දෙහිවල සත්වෝද්‍යානයට දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් පරිත්‍යාග කැරුණු සිංහ පැටියෙක් අද අළුයම ගුවන් මගින් රැගෙන එනු ලැබීය. මෙම අප්‍රිකානු සිංහ පැටියාගේ වයස අවුරුද්දකි. ලංකාවට සිංහයකු තෑගි ලැබුණේ වසර 20 ට පසුවය. දැනට සත්වෝද්‍යානයේ සිටින සිංහයන් වැඩි දෙනා වයසක සත්තුය.