IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දොස්තර සංගමේ ප්‍රකාශකට යාපනේදී හූ කියයි

යාපනය ශික්ෂණ රෝහලේ අද පැවති වෛද්‍ය වරුන්ගේ රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා කතා කරමින් සිටිය දී වෛද්‍යවරුන් ඊට එරෙහි වූ බව යාපනයේ ආරංචි මාර්ග කියයි.

අමාත්‍යංශය විවේචනය කරමින් ඔහු කළ කතාවට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් විවිධ ප්‍රකාශ කළ බවත්, ඇතැමුන් හූකියූ බවත් එම ආරංචි සඳහන් කරයි.

ඉන් පසු එම රෝහල් අධ්‍යක්ෂගේ මැදිහත්වීම මත රැස්වීම අවසන් කළ බව කියති.

මේ ගැන කළ විමසීමක දී වෛද්‍ය සොයිසා මහතා කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව හැසිරුණු බවයි.ආවේගශීලීව කතාබහක් ඇති වුවත් පහරදීමක් සිදු නොවූ බව ද, අධ්‍යක්ෂ වරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් ඉවත් කළ බව ද සොයිසා මහතා කීවේය.



අදහස් (0)

දොස්තර සංගමේ ප්‍රකාශකට යාපනේදී හූ කියයි

ඇන්ජලෝ Wednesday, 20 April 2016 09:19 PM

දහම්ට තියෙන්නේ ජාතිවාදී මානසික ලෙඩක්. හැම කාරණයම එක විදිහට පෙනෙන්නේ. නිකන් උගන්වලා, රැකියාවත් දීලා, කාරයකට පර්මිට් එකකුත් දීලා තවත් දේවල් ඉල්ලනවා. (නි)

:       0       0

උපාලි Wednesday, 20 April 2016 11:17 PM

සමන්ත, වෛද්‍ය සංගමය ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නද, රෝගීන් ආරක්ෂා කරන්නද? කවදත් ඒගොල්ලෝ කළේ නම් තමන්ගේ පැවැත්මයි, ලෙඩුන් ප්‍රාණ ඇපයට ගෙන තමන්ගේ සුඛවිහරණයයි ආරක්ෂා කරගන්න වැඩකිරීම පමණයි. ඔය ඔබ කියන නිදහස් අධ්‍යාපනය ලබා පිටරට උපාධිවලට ගිය වෛද්‍යවරුන් 30% ආපහු පැමිණ නැහැ කියලා කියනවා නේද? ඒකද අපට අවශ්‍ය? (නි)

:       0       0

සුමාල් පෙරේරා Thursday, 21 April 2016 01:57 AM

සමන්තගේ අදහස මමත් අනුමත කරනවා. (නි)

:       0       0

මුණසිංහ Thursday, 21 April 2016 02:18 AM

උපාලිට කියන්න තියෙන්නේ මෙච්චරයි. වෛද්‍යවරුන්ට විතරක් නොවෙයි රස්සාවක් නැති අපටත් හිතිලා තියෙන්නේ ලංකාවේ ඉඳලා වැඩක් නැහැ කියලා. දේශපාලකයෝ ඔක්කොම හිතන්නේ තමන් ගැන විතරයි. රට ගැන හිතලා වැඩ කරන්නේ නැහැ. සමන්තට මමත් එකඟයි. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 21 April 2016 02:24 AM

මේ රටේ කොහෙද නිදහස් වෛද්‍ය සේවයක් තියෙන්නේ? (නි)

:       0       0

ටිකිරි Thursday, 21 April 2016 03:06 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ වර්ජනය කළ හැම අවස්ථාවකම ජනතාවගේ පිළිකුලට භාජනයවුවා සේම රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නාවිට ගෞරවයටද පාත්‍රවේ. ඔවුන් චැනල් සේවාවේ යෙදෙන්නේ රජය විසින් ඒ සඳහා දී ඇති අවසරය මතය. තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අතරම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා යෝජනා රැසක් රජයට ඉදිරිපත් කර ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවියේ තොරතුරු කියවා බැලීමෙන් වටහාගත හැකිය. (නි)

:       0       0

චන්න Wednesday, 20 April 2016 01:48 PM

සොයිසා යාපනේට ගියාට පස්සේ හොදින් පරිස්සන් වෙන්න. යාපනේ අයගේ වකුගඩු අතුරුදහන් වෙන්න පුළුවන් (අ)

:       0       0

අසිස් Thursday, 21 April 2016 04:13 AM

අද දොස්තරලා මුදලාලිලා වෙලා අයියෝ අපට ගිය කල (බ)

:       0       0

දහම් Wednesday, 20 April 2016 03:25 PM

යාපනේ දොස්තරලා දැන්මම වෙනම රටක ඉන්නේ වගේ.(බ)

:       0       0

සමන්ත Wednesday, 20 April 2016 03:37 PM

චන්න, ඔයාගේ ඔය දත් දොස්තර මහත්තයා යාපනේ ගියොත් තමයි වකුගඩු පරිස්සම් කරගන්න වෙන්නේ. ඔයගොල්ලෝ වගේ යටි අරමුණුවලට වැඩ කරන පොඩි පිරිසක් එකතුකරන් අතේ පත්තුවෙන බේගල් අැදබෑවට රටේ බහුතරයක් මිනිස්සු තවම මේ නිදහස් වෛද්‍ය සේවයටත්, ඒක වෙනුවෙන් පෙනීසිටින වෛද්‍ය සංගමයටත් ආදරෙය්, ඒ මිනිස්සු නැත්නත් ඔයා ඔය ප්‍රශස්ති කියන ජාතියේ දේශපාලකයෝ නිදහස් වෛද්‍ය සේවය කප්පාදු කරලා ගොඩක් කල් (බ)

:       0       0

ජයන්ත Thursday, 21 April 2016 04:54 AM

වෛද්‍යවරු කියන්නේ ඉතාම හොද සේවයක් කරන පිරිසක් ලොකේ කොහේ උනත්. රොගියෙක්ගේ හිතට බලාපොරොත්තුවක් දෙන්නේ ඒ අය. (ර)

:       0       0

සේන Thursday, 21 April 2016 05:26 AM

වෛද්‍ය නිලධරීන් ගේ සංගමය වෘත්තීය සමිතියකි, එහි ප්‍රධාන අරමුණ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් , වරප්‍රසාද සහ සුභසධනයයි . මෙය ඕනෑම වෘත්තීය සමිතියක පොදු කාරණයකි . මහජන මුදලින් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් විතරද ? අනෙක් අය තමන්ගේ සලිලි වලින්ද ඉගෙන ගත්තේ ? හරි පුදුමයිද , නැත්නම් කුහක ඊර්ෂ්‍යාවද ? (බ)

:       0       0

මොහාන් Wednesday, 20 April 2016 05:39 PM

මේ සංගමය ගැන දන්නවා රටේ මිනිස්සු. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 21 April 2016 06:10 AM

සේන, වෘත්තීය සංගමේ වැඩ කරන්නේ නැතුව අනුන්ගේ සීනි කිරන්න ගිහින් මාධ්‍යවේදීන්ට බැනල රජයේ සම සෞඛ්‍ය උපාධිය විනාශ කරන්න ගිහින් නේ මෙයාල සවුත්තු වුනේ. කෙසෙල් ගහ හම්බ වෙනකම් කොට කොට යාවි තව ටිකක්. (බ)

:       0       0

ගමගේ Wednesday, 20 April 2016 06:23 PM

දෙමළද සිංහලද කියලා නොවෙයි මෙවන් අවස්ථා වලදී බලන්න ඕනෑ (නි)

:       0       0

වින්සන්ට් Thursday, 21 April 2016 06:30 AM

සෞඛ්‍ය සේවයේ නිදහස් බව දැනෙන්නේ නැති බැරි මිනිසුන්ටය. නැතිබැරි එකා එක්කෝ ඉක්මනින් පරලොව යා යුතුය. නැතිනම් ඉඩකඩම්, කණකර විකිණිය යුතුය. වෛද්‍ය සංගමයේ හැසිරීම තමන් වෙනුවෙන්ද? නැතිනම් ජනතාව වෙනුවෙන්ද? (ර)

:       0       0

ලෙස්ලි Wednesday, 20 April 2016 07:59 PM

මොවුන් මීටවැඩිය වගකීමෙන් හැසිරෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

චන්දන Thursday, 21 April 2016 07:35 AM

වින්සන්ට් මහතාණෙනි වෛද්‍ය සංගමයේ හැසිරීම පර්මිට්, දීමනා සහ වරදාන වෙනුවෙනි. (ර)

:       0       0

සනත් Wednesday, 20 April 2016 08:47 PM

චන්නලා තිත්ත කසාය බීලා දැන් ගොලුවෙලා ඉන්නෙ... (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 21 April 2016 07:58 AM

නිදහස් සෞක්‍ය සේවයක් කොහෙද තියෙන්නේ ? ඒවා සීනිබෝල වචන විතරයි. තිබෙන්නේ ලංකාවේ තිබෙන්නේ ලාබ නොලබන පෙර-ගෙවුම් සෞක්‍ය ව්‍යාපාරයක්. අපි කලින් ගෙවන බදු මුදල් වලට වලට පසුව අපිට අවශ්‍ය වෙලාවට සේවය ලබාදිය යුතුයි. පිනට බේත් දෙන්නේ නැහැ කොහෙවත්. අපි ඒවාට අවශ්‍ය මුදල කලින් ගෙවල තිබෙන්නේ. ඒ මුදල් වලට සේවය ලබාදෙන්න තමයි ඔවුනට පඩියක් ගෙවන්නේ. හැබැයි මනිස්සුන්ට ගෙවන මුදල සේවයක් ලැබෙන්නේ නෑ. සේවය කිරීමයි බඩ වියත රැකගැනීමට රැකියාවක් කිරීමයි කියන දෙකේ වෙනස නොදන්නා අය තමයි බෙරිහන් දෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site