2007 වසරේ දී කොළඹ බණ්ඩාරනායක සමරුහලේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍යවරිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් ගොනු කළ නඩුව අලුත් කඩේ දිසා අධිකරණයේදී අද යළි විභාගයට ගත්තේය. ඇය රෝද පුටුවෙන් එහි ආවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද බුද්දිමත් තරුණ නායකයෙක්. මේ නඩුවෙන් ඒ දොස්තරවරියට වන්දි මුදල සම්පුර්ණයෙන් ලැබෙන්න කියා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ජය වේවා! (නි)
මෙයින් රටම ආදරය කරන දියණියට අගතියක් වේවිද කියලා මට බයයි (නි)
මම නම් අලුත් කඩේ ගිහින් නැහැ. කොහොම වුණත් ආබාධිත අයට යන්න අදාල පාරක් තියෙන්න ඕනෑ. (නි)
ශාන්ති, මෙතන ඇමති කෙනෙක් පෙන්නෙ වැහැනේ.(නදී);
ආයුබෝවන් කිවුවම ඇති වැරැද්ද මොකක්ද? (නි)
ඇමතිකෙනෙක් වුණත් ඔහු දක්ෂ නීතිඥයෙක්නේ. මෙතන ඇමතිකමයි, නීතිඥකමයි පටලවාගන්න එපා. (නි)
ඔයාට බයවෙන්න දෙයක් නැහැ අක්කා (නි)
මේ පින්තුර ටිකෙන් මුල්ම පින්තුරේ දැක්කම මතක් වුණ වරදක් තමයි වෙන (දියුණු වෙමින් පවතින) බොහෝ රටවල ඕනෑම නව ගොඩනැගිල්ලක් නිර්මාණය කරන අවස්ථාවේදීම අබාධිත අය සදහා වෙනම බෑවුම් මගක් ඇතුලත් කරන එක. එහෙම නැත්නම් මෙවැනි පැරණි ගොඩනැගිලි සදහා තරප්පු පෙලට කොනකට වන්න එවැනි බෑවුම් මගක් නිර්මාණය කළ හැකි නේද? විශේෂයෙන්ම මෙවැනි වැදගත් ගොඩනැගිලි සදහාවත්.... (නි)
ආබාධිතයන්ට පහසුකම් නැති තැන් හරිම අසාධාරණයි (නි)
සංජීව, සිංහල සිරිතට අනුව ආචාර සමාචාර කරන පිලිවෙලවත් නොදන්නා ඔබ සිංහලයක්ද? සිංහල නුනත්, අඩුගනනේ ලංකාවේද? ඔබ ඔය පෙන්නන්නේ ඔබේම මෝඩකම, අමනකම හා නුගත්කම බව තේරුම් ගන්න. (නි)
හැමෝන්ටම යුතුකමක් තියනවා ඔය නඩුව ඉක්මනට ඉවර කරලා එයට සාධාරණයක් කරන්න. (ස)
වඳින්නේ අත් දෙක හිස් මුදුනේ තබාය. මෙහෙම වඳිනවා නම් වැරදිය. ඒ බව නොදැන මොනවද අහන්නේ.පන්සල් ගිහින් නැද්ද? (නි)
අනේ මට නීති සිසුවිය අචලා මතක් වුණා. (නි)
වන්දි මුදල ලැබෙනකොට ඇය 60 පනී. අනේ මොකෝ මේ දරුවට මෙතරම් වද දෙන්නේ? කාගේද වැරැද්ද? දෙවියෝ දනී අපි නොදනී.(නදී)
අලුත් කඩේ උසාවියට එන ආබාධිතයන්ට යන්න එන්න පුළුවන් විදියට පහසුකම් බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සැලැස්විය යුතුයි නේද? (නි)
ඔබව ඔය විදිහට දැකීම අපට වේදනාවක්. (නි)
මේ නඩු මේ තරම් කල්ගන්නේ ඇයිද මන්දා අවුරුදු 6ක් තිස්සේ ජීවිතයෙන්ද වන්දිගේවා උසාවි ගානේද රස්තියාදු වෙන්න වෙලා.(ස)
සංජීව, සිංහල ක්‍රමයට ආචාර සමාචාර, වැදුම් පිදුම්, ආවාහ විවාහ... මේ වචන හරියට තේරුම් නොගෙන අදහස් පලකිරීම කළ යුතු දෙයක් නොවේ. (නි)
සහෝදරිය, ඔබට එම වන්දිය මුළුමනින්ම ලැබේවා! නමුත් ඔබගේ ජීවිතයට වුණු පාඩුව මිළ කළ හැකිද? (නි)
පවු නේද? හොදට හදලා තිබුනා නම් මේ වෛද්‍යවරියත් අද හොදට ඉන්නවනේ (නි)
මේ වටිනා දියණියට සාධාරණයක් ඉෂ්ටකරන්න කරන්න මෙපමණ පමා වෙන්නේ ඇයි? අපේ රටේ නීතිපද්ධතියේ වැඩකටයුතු මෙතරම් මන්දගාමීද? (නි)
සමිතා වෙනුවෙන් පෙනී හිටින්නේ අපේ මන්ත්‍රීතුමාද? (නි)
මේ වගේ වෙලාවල් වලට දේශපාලකයො පැමිණීම තුලින් මේ අහිංසක තරුනිය ගැන වැරදි මතයක් රටේ ඇතිවිය හැකියි නේද? (නි)
මට තේරෙන හැටියට, මේකට ඇමතිතුමාව ඕනෑ නැහැනේ ,නේද? (නි)
කාටද මේ වදින්නේ? (නි)
දයාසිරි මේ වගේ තැන්වලට කළු කෝට් එකයි ලෝගුවයි දාගෙන ඇවිත් පැනල වඳිනවා. ඊට පස්සේ තැන තැන කියනවා මිනිහා නඩුවට කතාකරා කියලා. ඔය නඩුව කතාකරන්නේ අර්ස කුලරත්න කියල දක්ෂ ලෝයර් කෙනෙක්. දයාසිරි ගෑවිලාවත් නැහැ (නදී)
එතනට ඇමතිතුමා මොනවට ඇවිත්ද? (නි)
මොන දේවල්ද මේ අහන්නේ? "කාටද මේ වදින්නේ"ලු. සිංහල අපේ ආචාර විදිය තමයි ඕක ,දන්නේ නැත්නම් දෙමවුපියන්ගෙන් අහගන්න.උගත් වැඩිහිටියෙකුට වඳින එකේ ඇති වැරැද්ද මොකක්ද? "දේශපාලකයන් පැමිණීම තුලින් වැරදි මතයක්?" එහෙම වෙන්නේ කොහොමද? කවුරු හෝ පැමිනියහම එලවා ගන්න සිරිතක් සිංහලය ළඟ නැහැ, අනික එතුමා ඇයගේ නීතිඥයාද කවුද දන්නේ. (නි)
ලෝකයේ දියුණු රටවල රෝද පුටුවලින් යන අයට විශේෂ පහසුකම් සළසලා තිබෙනවා. විශේෂයෙන්ම පොදු ස්ථානවලට ඇතුළුවීමේ සහ පිටවීමේ මාර්ග. අපෙත් එහෙම කෙරුවා නම් හොඳයි නේද? බලධාරීන්ගේ ඇස් හැරේවා! (නි)
දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ,අනික් මන්ත්‍රීවරුන් වගේ පරාජික වෙච්ච කෙනෙක් නෙමෙයි.කෙලින් කතාකරන,කෙලින් වැඩකරන,මානව හිතවාදී,ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක්. නීතිඥයෙක් හැටියට දොස්තර දුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා ඇති. (නි)
වදිනවා කියන්නේ වෙන ක්‍රමයකට. මේකට කියන්නේ ආචාර කරනවා කියලා (නි)
අලුත් කඩේ අලුත් වුණත් අබාධිතයන්ට තරප්පුවෙන් උඩට එන්න අමාරුයි නේද? (නි)
මොන දෙකින් හරි විනාශ වෙන්නේ අපේම වටින ජීවීත නේද? මම මේ දොස්තර ගැන නිතර පලවෙන ලිපි බලලා තියෙනවා, එයට සාධාරනයක් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
21 වෙනි සියවසේ අපි ජිවත් වුණත් ලංකාවේ ආබාධිත පුද්ගලයන්ට තැනක් නැහැ කියලා තේරෙනවා (නි)
අංජන සහ ශාන්ති, මන්ත්‍රී කවුද ඇමති කවුද කියලා දන්නේ නැහැ වගෙයි. (නි)
කෙලින්ම කියන්නකෝ මේ බණ්ඩාරනායක ශාලාවේ පවත්වපු දැයට කිරුළෙන් ලැබුණු දායාදයක් කියලා ... (නි)
අලුත් කඩේ කිවුවට බිත්ති හරි කැතයි නේ ... (නි)
සමිත අරමුදලෙන් මුදල් ලැබුන නේද ඒවාට මොකද කලේ, තව තංහා වෙන්න එපා, ලැබුන මුදලුත් ඔයා වගේ අය එක්ක බෙදා හද ගන්න. සංගීතයෙන් හොද ගානක් ලැබුන නේද, ඔය වගේ ආබාධිත කාටහරි නැගිටින්න උදව් කරන්න. සල්ලි මොකටද ඔය තරම්.(නදී)
ඒක ආචාර කිරීමක්. ඔහොම වඳින්නේ නෑ. (ස)
කියන්නෝ කෙසේ දෙඩුවත් මෙතන තිබෙන්න මානුෂිය ආචාර කිරීමක්. (නි)
අනිත් ආයතන ගැන මොන කතාද. උසාවියටත් රෝදපුටුව පැදගෙන යන්න බැරිනම්. වඩුවාගේ ගෙදර පුටුව නැනේ.(නදී)
දිරිය දියණිය, ඔබට ජය! (නි)
කිරුල ඔළුවට නැතුව වෙන කොහෙට කඩා වැටෙන්නද? (නි)
අති විශිෂ්ටයි මන්ත්‍රීතුමනි. අද කාලේ ඔබ වැනි අය අඩුයි (නි)
කොම හරි මන්ති තුමා ලකුණු දාගන්න ආවා වගේ. (ස)
මේ උදවියට දයාසිරිගේ මූන පේනවා, හැබැයි ඇදගෙන ඉන්න කළු කබාය පෙනෙන්නෙ නැහැ (නි)
සමිතා ඉතාම එඩිතරයි. අපට ලොකු පාඩමක් ඇය කියා දුන්නා. රජයේ ආයතන වලින් අපට හිරිහැර වුනාම අපි කරන්නේ කාට හරි බැනලා හිත හදා ගැනීම නේද? නමුත් විය යුත්තේ සමිතා කළ දේයි. වරක් පාර්ලිමේන්තු පාර හදනකොට ඒ පාරේ ගිය වාහනයක් කෙලින්ම වැවට වැටිලා තරුණ යුවලක් මැරුණ. 'පාර අවසානයි' කියල බෝඩ් එකක් පාර හැරෙන තැනට දාන්න තරම් ඒ වැඩේ කළ අය සැළකිලිමත් වුනේ නැහැ. මේ වගේ රාජ්‍ය ආයතන කරන වැරදිවලට එරෙහිව වන්දි ඉල්ලන්න ජනතාව පුරුදු වුනොත් එයාලා පිස්සු නැටීම නවත්වන්න පුළුවන්. (නි)
දයාසිරි මහතා හරිම හොද දේශපාලකයෙක්. මට හිතෙන විදිහට එයත් උදවු කරනවා වෙන්න ඇති මේකට. (නි)