මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හැටන් ඔයේ වටවල ගඟ රක්ෂිතයේ පෞද්ගලික බලාගාරයක් ඉදි කිරීම වහා අත්හිටුවන ලෙස නුවරඑළි මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා නියෝග කළේය.
දියගල ඇල්ලට පහලින් ඉදිකිරීම සඳහා ලබා ගත් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගඟ රක්ෂිතය ආක්‍රමණය කර ඇතැයි දිසාපති පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් පරිදි එහි කටයුතු අත්හිටවූ බව නුවර එළිය දිස්ත්‍රික් පරිසර නිලධාරී ආර් එම් එස් ඒ බණ්ඩාර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටම දිසාපතිතුමාට විරුද්ධව කවුරු හරි නඩුවක් දාන්නත් පුළුවන්. ඔබතුමා පරිස්සමින්. (නි)
පරක්කු වෙලා හරි ගත්තු තීරණය, පරිසරයේ අනාගතය ආරක්ෂා කරගැනීමට හොද රුකුලක් (නි)
පුල්ගලික කුඩා විදුලි බලාගාර කියන්නේ කූට ව්‍යාපාරයක්. මේවායේ අයිතිකරුවන් බොහොමයක් දේශපාලකයින් හා හෙංචයියන්.මණ්ඩලයට වැඩි මිලට විදුලිය විකුණලා මහජනයා සූරා කනවා. මේකත් මාෆියාවක් අපේ රටේ (නි)
රටට වින කරන අයට නම් හොඳක් වෙන්නේ නෑ. (ස)
කරුණාකර මෙවැනි ඉදිකිරීම් සදහා බලපත්‍ර දෙන අය සහ එය ලබාගන්නාඇත්තන්ගේ නම් ගම හෙළිකරන්න (අ)
තව සති කිහිපයකින් ආයෙමත් වැඩේ පටන් ගනීවි ලොකු අතක ආසිරි මැද්දේ.(නදී)
දේසපාලන බලයෙන් රටේ සිදුවන්නේ හිතකර දේට වඩා අහිතකර දේවල්ය.ඕනෙම ක්‍රමවේදයන් සුනු විසුනු කර දමා තමාගේ බලය රජ කරවීමට තරම් මේ දේසපාලනය මුළු රටම වෙලාගෙන. (අ)
මෙපමණ කල් කොපමණ වැඩ නිමකර තියනවද දිසාපති පිට රටද හිටියේ. (ස)
දිසාපති තුමාට මාරුවීමක් ලගද කොහෙද?(නදී)
දිය ඇල්ලේ පින්තූර ටික නම් ලස්සනයි. (නදී)
මම කලාපයට පරිබාහිර කෙනෙක්. පාටක ප්‍රතිචාර දැක්කම මටත් ලියන්න හිතුනා. මිනිසුන්ගේ ලෙඩදුක් සුවකරගන්න, මානසික සැනසීම ලබාගන්න ස්වබාවික පරිසරයට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය කරුණක්. දසදහස් ගණනකගේ ලක්ස ගණනකගේ සුවතාවට අබියෝග කොට තාවකාලික සැපත සොයන්නන්ට වෙනදේ ඔවුන්ම දන්නවා. ලංකාදීපයේ වගකීම අනෙකුත් ජනමාධ්‍යයටද අවශ්‍යයි. යහපත් දේ දිගුකාලීන ජයක් ලබනු ඇත. (නි)
ඔබට බොහොම පින් මහත්මයානෙනි.(නදී)
මේකෙ නවත්තලා තියෙන්නේ විදුලි ජනනය පමණයි! ඉදිකිරිම් වැඩ අහවරයි. පේන්නෙ නැද්ද විදුලි කම්බීත් ඇදලා. (නි)
පරිසරය වනසන්න පිබුරුපත් සාදන උදවියට හොඳක් සිද්ද නොවේවා!(නදී)
පරිසරයට ආදරයක් නොදක්වන කොට්ඨාශයක් ඇත්නම් ඔවුන් දේශපාලකයන්ම පමණකි (නි)
අන්න හොද දිසාපති කෙනෙක් (නි)
දියගල කොමලිය ගේ මරණය කල්දාන තීරණය, පණ ඇද ඇද තිබිලා අන්තිමටලු එලියට ආවේ. කියන්න නම් දන්නේ නැත... (නි)
ඔබතුමාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි.(නදී)
දිසාපතිතුමාට ස්තුති කරන්න පෙර අපේ ලංකාදීපයටයි ස්තුති කරන්න ඕනෑ. මොකද ඔය යෝජනාව ගහෙන් පැන්නද? නැහැනේ. ඕවා කලින් කතාවෙලා යෝජනා කරලානේ ගනුදෙනු ඇතිව පටන් ගන්න ඇත්තේ. ඉතින් තොයිලේ පස්සට කල්දමන්න ඇති අපේ ලංකාදීපේ මහජනයාට සොභාව ධර්මය පාඩම කියවනකොට ඊයේ. එහෙනම් ස්තුති කරන්න ඕනෑ අපේ ලංකාදීපේට. ගස්ගල් වල බඩගාලා, මඩගොඩ වල එරිලා,වැස්සට තෙමිලා, අලිපන්නද්දී දුවලා ගහක එල්ලිලා, අමාරුවෙන් ජීවිතේ පරදුවට තියලා කරපු සේවේ වචනයෙන් මිල කරන්න බැහැ. අපිට අපේ අනාගත දරුපැටවුන්ට බලන්නවත් ස්වභාව ධර්මයෙන් දායාද වුණු දෙයක් ඉතිරි වුනා. ලංකාදීපේ කෑනොගහන්න කාගේද කන් ඇහෙන්නේ අද? අපි කෑගහපු තරමක් කෑගැහුවේ බීරි අලියන්ට (නි)
දිසාපති තුමනි, ඉතාමත් කාලෝචිත හොද වැඩක්. මෙම ප්‍රද්ශය පුරාම හැමතැනම කුඩා බලාගාර ඉදිකරනවා, මුදල් විතරයි බලන්නේ මුළු පරිසර පද්ධතියේම සමබරතාව බිදිලා තියෙන්නේ. මේවා නිසා කිසිකලකත් නොවූ ගංවතුර ආපදා එහෙමත් දැන් මෙම ප්‍රදේශ වල තියෙනවා. පරිසරයට කරන හානිය, වනසතුන්ට වන හානිය, පොදුවේ රටටම වන හානිය කාටවත් පෙනෙන්නේ නැහැ. දැන් කුඩා බලාගාර ඉදිකළා ඇති, දැන්වත් මේවා සම්පුර්ණයෙන්ම නවත්තන්න. ඔබතුමා ගත්තු පියවර ආපස්සට ගන්නේ නැතුව ස්ථිර කරන්න. මිනිසාගේ පැවැත්මට විදුලි බලයට වඩා පරිසරය රැකගැනීම වැදගත්. (නි)
අපරාදේ ලස්සන දිය ඇල්ල. (නි)
අනික තමයි ඔය වැඩ නවත්තලා තියන බැම්ම උඩ...? ගොඩක්ම ලේසියෙන් දේශපාලුවෙකුට පුළුවන් අර අතන වගේ කියවීමේ විවේක ශාලාවක් කියලා, ටික ටික ලොකුවෙන බංගලාවක් ගහන්න. අපේ ලංකාදීපේ කැමරාව නිතරම ඔය පැත්තේ දුවලා බලන්න ඕනෑ. ලංකාදීපෙට ගොඩක් පින් කල සේවයට!!!! (නි)
මේවා මේ ප්‍රදේශයට වසංගතයක් වෙලා තියෙන්නේ, ඔබතුමාගේ පියවරට ස්තුතියි (නි)
ඇබර්ඩීන් ඇල්ලත් විනාශ කරන්න යන්නේ කුඩා විදුලි බලාගාරයක් වෙනුවෙන්. ඒකටත් පියවරක් ගන්න. (නි)
මේවා හැදුවා කියල රටට වන සෙතක් නැහැ, මෙයාලා ගිනිගණන් වලට විදුලිය විදුලි බල මණ්ඩලයට දෙන්නේ. ඒකෙන් විදුලි බිල වැඩි වෙනවා විතරයි. පරිසරයත් වනසලා මිනිස්සුන්ට ගිනි දෙන කීප දෙනෙක්ගේ මඩි තර වෙන වැඩක් විතරයි මේක..... (නි)
අයියෝ සිරිපාලට දුන්න ගතම් එක වතුරේ (නි)
දිසාපතිතුමා කරල තියන වැඩේ නම් අගය කල යුතුයි, නමුත් නොබෝ දිනකින්ම අලුත් දිසාපති කෙනෙක් නුවර එළියට පත් කරාවිද කියලයි මට සැක.(නි)
ඔය ඉංජිනේරුවන්ට පරිසරය ඕනෑ නැහැ.ඒ අයගේ රැකියා රැකෙන්නයි ඕනෑ (නි)
මහ දිසාපතිතුමාට ජයවේවා! (නි)