තඹිබෝව ග්‍රාමීය රෝහල පසු ගිය 27 වැනිදා සිට වසා දැමීම නිසා ගම් 15 ක ජනයාට බෙහෙත් ගැනීමට තැනක් නැතී වී තිබේ. වෛද්‍යවරයා සිය මංගල උත්සවය සදහා නිවාඩු ගොස් නැවත පැමිණෙද්දී යම් කිසිවකු ඔහුගේ නිළ මිනිස් මළ ප්‍රහාරයක් හා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර නිළ නිවසේ දොරවල් කඩා දැමීම නිසා වෛද්‍යවරයා සිය බඩු මුට්ටුද රැගෙන රෝහලින් පිටත්ව ගිය බව ගැමියෝ කියති. මෙතෙක් කිසිදු වෛද්‍යවරයකු රෝහලට එවා නැත. මේ පිළිබඳව වයඹ පළාත් සෞඛ්‍යෙස්වා අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා කියා සිටියේ මෙම රෝහලේ ප්‍රශ්නය පිළිබඳව පරීක්ෂණයක් සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජනී, කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන මෝඩ කතා කියන්නේ නැතුව ලංකාවේ ග්‍රාමීය රෝහල් වලට ගිහින් බලන්න ඒවායේ තත්වේ. එතකොට තේරෙයි තමන් කියන කතා වල තරම (නි)
එතකොට මෙච්චර වෙලා උදේ හවස රෑ විවේකයක් නැතිව ලෙඩ්ඩු බලලා තියෙන්නේ මේ දොස්තර මහත්තයාද? වැරැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ.... ගම් 15කට අඩු තරමේ වෛද්‍යවරු 3න් දෙනෙක්වත් සිටිය යුතුයි නේද? වෛද්‍යවරයාට කෘත ගුණ නොදැක්වූ වනචාරීන්ට මුලින්ම දඬුවම් දියයුතුයි. දෙවනුව රෝහලේ පහසුකම් වැඩිකර වෛද්‍යවරු තුන් දෙනෙක්වත් ලබා දියයුතුයි.. (නි)
බැරිද කොන්දොස්තර කෙනෙක් යවන්න? (නි)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රෝහලේ ප්‍රශ්නය හොයන එක හොඳයි. හැබැයි ඊට කලින් රජයේ දේපළ වලට හානිකළ අය අත්අඩංගුවට ගන්න. (නි)
තබ්බෝවට ටිකක් අපලයි වගේ. තම ජීවිතයේ වැදගත්ම කටයුත්තට ගිහින් ආපු මනුස්සයට ඔහොම සලකන එක වැරදියි නේද? පුලුවන්නම් අර ග්‍රාම සේවක නෝනටත් දුරකතනයෙන් සද්දේ දාපු වන ජීවී මහත්තුරුන්ට ගහමුකෝ බලන්න අසූචි බාල්දියක් කොන්දක් තියේනම්.(නදී)
අපට තේරෙන හැටියට එතුමා බැහැරව සිටි කාලයට වැඩ බලන්න කෙනෙක් ඉඳල නැහැ. ඒ නිසා හදිස්සි කාරයෙක් තමන්ගේ කෝපය පිටකෙරුව නිල නිවසට අලාභ කරලා. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යකෂට ප්‍රශ්නෙකුත් නැහැ. දොස්තර මහත්තයට ප්‍රශ්නෙකුත් නැහැ. හොරාට ප්‍රශ්නෙකුත් නැහැ. විඳවන්නේ දුප්පත් ගැමියෝ. (නදී)
සිද්දිය දන්නැතිව කට තිබුණු පලියට ප්‍රතිචාර කරන්ඩ එපා. ඔය වගේ ගෑනියෙක් තමා ඔය සිද්දි වලට මුල් උනේ.(නදී)
ගම්වල ඉන්නවා අශීලාචාර කොටසකුත් (නි)
මිනිසුන්ට එපා නිසානේ එහෙම කරලා තියෙන්නේ. වහලම දාන්න තියෙන්නේ තේරෙන්නත් එක්කම (නි)
දොස්තර මහතා සාධාරනයි. වැරදිකරුවන්ට දඩුවම් කළ යුතුයි (නි)
පේන විදියට මේ දොස්තර මහතා තනිවම හිටපු රෝහලක්.ගමේ මිනිස්සු දැනගන්න ඕනෑ දොස්තර මහතාගේත් නම්බුව රකින්න.පෙනෙන විදියට කඩාකප්පල්කාරී වැඩක් (නි)
පරීක්ෂණ,පරීක්ෂණ, පරීක්ෂණ. මේ රටේ කරපු පරීක්ෂණ වල හැටියට විසදුම් ලැබුනා නම් මෙලහකටත් මේ රට කොහොම තැනක තියෙයිද? (නදී)
රන්ජනී, මෙතන කතා කරන්න කලින් හරියට දැනගෙන කතා කරන්න. ග්‍රාමීය රෝහලක ඉන්නේ එක දොස්තර කෙනෙක් විතරයි. ඒක නිසා වැඩ බාර දීල යන්න වෙන දොස්තර කෙනෙක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ වගේ වෙලාවට එතනට වෙන දොස්තර කෙනෙක් දාන එක කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයෙන් වෙන්න ඕන දෙයක්. ඒකට දොස්තරට කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. එහෙම නැහැ කියල ඔයා කියන්නේ දොස්තරට තමන්ගේ මංගල උත්සවෙත් නවත්තල දාල කෙලෙහි ගුණ දන්නේ නැති ගමේ උන්ට පින් බෙහෙත් දිදී ඉන්න කියලද? දොස්තරලා කියන්නෙත් මිනිස්සු මිසක් වහල්ලු නෙවෙයි. අනික දොස්තරලා ඕන තරම් ඉන්න ඇති තරම් පහසු කම් තියෙන එංගලන්තේ තියෙන ලොකු ඉස්පිරිතාලත් එක්ක තනි දොස්තර කෙනෙක් ඉන්න අඩු පහසු කම් තියෙන ග්‍රාමීය රෝහලක් සංසන්දනය කරන්න එපා. (නදී)
නිළ මිනිස් මළ ප්‍රහාරත් තියෙනවද දැන්?(නදී)
තබ්බෝවට යවන්න ඕනෑ. පශු වෛද්‍ය කෙනෙක්ව දාන්න ඉන්න හරක්ට බෙහෙත් දෙන්න (නි)
ඩොක්, ඔයාට වැරදීමක් මම ගැහැනියක් තමා. හැම ගැහැනියක්ම එක වගේ නැහැනේ .මතකද පහුගිය කලෙක පත්තරේ තිබුන මංගල ඇදුම පිටින් ප්‍රවෘර්ති කියන්න ගිහින්. ගැහැනුන්ට අපහාස කරන්න එපා ! ඔයාගේ අම්මත් ගැහැනියක් නේද ? මම කීවේ එංගලන්තේ (මෙහෙ) නීතිය. මෙතන තියෙන්නේ ගැහැණිගේ වරදක් නෙව්නේ දොස්තරගේ වරද. ඔයාට වල්ගේ පෑගිලා.(නදී)
රන්ජනී, එංගලන්තේ කොහොමද මේකට සමාන කරන්නේ? බටහිර රටවල කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න , ශල්‍යකර්ම කර ගන්න කොච්චර බලන් ඉන්න ඕනෑද. කැනඩාවේ සමහර වෙලාවට කොච්චර අමාරු වුනත් සුමානයක් විතර බලන් ඉන්න ඕනෑ. මෙහෙ වගේ නිකන් පාමසියකට ගිහින් බෙහෙත් ගන්නත් බැහැ. (නි)
අපි නම් සිද්ධිය දන්නේ නැහැ. අනේ දොස්තර මහත්තයෝ, අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන ගමන් ඔය කියන කෙනාට පිස්සු බලු එන්නත විද්දා නම් ? (නි)
පරණ පෙම්වතියගේ වැඩක් වෙන්න ඇති. දොස්තර එයාට බූට් එක තියලා වෙන කෙනෙක් ලොකු දෑවද්දක් එක්ක බදින්න ඇති.(නදී)
වෙන දොස්තර කෙනක් පත් කරලනේ මගුල් කන්න යන්න ඕනා. ලෙඩ්ඩු මැරුණද දන්නේ නැහැ.(නදී)
රංජනී මේක සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්.(නදී)
රංජනී , තාම බදින්න බැරි වුනා නේද ? (නි)
කෝ මේ ඇමතිතුමා? (නි)
වෙන මොකක් හරි මංගල්ලෙකුත් ඔතන ඇති කියලා මට හිතෙනවා. (නි)