IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක තුනක වගා හානි තක්සේරුව අවසන්

(අංජුල මහික වීරරත්න)

පොලොන්නරුව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්ක වල ඉකුත් මහ කන්නයේ ගංවතුරින් සිදුවූ වගා හානි තක්සේරු කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එසේම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්ක වල වගා හානි පරීක්ෂාවන් අවසන් අදියරේ පවතින අතර ත්‍රිකුණාමලය, කිලිනොච්චි, යාපනය යන දිස්ත්‍රික්ක වල හානි පරීක්ෂා කිරීම ආරම්භ කර ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

ගංවතුරින් හානි වූ බිම් ප්‍රමාණය අක්කර ලක්ෂයක් බවට අද (24) දිනය වන විට ගණනය කර තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ඇතුලු නිලධාරීන්, ගොවි සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් හානි තක්සේරු කටයුතු සිදු කරනු ලබයි.

මෙහිදී හානි වාර්තා කර ඇති සියලු ගොවි බිම් පරීක්ෂාවට ලක් කර අවසන් වාර්තාව සකස් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.



අදහස් (0)

දිස්ත්‍රික්ක තුනක වගා හානි තක්සේරුව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site