කොළඹ ජාතික රෝහලට වසර 150 ක් ගත වීම නිමිත්තෙන්  සංවත්සර සැමැරුමක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.

රෝහල් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ විශේෂ සෞඛ්‍ය සායනයක් ද රෝහලේ බාහිර රෝගී අංශයේ දී පැවැතියේය.

‘අපි වෙනදා රෝගීන්ගේ විවිධ රෝග පිළිබඳ විමසිලිමත් වෙනවා.නමුත් අපිට තියෙන ලෙඩ ගැන සොයා බලන්න අපිට වෙලාවක් නැති නිසා වෛද්‍යවරුන් වන අපිත්  හෙද හෙදියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයටම මෙය හොඳ අවස්ථාවක් ලෙස සලකනවා යැයි සායනයට පැමිණි වෛද්‍යවරයෙක් පැවසීය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල  මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.