රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා ඇතුළු පිරිසක් පානදුර රාජකීය විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ තනතුරුවලට නීති විරෝධී ආකාරයෙන් පත්වී ඇති බව කියමින් හිටපු නිලධාරීහු පිරිසක් පානදුර දිසා අධිකරණයේ නඩු පැවරූහ.
සොයිසා මහතාට අමතරව සජීව මෙන්ඩිස් අඹේපොල, චමිල් එරන්ද සිල්වාට එරෙහිව එම නඩු පවරා ඇත්තේ ලලිත් අශෝක පෙරේරා ඇතුළු පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“මාධ්‍ය ප්‍රකාශක“ කියන තනතුර නම් කොයි ආණ්ඩුවෙත් ලැබෙන්නේ කොහොම කෙනෙකුටද කියලා අපි දන්නවා. පහුගිය කාලෙත් සමහර ආයතන, කාර්යාංශ වල හිටපු මාධ්‍ය ප්‍රකාශකලා කරපු සංදර්ශන අපි සජීවිවම මාධ්‍ය හරහා දැක්කානේ. (නි)
අපිත් දැක්කා සමහර මාධ්‍ය ප්‍රකාශකලා එකල හැසිරුනු හැටි. සමහර ආයතන මුළුමනින්ම ජනතා අප්‍රසාදයට ලක්වුණේ ඔය කියන මාධ්‍ය ප්‍රකාශකලා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා හැසිරුනු හා කළ කී දේවල් නිසයි. (නි)
ලැජ්ජානැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියලා අපේ පැරණි අය කියනවනේ (නි)
රටේ හැම අංශයක්ම දේශපාලනිකරණයවි ඇතිකාක් කිසිදු රටක් කවරදාකවත් හැදෙන්නේ නැත. දියුණු වෙන්නේ නැත. නීතිය හරියට ක්‍රියාත්මක කිරීමට හෝ ඇස් පනාපිට හිඩැස් ඇති නීති ඉක්මනින් වෙනස් කිරීමට මුදල් වැය වන්නේ නැත. කවුරුත් විරුද්ධ වෙන්නේද නැත. ඇයි නීතිරිති හරියට ක්‍රියාත්මක කරලා, නව නීති හදලා හරි මේ රට සාධාරණය රජයන හොඳ රටක් කරන්න බලය ඇති අය උත්සාහ නොකරන්නේ? (නි)
සමහර මාධ්‍ය ප්‍රකාශකයන් කියන අයට මාධ්‍ය ගැන ඇති දැනුමකුත් නැහැ. ප්‍රකාශයක් කරනවා නම් කරන්නෙත් කාටහරි වාසි වෙන අන්දමට (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රූකඩයෝ ආණ්ඩුවට කඩේ යන වගයි. (බ)
මේවගේ බාල දේශපාලන දඩයම් එක්ක ඔය රට නම් කිසිම දවසක හැදෙන්නේ නැත. (බ)
ඔය තනතුරු වලට පඩි ගෙවනවද? බොරුවට නඩු පටලවන්නේ? දුප්පත් මනුස්සයින්ගේ දේපල රජයේ දේපල කොල්ලකන එවුන්ට කිසි නඩුවක් නැහැ. (හේ)
බලෙන් පත් වෙලානම් ඒ ගැන බලන්නම වෙනවා.(හේ)
ඔය ඉස්කෝලේ හැදුවේ වර්ණකුලසූරිය ගුරු පියාණන්. දැන් නම් ඉස්කෝලේ අපායක්, එත් නිල තල අරගෙන නම කරන වැඩක් පෙන්නේ නැහැ කවුරුවත්. ඉස්කෝලේ ඉගෙනගත්තු, රටේ ලොකු තැන්වල ඉන්න උගත්තු හොඳ අය ඉස්කෝලේ පැත්තෙවත් එන්නේ නැහැ. ඉස්සර ඉඳන් හිටපු මදාවියෝය් හරි හමන් රස්සාවක් වත් නැති බිස්නේස්ස් කරනවා කියල කියාගන්න එවුනුයි ඉස්කෝලේ කනවා. හරියට ලංකාවේ දේශපාලනේ වගේ. (බ)