IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දෙහිවලින් ‘මැකෝ‘ ගිරවෙක් සොරාගෙන ගිහින්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල්  කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු  සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

 

 

 



අදහස් (15)

දෙහිවලින් ‘මැකෝ‘ ගිරවෙක් සොරාගෙන ගිහින්

සෙනෙවිරත්න Sunday, 08 June 2025 03:31 PM

බලන්නකෝ සත්තුවත්තේ ගිරවෙක් රැකගන්න බැරි ජනාධිපති කෙනෙක් අපට ඉන්නේ. නේද යෝගා?

:       55       8

donSunday, 08 June 2025 06:29 PM

ජනාධිපති ඉන්නේ සත්තු වත්තේ ගිරව් රකින්න නෙවෙයි. ඒකට තමයි සේවකයෝ පත්කරලා තියෙන්නේ.

:       0       23

වෑල්ඩින් ආචාර්යSunday, 08 June 2025 07:32 PM

මැකෝලා ගණන් කරන්න ගමුද සෙනෙවිරත්න? දැන් රිලව් ටික සනීපෙන් ඉන්නවාද දන්නේ නෑ නේ?

:       6       7

චතුරිSunday, 08 June 2025 09:01 PM

අනේ මෙහෙමත් මෝඩයින්. ජනාධිපති ආවේ ගිරව් රකින්න අල්ලන්න නෙමේ මිනිස්සු... සත්තු වගේ. රට හදන්න නම් මිනිසාව සතුන්ගේ වෙස්වලින් බේරා ගන්න ආවේ මිනිසා හැදුණාම රට ඉබේ හැදෙනවා. ගිරවෙක් වගේ කියන්නේ. මේ වගේ සත්තු තමයි පළමුවෙන් හදන්නේ...!

:       0       12

සෙනෙවිරත්න Sunday, 08 June 2025 03:32 PM

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.

:       36       5

WijeSunday, 08 June 2025 07:36 PM

එහෙම ජනාධිපති ඉල්ලා අස් වුනොත් ඔයාගේ ලොන්ඩරියේ කාගේ රෙදිද හෝදන්නේ සෙනෙවිරත්න. හිතන කොටත් හිත වාවන්නේ නෑ වගේ. හරිම පව් මාලිමාවන්ට වෙච්චි දේ...

:       7       3

hemantha Sunday, 08 June 2025 04:21 PM

මේක විහිළුවකට ගන්න එපා... එවන් දෙයක් කරන කල් මේකෙ නිලධාරීන් යන එන අය ඇස් බැඳගෙනද හිටියේ?

:       0       37

Pradeep Kumara Sunday, 08 June 2025 05:09 PM

මීට කලිනුත් හොරකමක් සිදුවෙලා තියනවලු... නැවත එම කූඩුවේම සතෙක් දෙවන වරටත් හොරකම් කරලා. කෝ මේවා වලක්වා ගන්න අරන් තියන ක්‍රියා මාර්ග? සත්වෝද්‍යාන පාලනාධිකාරිය නින්දේද? නැත්නම් මේක කරලා තියෙන්නේ එයාලත් දැනුම්වත්වද?

:       0       27

Kule Sunday, 08 June 2025 06:00 PM

ගිරා ආණ්ඩුවේත් මැකෝ කෙනෙක් ඉන්නවද?

:       4       9

ගීතා ද බ්‍රිටෝ Sunday, 08 June 2025 09:03 PM

ෂුවර් එකටම රාජපක්ෂ ලාගේ වැඩක්... ඔවුන් තමයි ඔය ගිරව් ඇති කරන්නේ...! 

:       2       9

nihal Sunday, 08 June 2025 10:53 PM

සෙනෙවිරත්න, තමුන්ගේ අම්මා නැතිවුණොත් වැරැදිකාරයා ජනපතිද?

:       0       3

Summa Monday, 09 June 2025 07:34 AM

දැන් කොහොමද ඡන්දෙ තියන්නේ?

:       0       1

Bunny Preena Monday, 09 June 2025 11:03 AM

ආරක්ෂක අංශය කියන හැටියට පිටින් කවුරුවත් ඇතුළු උන බවක් පෙන්නෙන්නේ නැහැ කියන එකෙන් හොඳට පැහැදිලි වෙනවා,ඇතුලේ ඉන්න කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝ කීප දෙනෙක් මේ සොරකමට සම්බන්ධ බවට. එහෙම නැතිනම් නරඹන්නෙකු හැටියට ඇතුළට පැමිණිලා එම හොරකමට සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සහයෝගය මත එහෙම රැඳී ඉඳලා පාන්දරම සොරකම කර ඇති බවට.

:       0       1

Nihal Monday, 09 June 2025 11:22 AM

කපුටාස් වෙන්නත් පුලුවන්

:       0       3

රුවන් Monday, 09 June 2025 01:59 PM

සෙනවිරත්නට අනුව ගෑනි පැනලා ගියත් ජනපති අස් වෙන්න ඕනේ, සෙනවිරත්න ගැබ්බර වුනත් ජනපති ඉල්ලා අස් වෙන්න ඕනේ. මෙම කතාවක් නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site