවයක්. සියලුම දෙනාට පින්. (නි)
ඔබ තුමිය ගැන අසා කියා තිබුනත්, කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි වෙදැදුරු තුමිය ඔබ ප්‍රසිදධ බානගල වේද පරපුරේ සම්බන්ධ කෙනෙක් නිසා ඔබට කරුණාව දයාව අනුකම්පාව සහ දක්ෂකම ලැබී තිබෙන බව මට හිතෙනවා ...ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. (ස)
ඔබතුමිය කළ සේවය අමරණියයි මැතිණියනි. දිර්ඝායු වේවා! (නි)
ඔබ බොහොම පින්කළ කාන්තාවක්. මේ ඔබේ පින්වත් අත් දෙකෙන් කළ ඒ මහඟු සේවය දිගටම කරගෙන යන්න. නවත්වන්න එපා. නෙදර්ලන්තයේ සිට ඔබට ජය පතනවා (නි)
ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)
මෙතුමිය ඉතාමත් කරුණාවන්ත, ඒ වාගේම පින්බර කාන්තාවක් තමන් ළඟට එන ඕනෑම කෙනෙකු තමන්ගේ කෙනෙකු මෙන් සළකන උදාර මාතාවක්. මැතිණියනි, ඔබට හැට වසරක් ගතවී ද සිතිය නොහැකියි. ඔබට දීර්ඝායුෂ පතමි. මගේ මවගේ දෑසම සුවපත් කළේ ඔබයි. ඔබ මෙලොවට දායාද කළ මවටත් පියාටත් ජාතියේ ගෞරවය හිමි වේ. (ස)
ඔබ තුමියට දීර්ඝා යුෂ පතමි...! (ස)
ඔබතුමියට දීර්ඝායු වේවා..!!! මගේ තාත්තාටත් බෙහෙත් කළේ ඔබතුමියයි (නි)
මෙතුමිය අකෂී වෛද්‍ය සංගමයේ සභාපතිනියව සිටියදි දිවයින පුරා මසකට වරක් රෝගින් සියයකගේ අක්ෂි කාච නොමිලයේ ලබා දී ශල්‍ය කර්ම සිදුකළා. (නි)
ලක් ජනයාගේ නෙත් සුවපත් කල ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතමි. (ස)
විශ්‍රාම ගියාට නැවත අප අතර සේවය කිරීමට පතමි. ඔබට දීර්ඝායුෂ. (නි)
සුභ පතනවා! (නි)
තව අවුරුදු කීයක් වැඩ කරන්න තිබුණු ජීවිතද? මේ වගේ අය ඇමරිකාවේ හිටියා නම් කියන්න තිබුනා වටිනාකමේ තරම (නි)
ගොහොරු මඩ වලේ පිපුන සුවඳවත් නෙලුම් මලකි ඔබ. (ස)
පළමුව ඔබ තුමියට දිර්ගායුෂ, දෙවනුව ඔබ තුමිය මගේ ශ්‍රී ලංකාවට ලබාදුන් දෙමාපියන්ට, ගුරුවරුන්ට දෙවියන්ගේ ආශීර්වාදය ! ඔබ මගේ රත්‍රන් රටට නිම කල නොහැකි වස්තුවක්. ප්‍රදාන හේතුව ඔබගේ නිහතමානී ගති ගුණ, දහසක් නෙත් සුවපත් කරන්න චිරාත් කාලයක් ඔබව දෙවියන් රැකදේවා.(ස)
දහස් ගන්නන් නෙත් සුවපත්කල ඔබතුමියට ඒ පිනෙන් කිසිදු දුකක් කරදරයක් නොවේවා! (ස)
මෙන්න අපෙනුත් සුබපතුමන් ... 32 වසරක සේවයට උපහාර කල හැමටමත් අපෙන් ස්තුතියි..(ස)
ඔබතුමියට නිරෝගී සුවය මෙන්ම දීර්ගයුෂ පර්ත්නනය කරමි (ස)
ශ්‍රී ලාංකික අපට, ඔබ වැනි අය පෙන්වන කැපවීම සහ ගෙනදෙන ගෞරවය මිල කල නොහැක.
ඔබ තුමියගේ වසර 32 ක අවංක නිහතමානී සේවය අගය කරනවා.මිනිසුන් අතරේ දෙවිවරු ඔබ වැන්නය.ඔබ තුමියටත් නිරෝගී විශ්‍රාම සුවය ප්‍රාර්ථනා කරමි. (ස)
ඔබ දෙපලම [උපාලි බානගල ,චම්පා බානගල.]ඉතාම නිහතමානී වෛද්‍ය දෙපළකි.මුදලට වඩා සේවය අගය කළ ඔබතුමියට නිරෝගී සුව පතමි. (නි)
ඔබ ගොඩක් වාසනාවන්තයි. පින්වන්තයි. (නි)
කරුණාවන්තකම කියලා වැඩක් නැහැ. සියක් ආයු බෝ වේවා! වැදු මවටත්, උපන් රටටත් ණය නැති අය තමයි මේ (නි)
ඔබතුමියට දීර්ඝායුෂ පතමි (නි)
ඔබතුමිය ඉතා කැපවීමකින් ඔබතුමියගේ සේවය ඉටු කළ බවත් එමගින් ඉමහත් තෘප්තියක් ලැබූ බවත් කවුරුත් දන්නවා. එම තෘප්තිය හා සතුට ඔබතුමියගේ හදවත තුල සැමදා පවතීවි. ඔබට නිරෝගී සුවය පතමි. (නි)
හෘදයාංගම සුභ පැතුම්! (නි)
ඇය හරිම ලස්සනයි (නි)
පින්වත් මැතිණියනි,ඔබතුමියගෙන් මා ප්‍රතිකාර ලබා නැතත් අසා ඇතිපරිදි කරුණා ගුණයෙන් පිරුණු ඔබතුමියගේ දෑතින් සුවපත් වූ දෑස් බොහෝයි. ඒ උතුම් කාර්ය කිරීමට බානගල මැතිතුමාගෙන් ලැබුණු අනුපමේය පිටිවහලත් ප්‍රසංශනීයයි.ඔබතුමිය වැනි උත්තමාවියන් පහළවන්නේ දැයේ පිනටය.ඔබතුමිය රටට දායාද කළ ඒ උතුම් දෙමවුපියන්ටත් ඔබතුමියත් පවුලේ සැමටත් දිව්‍ය සැප අත් වේවා! සසර කෙළවර අමා මහ නිවනින් සැනසේවා! (නි)
ලෝකයේ උතුම්ම සේවය අංහිසක රෝගීන් වෙනුවෙන් කළ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඇයි මෙතුමියගේ සේවය දීර්ඝ කරන්න බැරි? (නි)
දීර්ඝායු වේවා ඔබතුමියට.නැවත එන්න රෝගීන් සුවපත් කරන්න. (නි)
ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)
ඔබතුමියට නිරෝගි සුවය පතමි. ඔබට හොද විශ්‍රම සුවයක් (අ)
නෙතු අග රැදුණු කඳුලක දුක නිවූ ඔබතුමියට දීර්ඝායු ලැබේවා! (නි)
ඔබතුමියට ආයු බෝ වේවා! (නි)
ඔබතුමියට දීර්ඝායුෂ පතමි. සුභ පැතුම්. (නි)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඹබ ජීවත් වේවා.....! (ස)
උපන් බිමට ණය නැති මිනිසුන් (නි)
මම මෙතුමියව හමුවෙලා තිබෙනවා පුද්ගලික රෝහලකදී. මෙතුමිය කිව්ව දෙයක් තමයි ලොකු ලොකු ඇස් කණ්ණාඩි කඩෙන් කණ්ණාඩි ගත්තත් පොඩි තැනකින් ගත්තත් එකයි, වෙනසක් නැහැ කියන එක. ඊට පෙර එක දොස්තර කෙනෙක් අහවල් තැනට ගිහින් ඇස් වල පරීක්ෂණයක් කර ගන්න කිවුවා, ඒ දොස්තර පරීක්ෂණය කරගන්න කියලා ලියලා තිබෙන කොලය දීලා තියෙන්නෙත් එතනින්.මෙතුමිය කිවුවා ඔයාගේ ඇස් වල එහෙම ලෙඩක් නැහැ, බොරුවට සල්ලි වියදම් කරන්න එපා කියලා. අද අහිංසක මිනිසුන්ගෙන් සල්ලි හුරා කාලා අපායට යන්න ඉන්න දොස්තරලා අතර ඔබතුමිය දෙවි කෙනෙක්! (නි)
මෙවන් උතුම් පින්කමක් කළ ඔබතුමිය නිදුක් නීරෝගීව සියක් වසක් යෙහෙන් වැජඹේවා! (නි)