2016-10-18-ent-122

දෙරණ ‘ස්ටාර් සිටි’ රියැලිටි වැඩසටහනේ දෙවැනි අදියරය ඔක්තෝබර් 29 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. පළමු අදියරය මෙන්ම මෙවරද ජනප්‍රිය පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 5ක් මෙවරද තරග වදින අතර, ජනප්‍රිය යොවුන් ටෙලි නාට්‍යය නළු දසුන් නිශාන්ද මෙවර මෙම තරගාවලියට එක්ව සිටියි. ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට ඔහු පැවසුවේ මෙසේය.

“මෙවර එක්වෙන කණ්ඩායම් අතරේ මම තරග කරන්නේ ළහිරු පෙරේරාගේ නායකත්වයෙන් තරග වදින ‘ORIGINALS’ කණ්ඩායමටයි. මාත්, ළහිරුත් එක්ක ප්‍රවීණ රංගන ශිල්පිනි සනෝජා බිබිලේ, යොවුන් රංගන ශිල්පිනී ෂෙහානි කහඳවල හා යොවුන් ගායිකා කාවින්ද්‍යා අධිකාරි තරග කරනවා. මම රියැලිටි තරගයකට සහභාගී වෙන පළමු අවස්ථාව මේක. ඉතින් මම හිතනවා මේක මට අමුතුම අත්දැකිමක් වේවි කියලා. මාත් මගේ කණ්ඩායමත් ‘ස්ටාර් සිටි’ දෙවැනි අදියරයේ හොඳ තරගයක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා.”

 

2016-10-18-ent-123
2016-10-18-ent-121