IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෝහා බස් සේවය රාත්‍රියේදීත් ක්‍රියාත්මකයි

Doha Bus Media Night Tour.Picture by: Salim Matramkot/The Penin

 

කටාර්හි ප්‍රථම විවෘත නැරඹුම් බස් සේවය වන දෝහා බස් සේවය රාත්‍රී සේවාවක් ආරම්භ කර ඇති අතර ඒ අනුව නේවාසිකයන්ට සහ සංචාරකයන්ට සන්ධ්‍යාවේදීද නගරයේ සුවිශේෂී භූ නිර්මාණ සහ සුන්දර තැන් දැක බලාගැනීමට අවස්ථාවක් ලැබී ඇත.


මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සංචාරය පස්වරු 7.30ට සූක් වාකිෆ් අසලින් ආරම්භවීමට නියමිත අතර එය ක්‍රොනිචිය හරහා වෙස්ට් බේ ප්‍රදේශය දක්වා ධාවනය කෙරෙන නිසා සංචාරකයන්ට රාත්‍රියේදී දෝහා නගරයේ සිරි නැරඹීමට අවස්ථාවක් හිමිවෙයි. මෙම සංචාරය අතරතුරේදී නගරයේ විශේෂිත තැන් සහ ඉතිහාසය සම්බන්ධයෙන් අරාබි, ඉංග්‍රීසි, කොරියානු, බ්‍රසීල, ජපන්, චීන සහ ජර්මන් ඇතුළු භාෂා 7කින් විස්තර කථනයක්ද ඉදිරිපත් කෙරෙයි.


ඊට අමතරව සංචාරකයන් වෙනුවෙන් කටාර් රාජ්‍යයට ආවේණික “කරාක්” කෝප්පයක්ද පිළිගැන්වෙනු ඇත.


“දෝහා බස් සේවය රාත්‍රියේදී පවත්වාගෙන යාමට ලැබීම සතුටක්. මේක නගරයේ සිරි නැරඹීමට තිබෙන සුවිශේෂී ක්‍රමයක්. සූක් වාකිෆ්වලින් ආරම්භ වී ක්‍රොනිචිය සහ දෝහා නගරය ඔස්සේ ඇති ප්‍රධාන ස්ථාන හරහා ගමන් කරද්දී අමුත්තන්ට අපේ නගරයේ සුන්දර විවිධත්වය මනාව දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා” යනුවෙන් පවසන්නේ දෝහා බස් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කාලීඞ් අල්සුවයිදි ය.


රාත්‍රී සංචාරයක් සඳහා කුඩා දරුවෙකුගෙන් කටාර් රියාල් 45ක්, වැඩිහිටියකුගෙන් කටාර් රියාල් 95ක් සහ පවුලකින් කටාර් රියාල් 235ක මුදලක් අයකෙරෙන අතර ප්‍රවේශපත්‍රය පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.



අදහස් (0)

දෝහා බස් සේවය රාත්‍රියේදීත් ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site