මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි පොලීසිය කියයි. එහි හතරවැනි වංගුව අසළින් පාරට ගල් පෙරලීම මෙයට හේතුවී ඇත. විකල්ප මාර්ගයක් ලෙස රන්දෙණිගල මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි පොලීසිය කියයි. එහි හතරවැනි වංගුව අසළින් පාරට ගල් පෙරලීම මෙයට හේතුවී ඇත. විකල්ප මාර්ගයක් ලෙස රන්දෙණිගල මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත්, සුද්ද පාර හදන කාලේ තිබුණේ අශ්ව කරත්තය විතරයි. නවීන වාහන ගමන් කරන්න ඕනේ නිසා පාර පළල් කරන්න වෙනවා. අපේ රට දියුණු කරන්න ඕනේ. දියුණු රටවලත් ස්වාභාවික විපත් වෙනවා..(දිල්)
මම මේ ලඟදි ඔය පාරේ ගියා. මට පුදුමත් හිතුන ලංකාවේ ඉංජිනේරු මහත්තුරු සහ භූවිද්යා මහත්වරු ඉන්නවද කියලත්. මේ වගේ බුරුල් ගල් සහ පස් තිබෙන තැන් මෙපමණ උසට කෙලින් අතට කපල තිබෙනවා දැකපුවාම.අනෙත් පුදුමය තමයි මේවා කපනකොට මිනිසුන් මිය නොගිය එක.මේවා කියනවිට කලබලවෙලා මට බනින්න පටන්ගන්න එපා.වෙලාවක මිනිස්සු 75-100 යන බස් එකකට පස් කන්දක් කඩාවැටිලා මහා ඛේදවාචකයක් වෙයි කියලයි කියන්නේ.දැන් කපල ඉවරයි.කලයුත්තේ නිසි පිළිගත් උපක්‍රම මගින් පස සෝදාපාළුව නායයාමට පෙර නිසි අස්තරනයක් යෙදීමයි.මෙවැනිම තත්වයක් අලුතින් හදන ගලගෙදර සිට හතරලියද්ද යන පාරෙත් දුටුවා. (දී)
අලියෙක් ගන්න පුළුවන්ලු.. හෙණ්ඩුවක්.. ගන්න බැරිලු.මෙච්චර වියදමක් දරලා හදපු පාරට අවශ්‍ය තැන වලට පැති බැමි දැම්මේ නැහැනේ? (දී)
මේක අලුතින් නේද හැදුවේ ,නොරච්චෝලේ වගේද මේකත් ... (දී)
අනාරක්ෂිත විදියට කන්ද කපලයි පාර හදලා තියෙන්නේ කියලා මේ පින්තුරේ බැලුවම පේනවා. හරියට පොඩි ළමයි සෙල්ලන් කාර් එලවන්න වැලි ගොඩවල් වල පාරවල් හදනවා වගේ. මේ තැන්වලට කළුගල් බැමි දැමීමට අවශ්‍ය නැහැ.ඝනකම් කම්බි දැල් කඳු බෑවුමට හයි කරලා සේදීයාම සහ ගල් පෙරලීම දෙකම නවත්වන්න පුළුවන්. (දී)
අවුරුදු ගානක් ඔය පාර හදන්න ඉස්සර තිබුණු පාර හොදට තිබුනණේ. පළ කරලා තියෙන පින්තුරයෙන් හොදින්ම පේනවා අලුත් පාර හදන්න පස් කදු කපලා තියෙන විදිහ සහ ඒවාට නිසි ආරක්ෂාවක් යොදා නොතිබීමත් මෙලෙස ගල්කුට්ටි පෙරලීමට සහ පසු කලෙකදී නාය යාමටත් හේතු වියහැකි බව. (දිල්)
සුද්දෝ ඔය පාර පළල් කරලා හැදුවේ නැත්තේ ඕව වෙන බව දන්නා නිසා තමයි. ගල් පෙරලෙන එක වෙන්නේ පස සෝදායාම නිසයි. පස් සේදෙන්නේ තිබුන ගස් ටික කපපු නිසයි. අතේ පයේ හයිය තිබිල විතරක් මදි මොළයත් තියෙන්නේ ඕනේ කියන්නේ නිකම්ම නොවෙයිනේ. (දී)
කිසි වෙකුටත් කරදරයක් නොවුන එක ගැන සතුටුයි (දී)