දිවුලපිටිය බල්ලපානෙදි මෝටර් රථයක් පදවා යතුරු පැදියක් අනතුරට ලක් කරමින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළැයි රාගම රෝහලේ දිල්හානි වීරකෝන් වෛද්‍යවරියට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළාය.
නඩු විභාගය අවසන් වන තුරු රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද නියෝග කළාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීල පදවලා වරද පිළිගත්තා නම් රියදුරු බලපත්‍රය අතේනේ (නි)
හරි වැරැද්ද කාගේද කියලා දන්නෙ නැහැ. හැබැයි අද කාලෙ ගොඩක් මෝටර්සයිකල් පාරෙ යන්නෙ තමන්ගෙ ජීවිතේ වගකීම අනුන්ට දීලා (නි)
ආයේ කතා දෙකක් නැහැ චැනල් සෙන්ටර් එකට එන්න තියන හදිස්සියට දොස්තර නෝනා අධික වේගයෙන් කාරෙක පදවන්න ඇති. එක දවසක් හවස් වරුවක මම මගේ වාහනයේ තරමක රථය පදවන අතරතුර මා පසුපසින් හෝන් ගසමින්, ලයිට් ගසමින් හදිස්සිකාරයෙක් ආවා. ටික වෙලාවකින් ඔහු මාව ඉස්සර කරද්දී තමයි දැක්කේ. ඔහුගේ කාරෙකේ ඉදිරියේ තියන රතු කුරුසේ. චැනල් සෙන්ටර් එකේ ලෙඩ්ඩු ගැන හිතලා එතුමා හදිස්සි වුණා කියලා මට හිතුන නිසා ඒ වෙලාවේ මට තරහා ගියේ නැහැ. (අ)
මේ සිද්දිය මුල ඉදලම දන්න කෙනෙක් මම. අනතුර වෙලා ඉන්නෙ මම අදුනන දෙන්නෙක්. එක්කෙනෙක්ගෙ අත කැඩිල. අනිත් කෙනා තාමත් අයිසීයු . හුගක් අමාරුයි. මේ අනතුර වූ වෙලවෙ ඉදලම වෛද්‍යවරයා පොලීසියට බලපෑම් කලා. පස්සෙ බොරු අමාරුවක් පෙන්නල මීගමුව රෝහලට ඇතුළු වුණා. ඊටත් පස්සෙ පොලීසියේ ඒ.එස්.පී. කෙනෙක් මාර්ගයෙන් සිද්දිය යටගහන්න හැදුව. යලුවො දෙන්නගෙ වාසනවට මේක උසාවියට දැම්ම. මේ සිද්දිය අහින් දැකපු සක්ෂි 3ක් ම තියනව. අපි බලගෙන ඉන්නෙ නිතියේ සාධාරනය ඉටුවෙනතුරු. (අ)
එන්නකෝ ඉස්පිරිතාලෙට කියලා දොස්තර නෝනා මුමුණන්න ඇති. (නි)
සමාජ තත්වය රැකගැනීමට සුක්කානම අතට ගන්නා දොස්තර කාන්තා රියදුරන් ගැන ඉතාම තද ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)
අපෝ ඕක අල්ලල දාන්න. නැත්නම් දොස්තර සංගමය වර්ජනය කරයි. ඒගොල්ලො කියලා තිබුනෙ ඒ අය විශේෂිත වෘත්තිකයෝ කියලා. (නි)
දොස්තර වුණත් නීතිය එකයි (නි)
කවුරු වුණත් කමක් නැහැ. දඬුවම් දෙන්න (නි)
හදිසි අනතුරක් යනු හදිසි අනතුරකි. එය ඕනෑම කෙනෙකු අතින් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි නිසා තමයි වාහනයක් පාරට දැමිමට පෙරම රක්ෂණ කියලා දෙයක් මාසිකව ගෙවන්නට හැමෝටම නීතියෙන් නියම කර ඇත්තේ. (නි)
සුසිල් මහත්තයෝ, මම මේ ඔය කතාවම කියන්න හැදුවා විතරයි. දොස්තර සංගමය හිතන්නේ ඒගොල්ලෝ අලිවංශයේ වර්ගයක් කියලයි. මගෙත් ළමයෙක් ඉන්නවා දොස්තරියක්. ඒ වුණත් මට දැන් හිතෙනවා පිටරටින් දොස්තරලා රටට ගෙන්න ගත්තා නම් වඩා හොඳයි කියලා (නි)
මේ සිද්දියේ ඇත්ත නොදන්නා බොහෝ අය ප්‍රතිචාර ලියනවා .එත් මම එතන හිටියේ කඩේක .මම දැක්ක සිද්දුණුදේ. ඒ ඇන්ටිගේ කාර් එක නවත්තල තිබුනේ .250 වර්ගයේ බයික් එකක් ඇවිත් වේගයෙන් එකේ හැපුනා .එත් එක්කම ඒ ඇන්ටි ඒ අයියලව රෝහලට යවල එයත් ගිහින් ඒ අයියාලට උදව් කරලා තියෙනවා. එත් මේ ප්‍රතිචාර දන්න අය දන්නේ නැ ඇත්ත. දොස්තර කෙනෙකුට කවදාවත් අනතුරකදි ලෙඩෙකුට බේත් කරන්න හිතෙන එකක් නැ (අ)
දොස්තර වුණත් කවුරු වුණත් හදිසි අනතුරක් සිදුවිය හැකිය. මෙය පටු විදියට බලන්නේ ඇයි කියන එකයි ප්රශ්නය. තවම කිසිම සංගමයක් මෙයට මැදිහත් වෙලත් නැහැ. නැති ප්‍රශ්නයක් ඇති කිරීමට සමහරුන් උත්සාම කරන බවයි සමහර අදහස් දැක්කම පේන්නෙ (නි)
රියදුරු බලපත්‍රය අත්හිටුවලා, ඇපත් නියම කරලා. පුද්ගලික දෙයක් නිසා කිසිම සංගමයක් මැදිහත් වෙලත් නැහැ. ඒත් සමහරු ලියලා තියෙන කතා...? අනේ මන්දා! රට කොයිබටද? (නි)
දොස්තරවරුන් ගැන වෛරයකින් මෙතන අදහස් දමා ඇති බව පෙනේ. මෙය කා අතින් වුවද සිදුවිය හැකි රිය අනතුරකි. අවදානම යනු එයයි. ඒකයි රක්ෂණයක් තියෙන්නේ (නි)
මෙතන අදහස් දක්වා ඇති සමහරුන් මෙම සිද්ධිය ගැන නොව දොස්තරවරු ගැන පැහැදිලි ඊර්ෂ්‍යාවකින් අදහස් දමා ඇති බව තේරෙනවා (නි)
ධම්ම, නම හොඳ වුණාට ඔයාගෙ අදහස් නම් හරිම කැතයි. අද වෙන කෙනෙකුට වුණාට හෙට ඔයාගෙ අතින් හදිසි අනතුරක් විය හැකියි කියලා හිතේ තියාගෙන කටයුතු කරන්න. (නි)
එය හදිසි අනතුරක්. මේ අත් දෙකෙන් කොපමණ ජීවිත බේරාගෙන ඇද්ද? (නි)
සජී, ඒත් සමහර බවලත් උදවිය බැරි දේවල් කරන්න හදනවා වැඩියි. (නි)
ධම්ම කියන කෙනාට මට හිතෙන්නේ නම මූසිල කියලා දැම්මා නම් හොඳයි කියලා (නි)
පාරේ වාහන වැඩියි. එක්කෝ ත්‍රීවීල් අඩුකරන්න හෝ නැතිකරන්න. ඔක්කොම පාරේ. (නි)
නැහැ නන්දනී ගැහැණුකම කිසිම දෙයකට බාධාවක් නෙමයෙි. දවසකට කොච්චර නම් පිරිමි අය අතින් රිය අනතුරු වෙනවද එහෙනම් (බ)
රසිකායි සමන්තයි ලංකාවේ අය නොවෙයිද? කරුණාකර කුමාරගේ ප්‍රකාශය කියවන්න. මේක තමයි ලංකාවේ බොහෝ දෙනෙක් මෙවැනි සිද්ධියකදී හැසිරෙන විදිය. මා කිව්වේ මේ වගේ අය හිතන විදිය. (නි)
සිංහල සමාජයේ කුහකකම, ඊර්ෂ්‍යාව මොනවට පැහැදිලි වන අදහස් ටිකක් කියෙව්වෙමි. නන්දනී යටවර මහත්මිය සහ අනෙකුත් කුහක අදහස් ඇත්තනි, බලන් කඩතුරා හැර දෑසේ! (නි)
හදිසි අනතුරු කලින් සැළසුම් කරලා සිදුවෙන්නේ නැහැනේ (නි)
දොස්තරලාද මනුෂ්‍යයෝය. වැරදි සිදුවෙන්නේ මිනිසුන් අතිනි (නි)
මේ හින්දා අපේ මුස්ලිම් රටවල වාහන පදවන එක කාන්තාවන්ට තහනම්. අන්න එහෙම කළා නම් හරි. (නි)
මෙහි වරදකරු කවුද යන්න තිරණය කර නැත. නඩු විභාගය අවසන් වනතුරුයි රියදුරු බලපත්‍රය අත්හිටුවීමට තිරණය කර ඇත්තේ. මෙය සාමාන්‍යයෙන් සිදුකරන දෙයක්. කවුරු කළත් මෙය හදිසි අනතුරක් විනා සැළසුම්සහගතව කරන ලද මිනිමැරුමක් නොවේ. (නි)
අස්ලාම්, ඔයාගෙ රටේ හදිසි අනතුරු වෙන්නෙම නැතුව ඇති නේද? මොකක්ද රට? අපිටත් දැනගනන් කියන්නකෝ. (නි)
හදිසි අනතුරු, අවදානම, රක්ෂණය වැනි වචන වල තේරුම නොදන්නා බොහෝ පිරිසක් අපේ රටේ සිටිනා බව මා හට හැඟේ. (නි)
අපේ රටේ මාර්ග නීති පිළිපැදිය යුත්තේ වාහන පදවන්නන් පමණක් යන අදහස බොහෝ පදිකයින්ට ඇති බව පෙනේ. ඔවුන් සිත්නනේ වාහනයක්ද පයින් යන අයෙකුට මෙන් එක්වරම නැවැත්විය හැකියි කියාය. ඔවුන් පාර පනින්නේද එසේ සිතාගෙන යැයි පෙනේ. රියදුරන් මෙන්ම පදිකයින්ද මාර්ග නීති පිළිපැදිය යුතුවේ. (නි)
දොස්තර කිව්වහම අපේ අය කුලප්පු වෙන්නේ මොකද කියලා හිතාගන්න බැහැ. ඒ වුණාට හෙම්බිරිස්සාවක් හැදුනත් දුවන්නේ දොස්තර ළඟට. දොස්තරලා නොහිටියා නම් මේ රටේ ජනගහණය මෙයින් බාගයටත් වඩා අඩුවෙලා මෙලහකටත්. කරුණාකර වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරන්න ඉගෙනගන්න. පුද්ගලික කෝන්තර අමතකකර සමස්තයක් ගැන හිතන්න. (නි)
අතුරු පාරවල රැක සිට ස්ත්රින් රිය පදවාගෙන එනවිට උවමනාවෙන්ම සුළු අනතරු කරගෙන මුදල් කඩාගන්නා අයද මේ ලංකාවෙ සිටිති. (නි)
යමුනා, ඔයා ඊර්ෂ්‍යාවෙන් පීඩිතවෙලා කියලයි මට පෙනෙන්නේ. හරිදේට හරි කියන්න. වැරදිදේට වැරදියි කියන්න (නි)
දොස්තර කෙනෙක් වුණාම මිටවඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ (නි)
අනතුරු කියන දේ අප කා අතිනුත් සිදුවිය හැක. එය වළක්වා ගැනීමට තමයි කවුරුත් අවධානය යොමුකළ යුත්තේ.දෙයක් වුණාට පසු අරයටයි මෙයාටයි දොස් පැවරීම වැඩකට නැති දෙයකි. (නි)
තුවාල වුන පිරිසට වන්දියක් දුන්නා නම් නේද හොඳ?(හේ)
කවුරු වුණත් කමක් නැහැ. ඇත්ත ඇතිසැටියෙන් කිවයුතුයි. (නි)
කෙවින් ඔයාල කොහොමත් ගෑණු අය එළවනවට කැමති නෑ අපිට පේනවා පිරිමි පාරෙදිත් ගෑණුන්ව පාලනය කරන හැටි (බ)
වැරැදි වෙනවා මිනිස්සු අතින්. හිතලා කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.(හේ)
සජී, ඔන්න ඔතන තමයි අපේ ගැහැණු අයට වැරදුන තැන. අපි අඳුන ගන්න ඕන අපේ පුළුවන් කම් බැරි කම්. අපි නිකං බොරුවට නං දොඩවලා වැඩක් නෑ. පිරිමින්ට අපිට වඩා බොහෝ දේ කළ හැකියි කියන සත්‍යතාවය අපිට අකමැත්තෙන් වුවත් පිළිගන්න වෙනවා සජී. දුක් වෙන්න එපා! ඊර්ෂ්‍යා කරන්න එපා! (බ)