කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහලේ හිටපු කථිකාචාර්ය ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලාංකාර නා හිමියන්ගේ දේහය අද (23) යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයට බාර දුන්නේය.
ඒ හිමියන් වැඩ සිටි අවදියේ කළ ඉල්ලීමක් අනුවය. එතෙක් දේහය තැන්පත් කර තිබුණේ මේසයක් මතය. අදාහන පූජෝත්සවයට වියදම් කරන මුදලින් දුප්පතකුට නිවසක් සාදා දෙන්නැයි ආරියවංශාලංකාර හිමියන්ගේ ඉල්ලීම විය.
විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ ඒ හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පෙර දින සිට විශාල පිරිසක් ආහ. මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ද ඒ අතර වූහ.
දේහය බාර දෙන අවස්ථාවේ ද නාහිමියනට අවසන් ගෞරව දැක්වීමට යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයට විශාල පිරිසක් ආහ.
ධර්මසේන ආරියතිලක ඒ හිමියන්ගේ ගිහි නමයි. මහනුවර හාරිස්පත්තුවෙ මාරුද්දන ගමේ උපන් ධර්මසේනගේ පියා ව්‍යාපාරිකයෙකි.
ධර්මසේන ආරියතිලක වයස අවුරුදු 15 සිට බ්‍රහ්මචාරි දිවියක් ගත කළේය. අවයස අවුරුදු 15 දී දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් වූ ඔහු ජ්‍යෙෂ්ඨ පාඨෂාලා සහතික පත්‍ර විභාගය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සමත් විය. ජ්‍යෙෂ්ඨය සමත් තවත් කිහිප දෙනකු සමග ගමේ පාසලක් පටන් ගත් අතර මුලින් ළමයින් 18 දෙනකු ඊට ඇතුළු විය. කෙටි කාලයක් ඇතුළත ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 80 දෙනෙක් ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට ආහ.
ධර්මසේන ආරියතිලකට වයස අවුරුදු 18ක් පමණ වන විට පාසල රජයට බාර දුන් අතර එහි සේවය කළ ජ්‍යෙෂ්ඨය සමත් පිරිසට ආණ්ඩුවේ ගුරු පත්වීම් ලැබිණි.
ආරියතිලක සිය වැටුපෙන් වැඩි මුදලක් වැය කළේ පවුලේ නඩත්තුව වෙනුවෙනි.
කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයයෙන් බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී ශ්‍රාස්ත්‍රවේදී උපාධියත් අනතුරුව ශාස්තපති උපාධියත් දිනා ගැනීමට ආරියතිලක සමත් විය.
ගුරු වෘත්තියේ යෙදෙද්දී සෑම නිවාඩුවකටම තාව කාලික පැවිදි දිවියට ඇතුළු වීමට පුරුද්දක් කරගෙන සිටියේය.
ධර්මසේන ආරියතිලක අවස්ථා ගණනාවක දී පැවිදිව නැවත උපවැදි වී ඇත.
2000 වසරේ දී අවසන් වරට පැවිදි වී අපවත්වන තෙක් විශාල ශාසනික මෙහෙයක් ඉටු කළහ.
හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියෝ ආචාර්ය උපාධිය ලබා ගත්තේ වයස අවුරුදු 74 දීය.
අල්පේච්ඡ දිවියක් ගත කළ ඒ හිමියෝ භාවිත කළේ සිවුරු දෙකක් පමණි. ලැබෙන බොහෝ දෑ දුප්පත් පන්සල්වලට පරිත්‍යාග කළහ.
කලකට පෙර වකුගඩුවක් දන් දුන් ඒ හිමියෝ තමන්ගේ විශ්‍රාම වැටුපෙන් දුප්පතුනට උදව් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති ගෞරවනීය රේරුකානේ හාමුදුරුවෝ මතක් වෙනවා (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා...!!! (අ)
"යථාවාදී තථාකාරී" බුදුගුණය අනුව යමින් අල්පේච්ඡ දිවියක් ගතකළ ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුවයම සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා. (ස)
ලොවේ සියලු මිනිස් සත්වයන්හට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...!!!(
ඔබ වහන්සේ ශ්‍රේෂ්ට බුද්ධ පුත්‍රයෙක්.නිවන්සුව දකිනා තුරු මට කල්‍යාණ මිතුරෙකු වී ඉපදේවා ! (දී)
අවවාදයට වඩා ආදර්ශය දුන් උතුම් යතිවරයෙක්. නිවන් සුවය ලැබේවා! (නි)
මේ හාමුදුරුවන් හොද ආදර්ශයක් (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා(දිල්)
ඔබ වහන්සේට අමා මහා නිර්වානයම ලැබේවා!(නදී)
ඔබවහන්සේ නිවන් දකිත්වා මෙවැනි හොදදේ වැඩිවැඩියෙන් අප අතර පුරුදු වෙත්වා මටද ඔබවහන්සේ මතු ඉපදී පැවිදිව ධම්දෙසනවිට දර්මය ශ්‍රවනය කොට නිවන් දැකීමට හැකිවේවා සදු සදු...... (දී)
ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා........!!!..හිමියනේ (අ)
ආගමික සහජීවනය ඇති කරන්න කැප වුණ ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා (අ)
ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා (දී)
ඔබ වහන්සේට නිවන් සුව! (නදී)
සාදු ! සාදු ! සාදු ! (නදී)
ඔබ වහන්සේ අප සැමට ආදර්ශයක්. බුදු දහම නුවණින් අවබෝධ කරගත් ඔබවහන්සේට නිවන් සුව ලැබේවා (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
ඔබ වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා..!!! (අ)
මේවගේ දේවල් හැමෝටම ආදර්ශයක් . ඔබට නිවන් සුව පතමි .(අ)
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (නදී)
ගෙයක් හදල දෙන්න.මමත් කැමතියි.ඒත් මගේ දායක සභාවේ පිරිසෙන් 99% ම ඉන්නේ සමෘධිලාභීන් වීම තමයි ගැටළුව.මම අප ආරාමයේ මෙහෙණින් වහන්සේලා ගෙන් කෙනෙක් හෝ මා අපවත් වුන දාට පාංශ කූලයට සහභාගී වෙන අයට ටිකට් පතක් ලබා දී කුසපත් ඇදීමක් කරල ඒ ලැබෙන මුදල පරිත්‍යාග කරන්න යැයි යෝජනාකරනව.දුප්පත් අයෙකුට දියුණුවෙන්න. (දී)
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට (දී)
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා අනගි බවනියි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා. (ස)
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට ඕනෑ තරම් මම සවන් දීලා තියනවා. දොරමඩලාව වගේ හර බර දෙසුම් වලට සිත යොමු කරලා තියනවා. අපට ඔබ වහන්සේ ලබාදුන් ධර්ම දානයට, දෙසුම්වලට ඔබ වහන්සේට ගොඩක් පින්. නිවන්සුව. (නදී)
ඔබ වහන්සේට නිවන් සුව! (නදී)
අවවාදයට වැඩිය ආදර්ශය උතුම් යනු නැවත සිහිගන්වා අපවත් වූ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
ශ්‍රේෂ්ඨ සංඝ පීත්රුවරයෙක්. මහා පඬිවරයෙක් . (අ)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා! (නදී)
මහවැලි විදු බිමේදී අපට යහමග පෙන්වාදුන් බ්‍රහ්මචාරී ආරියතිලක ගුරුපියණනි ඔබට නිවන් සුව පතමි.(නදී)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නදී)
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවා.! (දී)
ආදර්ශවත් හිමිනමක් උන්වහන්සේට නිවන් සුව ලැබේවා (අ)
ඔබ වහන්සේට අජරාමරවූ අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා!!!!(දී)
ඔබ වහන්සේට නිවන් සුවය පතමි.!!! (දී)
නිවන් සුව ලැබේවා! (නදී)
නියම බුද්ධ පුත්‍රයන් කියන්නේ මේ වගේ අයට තමයි.(නදී)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව. (ස)
අපි ඔබ වහන්සේගෙන් පාසලේදී උගත් දේ බොහෝයි.ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා! (නි)
බුද්ධ පුත්‍රයාණෙනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(නදී)
මගේ දිවිය අර්ථවත් කළ යතිවරයාණෙනි, මා ප්‍රමාද බව දැන් වැටහෙයි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා! (දී)
සමස්ත සමාජයටම වටිනා ආදර්ශ ලබාදුන් ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිර්වානයම ලැබේවා! (නදී)
ඔබ වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා (දී)
නිවන් අවබෝධ වේවා (දී)
ඔබ වහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ.(නදී)
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අනුව ජීවත් වූ අප තවදුරටත් ඒ මාර්ගයේ යමින්,බුද්ධාගම රැක ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරමු. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නදී)
ඔබවහන්සේ මතු නිවන් අවබෝධ කරත්වා !(දී)
ඔබට නිවන් සුව
උන් වහන්සේ ගිහි-පැවිදි කාටත් ඉතා අගනා ආදර්ශයක් දී මෙලොවින් සමු අරන්.., බුදුන් දැක නිවන් දකින්න මේ පින් හොදටම ඇති .., ඔබ වහන්සේට නිවන් පුර රුවන් දොරටු විවර වේවා ''...!!! (දී)
අවවාදයට වඩා ආදර්ශය උතුම් යන්න මුළු ලෝකයටම පෙන්නු වටිනා හිමිනමක්.අමා මහා නිර්වාණය ම සාක්ෂාත් කරගැනීමට ඔබ වහන්සේට හැකි වේවා! (ස)
මෙවන් හිමිවරු තව තවත් මේ ලක් දෙරණට පහල වේවා.! ලක්දිවේ බුදු සසුන රැක ගැනීමට ඔබ වහන්සේ නැවතත් මේ ලක් දෙරණේ උපදීවා.!!! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා,..(දී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
තමන් වහන්සේ හට නිවන් සැප අත් වේවා... මතු ආත්මයේදීත් මා තමන් වහන්සේගේ ධර්ම ශ්‍රාවකයෙකු වේවා... (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (දී)
අනේ මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව අත්වෙනවා (අ)
අන් අයගෙ නෙත් පෑදේවා! ඔබවහන්සේට නිවන් සුව පතන්නෙමි.... (දී)
මහා පින් කල ඔබ වහන්සේට බුදු බව ලැබීමට දොර විවර වේවා (දිල්)
ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය අත් වේවා.(නදී)
අපවත් වී වදාල හාරිස්පත්තුවේ අරියවන්සාලංකාර ස්වාමීන්වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
මේ වගේ හිමිවරු අපේ රටට ඕනෑම වෙලාවක අපිව දාල යන එක ඉවසන්න බෑ. නිවන් ලැබෙනවා ඔබවහන්සේට මේ අාත්මේදීම ! (ස)
අද ඉන්න බුද්ද පුත්‍රයින්ට දුන් මහගු ආදර්ශය ඔබට නිවන් දොර අරිනු ඇති හිමියනි.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව පතමි.(නදී)
ඔබ වහන්සේ ආදර්ශමත් හිමි නමකි. ඔබ වහන්සේට නිවන් සුව පතමු.(නදී)
දැන් වත් සිරිදම්ම හාමුදුරුවෝ මේ දිහා බලල පාඩමක් ඉගන ගත්තොත් නරකද .නියම හාමුදුරුවෝ නමක් නියම බුද්ධ පුත්‍රයෙක් හිමියනි ඔබට නිවන් සුව ! (නදී)
නිවන් දකිත්වා.(නදී)
හිමියනි, ඔබට මේ බුදු සසුනේම නිවන් පසක් වේවා! (නදී)
බටහිර රටවල ජීවත් වන ජනතාව ලේ බිඳුවක් වත් දන් දෙන්න කැමති නැහැ ඔවුන්ගේ ආගමික විශ්වාසය නිසා. එහෙම වාතාවරණයක් යටතේ අපේ ස්වාමීන් වහන්සේ මොනතරම් උතුම්ද.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
විහාරස්ථාන. දේපොළ, දේශපාලනය වැනි දේවල් වලින් අන්ද වෙලා ඉන්න අයට ඔබවහන්සේ පරම ආදර්ශයක්. වර්තමානයේ රහත් බව ලබන්න ඕන ඔබ වහන්සේ වැනි හිමිවරුන්. නිවන්සුව ප්‍රර්ථනා කරමි. (නදී)
මේ ලියන්නෙත් ඇස පුරා පිරි කඳුළු පිස දමමින්. ඔබ වහන්සේ ගේ උතුම් අල්පේච්ච ජීවිතය දැකලා වත් ශාසන විනාශයට කටයුතු කරන හිමිවරුන් සිටී නම් ඔවුන්ගේ ඇස් ඇරේවා ! (නදී)
සාදු, සාදු නිවන් සුව ලැබේවා! (නදී)
ආගමික සහජීවනය ඇති කරන්න කැප වුණ ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (නදී)
ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා. (ස)
සමිඳුනි ඔබට නිවන් සුව ලැබේවා ! (නදී)
ඔබ වන් හිමිවරුන් මේ දේශය තුල තව තව පහල වේවා! (නදී)
ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිවන් සුව අත් වේවා. (ස)
බොදු බල සේනාව මළොත් මිනිය සත්තු වත්තට දෙන්න, . ආරියවංශාලාංකාර නා හිමියන් නියම හාමුදුරුවෝ නමක් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! (දී)
අමා මහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ (නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම්. නියම බෞදධයෙක්. ඔබට නිවන් සුව.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (නදී)
නිවන් සුව ලැබෙවා .(අ)
ආදර්ශයකි ! (නදී)
නිවන් සුව ලැබේවා! (දිල්)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....!(නදී)
මුන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබීමට අපටද අවස්ථාව සැලසුනි. සැබවින්ම ගුණගරුක හිමිනමකි. දේශනා විලාශය සහ දහම් කරුණු විග්‍රහ කිරීම අතිශය සුන්දරය. ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නට මත්තෙන් මිසදිටු බලවේගයන්ගෙන් බුදු සසුන සුරක්ෂිත කිරීමට යලි මේ සිරි ලක ඉපදේවා යනුවෙන් පතමි. (නදී)
කලාතුරකින් අපේ නිර්මල බෞද්ධ ආගම ගැන තවත් භක්තිය වැඩි වන සිද්දියක්. විශේෂයෙන් මෙවැනි කලෙක බැලු බැලු අත හිස් මිනිසුන් සිටින කලක මෙය අති උතුම් ක්‍රියාවක්.(නදී)
ඔබවහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ.(නදී)
ඔබතුමන් වැනි බුදු පුතුන් අපේම අවාසනාවට අද අපහට දක්නට නොලැබේ. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව.(නධී)
ආරියවංශාලංකාර හිමියෝ මුළු සඟ සමාජයටම ආදර්ශයක්. පුහු අටෝප බොරු වියදම් වලින් මළගමට වටිනාකම් එකතු කරන්නේ හිස් මිනිසුන් බව දැන් වත් තේරුම් ගනීවිද? (නදී)
අපේ බෞද්ධ සාසනය විනාශයට යන යුගයක ඔබ වහන්සේගෙන් සිදු උන සාසනික මෙහෙය අපට සිතා ගැනීමටත් නොහැකිය. මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාවෙන්ම ඔප්පු කළ ඔබ වහන්සේගේ සරල බව නිහතහාමනී හා මහා බුද්ධිය අපගේ සිත නිවන කරා ගෙන ගොස් ඇත. ඔබවහන්සේට සාමයේ නිවන් දොරටු විවර වේවා ! (නදී)
හිමියනි ඔබට නිවන් සුවය ලැබේවා! (නදී)
විචිත්‍ර ධර්ම කථික, නිරහංකාර, සිල්වත් ගරු ආරියවංශ හිමිසදුනේ... ඔබවහන්සේ මතු සසරේදී පැළදි ඒ පින්වත් මල් මාලය දැක පහන් සතුටක්ද, ඔබවහන්සේගේ නික්මයාම නිසා දැනෙන ඒ අඩුව පුරවාලීම අපහසු බැවින් ඇතිවන පහන් සංවේඝයෙන්ද යුතුව හිමිසදුන්ට මේ සසර කෙලවර ඉක්මනින්ම අමාමහ නිවනින් සැනහෙන්නට හේතුවාසනා වේවායි හදබැතියෙන් ප්‍රාර්ථනා කරම.(නධී)
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවා.! (නදී)
සියළු ස්වාමීන්වහන්සේලට මේ ස්වාමීන්වහන්සේ ආදර්ශයක්.(නදී)
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා...(අ)
ඔබ තුමන් වැනි අය අනික් හාමුදුරු ගොල්ලන්ටත් ආදර්ශයක් වේවා ක්රෝදය වෛරය තෘෂ්ණාව දුරුවී මෛත්‍රිය මතුවේවා. ඔබට නිවන් සුව අත්වේවා.(නදී)
හොඳ හාමුදුරුවරු අපවත් වෙන කාලයක් මේක. ඔබ වහන්සේට නිවන් සුව පතමි.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත් පත් වේවා ! (නදී)
සහරාවේ අපි අසරණ වෙලා නොපෙනෙන විශ්වයේ අතරමන්වෙලා වගේ. ඔබ වහන්සේ නිවන් යාමට පෙර අපට කලණ මිතුරෙකු වී වඩින්න සමිදුනි අප වෙතට. එයින් අප සිත් සුවපත්වී නිවනේ දොරටු විවර වේවි.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
බුදු බව පතන යතිවර නමක්. නිවන් සැප ලැබේවා! (නදී)
ඔබ වහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ.(නධී)
ඔබ වහන්සේ නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා.(නදී)
අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වන්සේට නිවන් සුව ලැබේවා.(නදී)
ඔබවහන්සේට නිවන් සුව අපේ හාමුදුරුවනේ. (ස)
ඔබ වහන්ස්ට අමා මහ නිර්වාණ සම්පප්තිය ලැබේවා! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! මෙවැනි බුද්ධ පුත්‍රයකු බිහිවන්නේ කලාතුරකින්. සමහර බෞද්ධ විහාරස්ථානවල දානය සදහා මෙනු එකක් ලබා දෙන මෙවන් යුගයක ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලාංකාර නා හිමියන් දේශනා කලේ දානය පුළුවන් තරම් සැහැල්ලු ආකාරයට සකසා තිබීමෙන් එය සතුටින් වැළඳිය හැකි බවයි.(නදී)
ඔබවහන්සේ මතු බුදු වෙන්න පාරමී පුරන කෙනෙක් , නිවන් සුව අත්වේවා (දී)
නිවන් සුව ලැබේවා!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
බුදු දහම නුවනින් අවබෝද කරගත් ඔබවහන්සේට අමා මහා නිවන් සුව ලබේවා! (නදී)
ශාසනය වෙනුවෙන් කළ මෙහෙවර අමරණීයයි. ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා ! (ස)
ඔබවහන්සේට අම මහා නිවන්සුව අත්වේවා !!(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(නදී)
අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වහන්සේ නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා. විශේෂයෙන් මෙවැනි කලෙක බැලු බැලු අත හිස් මිනිසුන් සිටින කලක මෙය අති උතුම් ක්‍රියාවක්. (නදී)
ආදර්ශවත් ස්වාමින් වහන්සේ නමක්. අප අතරම නැවත ඉපදී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ලැබේවා! (නදී)
බුදු දහම නුවනින් අවබෝද කරගත් ඔබවහන්සේට අමා මහා නිවන් සුව ලබේවා! (නදී)
නිවන් සැප ලැබේව (දී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (ස)
නිවන් සුව ලැබේවා. අපි ඔබෙන් උගත් දේ බොහෝයි. (ස)
නිවන් සුව මගේ හාමුදුරුවනේ.(නදී)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා.........!!! (දී)
ආයෙත් අපේ රටේ ඉපදේවා අප අතරම. (ස)
ඔබ වහන්සේ අප සැමට ආදර්ශයක්. බුදු දහම නුවණින් අවබෝධ කරගත් ඔබවහන්සේට නිවන් සුව ලැබේවා. (ත)
තෙරුවන් සරණයි. (ස)
අනේක වූ දුක් සහිත මේ සසර කතරින් නිදහස් වීමේ භාග්‍ය ඉක්මනින්ම ඹබ වහන්සේට උදාවේවා! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.... (ත)
ලෝ සතහට සෙත සාදන්න නැවත මෙලොවට ඉක්මනින් පැමිණේවා ! (අ)
මෙයට වසර 8 කට පෙර ඔබ වහන්සේ දෙසූ බණ අද මෙන් මතකයට නැගේ. ජීවත්වීමට ඇත් ගාල්, අස් ගාල් අනවශ්‍ය බවත් මිනිස් වාසයට ඇති තරම් නිවසක් තනා ගන්නා ලෙසත් දෙසූ බණ මගේ දිවිය මැදුම් පිළිවෙතට යොමුකොට සුවපත් කළා. (නි)
මතු බුදුන් දවස සසරින් මිදෙන්නට මේ පින් හේතු වාසනා වේවා! (නධී)
ඔබවහන්සේ ජිවිතයේ සිදුකල කරුණු වලින් කීපයක් හෝ කරන්න මමත් අදිෂ්ඨාන කරගත්තා.(නදී)
මෙවන් ස්වාමීන්වහන්සේලා අපේ පන්සල වල ඉන්නවා නම් බෞද්ධයන්ට වෙනත් ආගම් පස්සේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. (නදී)
ඔබ වහන්සේ නිර්වාණ මග ඒකාන්තයෙන්ම සොයා ගත් බව මේ අදහස් දක්වන්නන්ගේ ප්‍රකාශ වලින්ම පැහැදිලිය. ඒ නිවනින් ඔබ සැනසීම ලබත්වා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ! (නදී)
අභිධර්මය ලිහිල් බසින් කියාදුන් බ්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක ගුරු තුමා පසුව පැවිදි වී ශාසනයට අගනා මෙහෙවරක් කල හිමිනමකි. මගේ අභිධර්ම ගුරුවරයකි. මුන් වහන්සේ දුන් ආදර්ශය බොහෝ පැවිදි සහ ගිහි හැමට උපකාරී වේ. උන්වහන්සේට නිවන් සුව පතමු.(නදී)
යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී හිමි නමක් ශාසනික සේවය අතිමහත්ය. සඟ පරපුරටම ආදර්ශයක් ගත හැකි සංඝ පීතෘවරෙයෙකි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. (ස)
නිවන් සැප ලැබේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.......! (ස)
ඔබතුමන් වැනි බුදු පුතුන් අපේම අවාසනාවට අද අපහට දක්නට නොලැබේ. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව. (ම)
බොරු සෝබනකාරයින්ට වඩා කොයිතරම් නම් අගය කල යුත්තෙක්ද, හැමටම ආදර්ශයක් දුන්නේ උන් වහන්සේ , වෙන කාගේ හරි උනා නම් අවමංගල උත්සවයටම ලක්ෂ ගානක් විනාශ කරලා.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව පතමි (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
ධර්මය අවබෝද කරගත් උතුමන් වන්සේලගේ ජිවිතයේ ස්වාභාවය අල්පේච්ඡතාවය අගය කිරිමයි. මෙම ස්වාමින් වහන්සේ ජිවිතයේ සැම අවස්ථාවකම අල්පේච්ඡතාවය අගේ කල අතර ආත්මයක අවසන් මංගල කරුනද සරල විය යුතු බව ලංකාවාසීන්ට ඔප්පුකර ඇත. මෙය සිව්වනක් පිරිසටම අදර්ශයක්ම වේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
අපේ හාමුදුරුවනේ, පතන්නාවූ බෝධියකින් නිවන් සුව ලබත්වා! (නදී)
සිවුරු පොරවාගෙන හොර වැඩ කරමින් බුදුදහමට නිගා දෙන සමහර හොර චීවරධාරීන්ට වඩා ආදර්ශවත් පඬිරුවනක් . ඔබ වහන්සේට නිවන් සුව! (නි)
පහන් සිළ නිවුණා.(නදී)
හරිම සතුටක් හිතට දැනෙනවා .මමත් මගේ වකුගඩුවක් දන්දීල ඉන්නේ . හිතට සතුටුයි (දී)
ඔබ වහන්සේ පතනා වූ බෝධියකින් නිවන් සම්පත් අවබෝධ කර ගනිත්වා (දී)
දාන පාරමිතාව පුරන හිමි නමක් (දී)
ඔබ වහන්සේ කරපු ශාසනික සේවයට නිවන් සුව ලැබේවා. (ස)
ඔබ වහන්සේට අමා මහා නිවන් සුවය අත් වේවා!මෙතෙක් කලක් කළ ඒ මහඟු සේවයම විශාල පුණ්‍යකර්මයක්ම වේවා! (නි)
ඔබවහන්සේ අපවත්වෙලත් දුන් පරමාදර්ශය රටේම ජනයාට ආදර්ශයකි! ඔබට නිවන්සුව! (දී)
ඔබ වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරමු . නියම දක්ෂ කතිකයෙක් (දී)
ඔබ වහන්සේට අමාමහා නිවන් සුව අත් වේවා.(දී)
සාර්ථක ගිහි-පැවිදි දිවියක් ගතකොට සමස්ත සමාජයටම වටිනා ආදර්ශ ලබාදුන් ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීමම වේවා!(නදී)
පරමාදර්ශය උතුම්.. කාලීනව වැදගත්.. අර මර්වින් ඇමතිට මේක යවන්න.(නදී)
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවා.! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව පතමි (දී)
ඔබ වහන්සේට නිවන් සැප පැතීමට තරම් මා පරාර්ථකාමි වෙන්නෙ නැහැ. හෙටටත් ඔබ වහන්සේ වැනි යතිවරයන් මේ රටට අවැසි වීම ඊට හේතුවයි. (ස)
චන්ඞි පාට් දමමින් දේශපාලකයන්ට කඹුුරන සියලු සේනා ඇදහිය යුතු සිල් රුවනක්.(නදී)
ඔබ වහන්සේට නිවන් සුවල ලැබේවා (දී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!! (ස)
******හිමි නමගෙ නොනිමි මෙහෙවර අද නිමා වුවත් ඔබේ නිසල කය දෑයේ දරු දෑරියන්ගෙ සෑබෑ නුවන එකාලෝක කරනා ශඩ් වර්න මාලාවක් වේවා. පරම නිර්වානය ඔබ වහන්සේට හිමිවේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ හාමුදුරුවෝ ආදර්ශයක්. (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (අ)
ඔබ වහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ (දී)
අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වහන්සේ නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා. විශේෂයෙන් මෙවැනි කලෙක බැලු බැලු අත හිස් මිනිසුන් සිටින කලක මෙය අති උතුම් ක්‍රියාවක්.(අ)
හරසුන් දිවි මඟ දහමෙන් හරවත් කර, දනන් මොහඳුරෙන් මුදාලන්නට අනුපමේය මෙහෙවරක් ඉටු කළ යතිවරයාණෙනි, ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා!(අ)
සාදු, සාදු නිවන් සුව ලැබේවා! (නදී)
දහසක් දනන් දහම් සිසිලෙන් නහවා... එයින් නොනැවතී සියල්ල හැරදා නික්මගිය පසුත්, කල මෙහෙවරට අප ඔබ වහන්සේට සදා ණයගැතිවෙමු.... ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...!!!(අ)
ඉතාම සිල්වත් ,උගත් යතිවරයාණන්, මේ දේශයේ පිනට පහල වී අගනා සේවයක් කොට නික්ම ගියේ අප කාටත් අල්පේච්චතාවය ගැන පාඩමක් කියාදෙමින්. ඉතා මිල අධික ආසනයක් දහම් දෙසීමට පාවිච්චි කරන , නොයෙක් විසුක දස්සන කරන , පන්සල් වලටත් මෙයින් ආදර්ශයක් ලැබේවා! ඔබවහන්සේ නිවනින් සැනසේවා! (දී)
ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේ. මේ මෙකල සැබවින්න්ම නිවුනු ඇත්තෙක්. ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේත්ව! (අ)