කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ විදුහල්පති වයි ඩී යසරත්න, නියෝජ්‍ය විදුහල්පති බන්දුසිරි මහත්වරුන්ට ද, යාපා බණ්ඩාර සහ ජගත් යන තවත් ගුරුවරුන් දෙදෙනකුට ද පහර දීම සම්බන්ධයෙන් ආදි සිසුන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තුන් වැනි ශ්‍රේණියේ පන්ති වෙනත් ස්ථානයකට රැගෙන යෑම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් පහර දීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති යසරත්න ආණ්ඩුවට කඩේ යමින් ධර්මපාල විදුහලේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමේ අපරාධයට දඩුවම තමයි මේ.(දිල්)
ආදි සිසුන් බීමතින් හිටින්නට ඇති. (ස)
අපූරු විනයක් නේ ඉස්කෝලෙන් ඉගෙනගෙන තියෙන්නේ. (ස)
පබා, අපරාධ වලට මේ විදියට දඩුවම් දෙන්න අපි ගෝත්‍රික යුගයක නෙමෙයි ජිවත් වෙන්නේ. ,ගුරුවරුන්ට ගෞරවයක් දක්වන්න බැරි අයගේ දරුවොත් මේ වගේ ඇති. හරිම කණගාටු හිතෙන සිදුවීමක්.මෙවන් දේවල් අපේ රටේ නොවේවා! (නි)
සමාජය පිරිහීමේ ලකුණු හැමතැනම. (ස)
මේ කට්ටිය ඇත්තටම ඉස්කෝලෙ ගිය අයද?වෙන්න බැරි දෙයක්. මෙහෙමත් බූරු පුතාලා ඉන්නවද? (ස)
මෙන්න කීර්තිමත් ආදි සිසුන්ගේ වැඩ. (නි)
නීති මගින් කටයුතු කොට ඔවුන්ගේ ආදි සිසුභාවයද අහෝසි කළ යුතුයි. (නි)
අකුරු මැකී ඇත....කොළ විසිරී ඇත....බොඳවී ඇත සිතුවම්.....තුන්වන පංතියෙ සෙල්ලම කර ඇත..... දරුවන්ගේ දෙගුරුන්....... (ස)
හැමදේකින්ම අද ලංකාවේ විනය පිරිහිලා (නි)
විනයක් නැතිකම තමා රටේ විනාශයට මුල.සියල්ලටම පෙර මිනිස්සුන්ගේ විනය හැදීමේ අවශ්‍යතාවය දැන් දැන් හොඳටම දැනෙයි. (නි)
අපොයි දෙයියනේ! රටට ගිය කලක්.යම් යම් අඩුපාඩු තිබිය හැකි වුවත් ගුරුවරුන්ට, මව්පියන්ට නොසළකන හිරිහැර කරන පාපතරයන්ට නම් යහපතක් වන්නේ නැහැ. ඔවුන්ට ඒ පව් වලට කවදා හෝ පළවිපාක විඳින්න සිදු නොවුනොත්, එහෙනම් ලෝකයේ තිබෙන ආගම් බොරු වෙයි (නි)
ඔය වැඩ කරන්නේ වැස්සට වගේ පාසලට ගොඩවුන අය මෝඩහරක් .(අ)
දැන් කොහෙද නන්ද ගුරුවරු? දැන් ඉන්නේ මුදලාලිලා (නි)