වතිකානුවට සම්බන්ධ උර්බනීත විශ්ව විද්‍යාලයයේදී අන්තර් ආගමික සමුළුවක් පැවැත්විණි. එම සුමුළුවේ තේමා පාඨය වුයේ ඇතුලත සාමය පිටස්තර සාමය පිළබඳවය. ථෙරවාදී - මහායාන-වජ්‍ර- යන තුන් නිකායන් සහ රෝමයේ බෞද්ධ පිරිසක්ද කතොලික බැතිමත්හු පුජකවරු ද සහභාගී වුහ.
මෙම සමුළුවේ මුලාසනය හෙබවුයේ වතිකානුවේ අනුතර් ආගමික සමුළුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කාදිනල් ජියාන් ලුවී ටොරාන් පුජකතුමාය.බෞද්ධ ආගම වෙනුවෙන් මුලාසනය හෙබවුයේ රැපෙල් ලොන්ගෝ ස්වාමීන් වහන්සේය. වතිකානුවේ අන්තර් ආගමික සම්මේලනයේ උප ලේඛම් ඉදුනිල් ජානක පියතුමා එහි සම්බන්ධිකාරක කටයුතු කළ අතර රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධර්මාරාම හිමියන්ගේ ඇරයුමෙනි. දායක සභාවේ කිහිපදෙනකු දෙනෙකුද එයට සහභාගී වීමට අවස්ථාව ලැබිණි.
දඹදෙණියේ ධම්මාරාම හිමියෝ එක් සැසි වාරයකදී මුලසුන හෙබැවීය. පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩම්දෙණියේ නන්දසිරි ස්වාමින් වහන්සේද මෙම සමුළුවට වැඩම කර සිටියහ.
මුලසුන හොබවමින් අපේ හාමුදුරුවෝ දේශනයේදී පළමුවෙන්ම ආයුබෝවන් කියා කියා ආරම්භ කිරීම විශේෂත්වයකි.
අප බුදු පියාණන් වහන්සේගේ ප්‍රධාන බුද්ධ පාඨයක් වු ‘ඒහි පස්සිකෝ ‘ යන්නෙහි තේරුම ‘ එව - බලව - එන්න ඇවිත් බලන්න ‘ බුද්ධ වචනයේ තේරුම වටහා දෙමින් දහම් කරුණු රැසක් ඒ හිමියන් පැමිණ සිටි පිරිසට පහදා දුන්නේය. පුජකතුමන්ලාගේ දේශන වලදී බුදු දහම පිළිබඳව පැහැදීමක් ඇති බව වැටහිණි. කිතුනු දේව ඥාණවන්තයිනි පස්වැන්න නියම කරන පරිදි ජීවීත විනාශ කරනවා යන්න බොදුනු පංච ශිලයේ පළමු වැනි ශික්ෂා පදය වන පාණාති පාතා වේරමණි යන ශික්ෂා පදය බෙහෙවින් කතෝලික ආගම හා සැසදෙන බවත් කුමන ආගමක වුවද සත්‍ය දහම කිසිවක් කතෝලික ආගම ප්‍රතික්ෂේප නොකරන බවද කියැවිණි. බෞද්ධ සදාචාර ධර්මයේ ප්‍රධාන කරුණ වනුයේ සකල සත්වයාට මෛත්‍රීය වැඩ්මය. අපිද එය අනුමත කරමු . පුජකතුමන්ලා දේශනා කළ එවන් කාරනා තුලින් ඉතාලයේ වතිකානුවේ කතෝලික බැතිමතුන්ගේ සුහදතාව ගොඩනගාගෙන ඒ තුළින් බෞද්ධ ආගමත් සමගින් ඉදිරියට යාමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. අප තිලෝගුරු සම්මා සම්බුදු තෙමඟුල සිහි කර බෞද්ධ ආගමට ගරු කීරීමක් ලෙස වෙසක් සුභ පැතීමක් සිංහලෙන් මුද්‍රණය කරවා බෙදා හැරීම බෞද්ධ වු අපට මහත් අස්වැසිල්ලකි. ඉතාලියේ රාජ්‍යක් වු වතිකානුවේ වැනි ප්‍රබල රාජ්‍යක් අපේ පින් බිමට එවන් සුභ පැතුම් පණිවිඩයක් දීම අපේ භාෂාවෙන් කොතරම් භාග්‍යක්ද . කුමන ආගමකින් හෝ ධර්මානුකූලව මිනිස් ජීවීත පවත්වාගෙන යන්නේ නම් එයටද අප එකඟ වන්නෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්-රානා ඔබ කියන්නේ බෞද්ධයන් අන්‍යාගම් අගයකිරීම ට පුරුදු විය යුතුයි කියලද? එතකොට ලක්වැසියා එදා පටන් අන්‍යාගම් අගයකිරීමක් කරලා නැද්ද ? ලංකාවේ ආගමික ගැටළු තිබෙනවාද? ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගමට අනුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නැද්ද කියා අවංකව සිතා බලන්නකෝ අනේ. මේ ලංකාව මිස මාලදිවයින නොවේ.(නදී)
සුජානිට කේන්ති ගියාට එයා තවම දන්නේ නැහැ ලංකාවේ වෙන දේවල්.(ස)
නීල් ඔබේ අදහස වැරදියි. උපනිෂද් කියන්නේ ළගින් ඉදන් ගුරුවරයා නැතිනම් ඒ කාලේ බමුණන් කියපු දේ පමණක් පරම සත්‍ය ලෙස පිළිගෙන ඉගෙනීමයි. වෙන කිසිම දහමක් පිළිගන්න එම ශිෂ්‍යයාට බැහැ. ඒහි පස්සිකෝ කියන්නෙ මතුපිට අර්ථය ඇවිත් බලන්න කිව්වට එහි පූර්ණ නිදහසක් තියෙනවා.හරියට කාලාම සූත්‍රයේ පැහැදිළි කරනවා වගේ විමර්ශනාත්මකව සිහියෙන් යුතුව බැලීමයි. (නි)
නීල්-රානා, එකත්පස්ව වාඩි වී ධර්මය ශ්‍රවනය කිරීමත්, බුදු දහමේ ඒහි පස්සිකෝ යන්නත් ඔබ පටලවා ගෙන ඇති පාටයි. ඒහි පස්සිකෝ යන්නෙහි අර්ථය නම් එන්න ධර්මය දකින්න යනුවෙන් යමෙකුට කීමට ඇති හැකියාව සමග බැඳුනු දෙයක්. බුදු දහම ඒහි පස්සිකෝ වන්නේ බුද්ධ ධර්මයේ කිසිම කෙනෙකුට අවලංගු කිරීමට හෝ දොසක් දැක්වීමට හෝ කිසිම තැනක් නැති බැවින් එය ඕනෑම අයෙකුට අන්න ඇවිත් බලන්න යනුවෙන් කීමට ඇති හැකියාවයි. (නි)
බුද්ධියෙන් විශ්ලේශනයකර එහි අඩුපාඩුවක් නොදකින හේතුව නිසාම බුදුදහම වැලඳගත් අල්පයක් වත් සිටීදැයි මා නොදන්නේ බුද්ධියෙන් විමසා බෞද්ධයන් බවට පත්වූවන් ලෝකයේම සිටින්නේ අතලොස්සක් නිසා වියහැකියි. බහුතරය බොදුනුවන් වන්නේ බොදු යයි කියාගන්නා පව්ලක ඉපදීම නිසා බව සත්‍යක්. එසේ නැතිව වෙනත් ආගමක් අතහැර බුදුදහම වැළඳ ගැනීම නිසා නොවේ. මධ්‍යස්ථ නොවී පිළිගතහැකි සීමාව ඉක්මවා යම් මතවාදයක අන්තයක එල්බගැනීම අන්තවාදයයි. ලොව පරම සත්‍ය බුදුදහම බව බුදුන් වත් දේශනාකර නැහැ. එය විශ්වයේ ස්වභාවය නම්වූ ත්‍රිලක්ෂණය මත පදනම්ව එයින් මිදීමේ මගක් හෙවත් නිර්වාණයට මගවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වදෙන්නක්. අන්කලහැකි යමක් නොමැති නිසාම අන්‍ය ආගම් වලට කැමැත්තක් කිරීමට ඉඩදී බලාසිටීමෙන් නොව එම ආගම් හා ජනතාව පිලිබඳ නිවැරදි වැටහීමක් ඇතිකරගෙන අන්‍යෝන්‍ය සුහදතාවයෙන් එකිනෙකා හා කටයුතුකිරීමෙනුයි රටක ආගමික සහජීවනය ස්ථාවර වන්නේ.(නදී)
නීල්, ඔබේ කතාවේ අඩක් පමණක් ඇත්තයි. තමන්ගේ අදහසට පටහැනි අදහස් නිසා කෝපයට පත් වීම මෝඩකමක්. එත් තමන්ගේ ආගම තමන් විසින් බුද්ධියෙන් විමසා බලා තෝරා ගත්තා නම් එය අඩු පාඩුවක් නැති ආගමක් ලෙස සැලකීම තමන්ගේ කැමැත්තක්. එය අන්තවාදී වෙන්නේ කොහොමද ? අන්තවාදය වෙනම දෙයක්. අන්‍ය ආගම් අගය කරන්නට සිතමින් ඒවාද හදාරන්නට කාලය කා දමමින් සිටියොත් තමන්ගේ ආගම අනුව ජීවත් වන්නට කාලයක් නොලැබෙයි. අන්‍ය ආගම අගය කිරීම පසෙක තබා තමන් විසින් බුද්ධියෙන් තෝරා ගත ධර්මය අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමයි කල යුතු. (නි)
බුදු දහම අන්‍යාගමිකයන් අගයකරනවා සේම අන්‍යාගම් අගයකිරීමටත් බෞද්ධයන් පුරුදුවිය යුතුයි. ඒහි පස්සිකෝ හෙවත් එව බලව යන්නම තමයි " උපනිෂද් " යන්නේ අර්ථයත්. උපනිෂද් යනු එකත්පස්ව වාඩිවී ධර්මය ශ්‍රවණය කිරීමයි. එය වටහා ගැනීමට බුද්ධියක් තිබේනම් පිළිගත හැකියි. විවිධ ආගම් අතර සහජීවනයට මෙවැනි ආකල්පමය වෙනසක් ඉතා වැදගත්.(නදී)
ඔව් අනික පන්සල් වලට වඩා ලංකාවේ තියෙන්නේ පල්ලි ලංකාව බෞද්ධ රටක් උනත් ඔය නිදහස තියෙන්න ඕනි තරම්.(නදී)
අන්‍ය ආගම් අගය කිරීමට නම් එම ආගම් හැදෑරිය යුතුයි. තමන්ගේ ආගම පමණක් කිසිදු අඩුපාඩුවක් නැති එකම ආගම ලෙස සැලකීමත් ඊට පටහැනි අදහස් නිසා කෝපයට පත්වීමත් අන්තවාදී මුග්ධයන්ගේ ස්වභාවයයි. එවැනි නොදියුණු චින්තනයක් ඇති සමාජයක ආකල්පමය වෙනසක් ඇති නොකළහොත් බරපතල ගැටුම් ඇතිවීම දක්වා ප්‍රශ්න දුරදිග යාම නොවැළැක්විය හැකියි. (නි)