දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 8 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි. ඒ සඳහා මවුපියන් සහ සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. අතිශය විනෝදාත්මක අයුරින් පැවැති අලුත් අවුරුදු උත්සවයට පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා සහ පාසල් භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ද පැමිණ සිටියේය.
කඹ ඇදීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා දිවීම, බනිස් කෑම වැනි අලුත් අවුරුදු ක්‍රීඩා මෙන්ම දර්ශනීය නැටුම් ගැයුම්ද ඇතුළත් වූ මෙවර උළෙල පැමිණ සිටි සියලු දෙනාටම නියම ශ්‍රී ලාංකික උත්සවයක අත්දැකීමක් විය.
එළැඹෙන වසරේදී නීරෝගී බව සහ සෞභාග්‍ය උදාකර ගැනීම සංකේතවත් වන සුබ මොහොතින් ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය සහ හිස තෙල් ගෑම වැනි සාම්ප්‍රදායික අලුත් අවුරුදු සිරිත් විරිත් පාසලේ දරු දැරියන් විසින් සිදුකරනු ලැබීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd