(ඩයනා උදයංගනී)

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

මේ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇත.

මෙම දිස්ත්‍රික්කයන්හි කඳු, බෑවුම් ආශ්‍රිතව සහ නායයෑමේ  අවදානම ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.