නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුහුණේ රැලි වැටීම වලක්වා ගැනීම සදහා දොස්තර ගමගේගේ රූපලාවන්‍යාගාරයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය දොස්තර ප්‍රියංගාට දුන් මුල්ම එන්නතෙන් ඇය මිය ගිය බව පෙනේ යැයි පොලිසිය කියයි.

එම්බීබීඑස් වෛද්‍ය උපාධිය සමත් දොස්තර ගමගේ රූපලාවන්‍යාගාර සැත්කම් ආදිය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂ පුහුණුවක් ලැබු අයෙකියි දැනගන්නට ඇත.

දොස්තර ප්‍රිංගා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝ්හලේ වෛද්‍යවරියකි.