දෙහිවල සතුන්වත්තේ අලි රැඟුම් අද (21) දින සිට අත්හිටුවන බව දෙහිවල සත්ව උද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂ (මෙහෙයුම්) දම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
අලින් සිවුදෙනකුට ක්ෂයරෝග විෂබීජය ආසාධනය වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණයක දී සොයා ගත් බවත්, දැන් ඒ සතුනට ප්‍රතිකාර කරන බවත් ඇය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙහිවල සත්තු වත්ත්‍ෙ පාලනය දුර්වල බවයි හිතෙන්නේ. මෙය වෙනත් ප්‍රදේශයකට ගෙන ගියොත් හොඳයි. මුදල් ගැරීම පමණයි සිද්ද වෙන්නේ. (ස)
දෙහිවල අලි බේරගන්නත් ඕනා. තව කෝච්චිවලට හැපිලා මැරෙන අලි ගැන මිනුසුන්ගේ මැරුම් කන අලි ගැනත් සොයන්න ඕනා.(නදී)
මම හිතාගෙන සිටියේ අලි නැටුම් නතර වුණේ කාලෙකට පෙර කියලා (නි)
මීට හේතුව ලෙස මම දකින්නේ සත්තු වත්ත හරිහැටි පාලනය නොකිරීමයි (නි)
මේ රටේ වගකිවයුත්තන්ගේ වැරදි නිසා කොච්චර නම් අහිංසක සත්තු දැන් මැරුණද? (නි)
කොළඹ අවට සිදුවෙන පරිසර දුෂණය [වාහන වලින් පිට කරන විෂ වායු සහ කර්මාන්ත ශාලා වලින් පිට කරන විෂ වායු ] නිසා මෙවැනි රෝග සතුන්ටත් වැළඳීම අහන්නත් දෙයක්ද? (නි)
දැන්වත් මේ අහිංසක සතුන් රකින්න බළධාරීන්ගේ මොලේ පෑදේවා (අ)
හරි හැටි සාත්තු සප්පායම් නැතිනම් සත්තු වත්තේ සතුන් මැරෙනවා. අලි ඇතුන් ඉන්නේ නැටුම් පෙන්නන්නයි, කරඬුව ගෙනියන්නයි විතරක් නෙවෙයි. වෙනත් රටවල් වල සත්වෝද්‍යාන නඩත්තු කරන්න වෙනම පරිපාලන මුදල් වෙන් කරනවා. මනා පළපුරුදු උදවිය තමා සතුන් බලා ගන්න යොදවන්නේ. අපේ රටේ ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි කීවාලු. (ස)
සත්තුන්ට හරි හැටි කන්නත් නැහැ. එතනට ගියහම සංසාරේ එපා වෙනවා. අලින්ට පිහිටවෙන ශක්‍ර දෙවියන්ටවත් පෙනුනේ නැති එක පුදුමයි මේවා, පහුගිය ඡන්ද කාලේ... (නි)
අනුරාද, අහිංසක සතුන් රකින හැටි පහුගිය දවස්වල් දුටුවාද? කිරිබොන අලි පැටවු අල්ලාගෙන ලක්ෂ ගණන් වලට මිළ කළා නොවෙද? කවුද කරන්නේ? බලපුලුවන්කාරයෝ තමයි. (නි)
ඉතාම කණගාටු දායක පුවතක්. මීට මාස කීපයකට පෙර කුඩා අලි පැටවෙකුට ක්ෂය රෝගය වැළදී තිබුණා. ඉන්පසු ඒ සතා වෙන්කොට තබා තිබු අතර හදිසියේම සත්ව උද්‍යානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් තිබුණා. ඉතාම කණගාටුදායක තත්වය මේ සතාට රෝගය වැළදීම පිළිබඳව නිසි සොයා බැලීමක් කර නොමති බව මෙයින් පැහැදිලිවේ. කරුණාකර උද්‍යානයේ සියලු සේවකයන් හා අනික් සතුන්ටත් ක්ෂය රෝගය වැලදී ඇතිදැයි පරීක්ෂා කරන්න. මෙය ඉතා බරපතල තත්වයකි. දිනකට දරුවන් හා මහජනතාව දහස් ගණනින් රැස්වෙන ස්ථානයක බෝවන රෝග පැතිරීමේ අවදනාම සුළුවෙන් තැකිය නොහැක. මහජන සෞඛ්‍ය බලධාරීන් වහවහා පියවර ගත යුතුය. (ස)
අලි නැටුම් මොකටද? හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපොල පැත්තේ ගියානම් හොඳ රිලා නැටුම්, නරි රැඟුම් එහෙම බලාගන්න පුළුවන්. (අ)
මාතෘකාව දෙහිවල සත්තු වත්ත, තහනම් වචනය සත්තු,මේ ගැන කතා කොච්චර කිව්වත් වැඩක් නැහැ හරි හැටි සතුන් ගැන බලන්න කෙනෙක් නැතිනම්. අනාගතේ නම විතරයි සත්තු නොමැත. බලදාරින් දැන්වත් ඔය නින්දෙන් අවදි වෙන්න. පාලනය,නඩත්තු,කරන්න බැරිනම් මේ සතුන් දවස ගානේ නොමරා වනාන්තරයකට මුදා හරින්න. නමට වඩා ලොකු පිනක් ඒක.(නදී)
අලි ඉතින් දැන් ගණන් ගන්නේ නැහැනේ, අලින්ගේ නැටුම් දැන් දෙකයි පනහට වැටිලනේ තියෙන්නේ..! (අ)
සත්ව හිංසාව නේද (අ)
ඒක ආසියාවේ හොඳම එක (ස)
අපේ රටේ අලි දවසින් දවස මරනවා ඒවාට මිනිසු වන්දිගෙවන බව නොකියම බැහැ. අනෙක අලින්ට ක්ෂය රෝගය නොවේ (ස)
සමන්ගේ මතයට ගරු කරන ගමන් කිව යුතු කරුණ නම් සත්තු වත්තේ සතුන්ට අද කන්න නැහැ ,නිසි බෙහෙත් නැහැ ,නිසි සාත්තුවක් නැහැ ,ලෝකේ අනිත් සත්තු වතු අරගෙන බැලුවාම අන්තිම හරියේ අපේ සත්තු වත්ත තියෙන්නේ.(නදී)
අලි නැටුම් මොනවටද ? රට වටේම , උදේ හවස දහඅට වන්නම නටන්නේ. පුරවැසියන් හැටියට අපිට තියෙන්නේ අත් පොළසන් දෙන්න විතරයි. (අ)