IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දොස්තරට සුද්දයක් දුන් හතරක් හඳුනා ගනී:ජනඅරගල අපෙක්ෂිකාව සහ සැමියාට ඇප

(රෝෂන් තුෂාර)

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී අද (12) හඳුනා ගත්තේය.

හඳුනා ගැනීමේ පෙරටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවති අතර සැකකරුවන් සිව් දෙනා ලබන 18දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඔහුගේ සැමියා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි .

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වනු ලබන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා වන ඇතුලත් මුදලිගේ චමින්ද පුෂ්පකුමාර යන සැකකරුවන්ය.

කොළඹ දිස්ත්‍රික්කය පදිංචි සුදාරක දේවප්‍රිය,මොහොමඩ් සාදිප් යුෂුප්,රාජපක්ෂගේ අශේන් හසරංග,දිමුතු එරංග යන සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව බම්බලපිටිය පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ජාවාරම්කරුවන් විසින් කොල්ල කන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි සැකකාරියගේ බැංකු ගිණුමට බැර කළ ඇති බවට තොරතුරු අනාවරණය වූ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අන්තර්ජාල යෙදවුමක් හරහා (ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, අන්තර්ජාලය යෙදූම ඔස්සේ වේලාවන් වෙන්කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000 මුදලක් කොල්ලකෑම සිදු කළ සැකකරුවන් හතර දෙනාට අනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරංග බණ්ඩාර මහතා පෙනී සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැකකරුවන් දෙදෙනකුට ඇප නියම කර සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර විමර්ශන ප්‍රගතිය ලබන 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

 



අදහස් (3)

දොස්තරට සුද්දයක් දුන් හතරක් හඳුනා ගනී:ජනඅරගල අපෙක්ෂිකාව සහ සැමියාට ඇප

kasun Tuesday, 12 November 2024 06:49 PM

අර දෙන්නාට ඇප දෙන්න ඇත්තේ ජන්ද කටයුතු කරගන්න වෙන්න ඇති

:       0       0

බකල ජයා Tuesday, 12 November 2024 06:56 PM

නම නැති අයටත් සමහර පක්ෂ නාමයෝජනා දීල!

:       0       0

අමිතා Wednesday, 13 November 2024 12:15 AM

පැමිණිල්ල ඉදිරිපත් කිරීමත් පොලීසිය මහජනතාව වෙනුවෙන් කටයුතු කිරීමත් ඉතා වැදගත්. ඕනෑම අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි සමාජයක් ඒ සම්බන්ධයෙන් පොලීසිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන සමාජයක්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site