යාපනය ශික්ෂණ රෝහලේ අද පැවති වෛද්‍ය වරුන්ගේ රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා කතා කරමින් සිටිය දී වෛද්‍යවරුන් ඊට එරෙහි වූ බව යාපනයේ ආරංචි මාර්ග කියයි.
අමාත්‍යංශය විවේචනය කරමින් ඔහු කළ කතාවට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් විවිධ ප්‍රකාශ කළ බවත්, ඇතැමුන් හූකියූ බවත් එම ආරංචි සඳහන් කරයි.
ඉන් පසු එම රෝහල් අධ්‍යක්ෂගේ මැදිහත්වීම මත රැස්වීම අවසන් කළ බව කියති.
මේ ගැන කළ විමසීමක දී වෛද්‍ය සොයිසා මහතා කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව හැසිරුණු බවයි.ආවේගශීලීව කතාබහක් ඇති වුවත් පහරදීමක් සිදු නොවූ බව ද, අධ්‍යක්ෂ වරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් ඉවත් කළ බව ද සොයිසා මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්ට තියෙන්නේ ජාතිවාදී මානසික ලෙඩක්. හැම කාරණයම එක විදිහට පෙනෙන්නේ. නිකන් උගන්වලා, රැකියාවත් දීලා, කාරයකට පර්මිට් එකකුත් දීලා තවත් දේවල් ඉල්ලනවා. (නි)
සමන්ත, වෛද්‍ය සංගමය ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නද, රෝගීන් ආරක්ෂා කරන්නද? කවදත් ඒගොල්ලෝ කළේ නම් තමන්ගේ පැවැත්මයි, ලෙඩුන් ප්‍රාණ ඇපයට ගෙන තමන්ගේ සුඛවිහරණයයි ආරක්ෂා කරගන්න වැඩකිරීම පමණයි. ඔය ඔබ කියන නිදහස් අධ්‍යාපනය ලබා පිටරට උපාධිවලට ගිය වෛද්‍යවරුන් 30% ආපහු පැමිණ නැහැ කියලා කියනවා නේද? ඒකද අපට අවශ්‍ය? (නි)
සමන්තගේ අදහස මමත් අනුමත කරනවා. (නි)
උපාලිට කියන්න තියෙන්නේ මෙච්චරයි. වෛද්‍යවරුන්ට විතරක් නොවෙයි රස්සාවක් නැති අපටත් හිතිලා තියෙන්නේ ලංකාවේ ඉඳලා වැඩක් නැහැ කියලා. දේශපාලකයෝ ඔක්කොම හිතන්නේ තමන් ගැන විතරයි. රට ගැන හිතලා වැඩ කරන්නේ නැහැ. සමන්තට මමත් එකඟයි. (නි)
මේ රටේ කොහෙද නිදහස් වෛද්‍ය සේවයක් තියෙන්නේ? (නි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ වර්ජනය කළ හැම අවස්ථාවකම ජනතාවගේ පිළිකුලට භාජනයවුවා සේම රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නාවිට ගෞරවයටද පාත්‍රවේ. ඔවුන් චැනල් සේවාවේ යෙදෙන්නේ රජය විසින් ඒ සඳහා දී ඇති අවසරය මතය. තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අතරම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා යෝජනා රැසක් රජයට ඉදිරිපත් කර ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවියේ තොරතුරු කියවා බැලීමෙන් වටහාගත හැකිය. (නි)
සොයිසා යාපනේට ගියාට පස්සේ හොදින් පරිස්සන් වෙන්න. යාපනේ අයගේ වකුගඩු අතුරුදහන් වෙන්න පුළුවන් (අ)
අද දොස්තරලා මුදලාලිලා වෙලා අයියෝ අපට ගිය කල (බ)
යාපනේ දොස්තරලා දැන්මම වෙනම රටක ඉන්නේ වගේ.(බ)
චන්න, ඔයාගේ ඔය දත් දොස්තර මහත්තයා යාපනේ ගියොත් තමයි වකුගඩු පරිස්සම් කරගන්න වෙන්නේ. ඔයගොල්ලෝ වගේ යටි අරමුණුවලට වැඩ කරන පොඩි පිරිසක් එකතුකරන් අතේ පත්තුවෙන බේගල් අැදබෑවට රටේ බහුතරයක් මිනිස්සු තවම මේ නිදහස් වෛද්‍ය සේවයටත්, ඒක වෙනුවෙන් පෙනීසිටින වෛද්‍ය සංගමයටත් ආදරෙය්, ඒ මිනිස්සු නැත්නත් ඔයා ඔය ප්‍රශස්ති කියන ජාතියේ දේශපාලකයෝ නිදහස් වෛද්‍ය සේවය කප්පාදු කරලා ගොඩක් කල් (බ)
වෛද්‍යවරු කියන්නේ ඉතාම හොද සේවයක් කරන පිරිසක් ලොකේ කොහේ උනත්. රොගියෙක්ගේ හිතට බලාපොරොත්තුවක් දෙන්නේ ඒ අය. (ර)
වෛද්‍ය නිලධරීන් ගේ සංගමය වෘත්තීය සමිතියකි, එහි ප්‍රධාන අරමුණ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් , වරප්‍රසාද සහ සුභසධනයයි . මෙය ඕනෑම වෘත්තීය සමිතියක පොදු කාරණයකි . මහජන මුදලින් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් විතරද ? අනෙක් අය තමන්ගේ සලිලි වලින්ද ඉගෙන ගත්තේ ? හරි පුදුමයිද , නැත්නම් කුහක ඊර්ෂ්‍යාවද ? (බ)
මේ සංගමය ගැන දන්නවා රටේ මිනිස්සු. (නි)
සේන, වෘත්තීය සංගමේ වැඩ කරන්නේ නැතුව අනුන්ගේ සීනි කිරන්න ගිහින් මාධ්‍යවේදීන්ට බැනල රජයේ සම සෞඛ්‍ය උපාධිය විනාශ කරන්න ගිහින් නේ මෙයාල සවුත්තු වුනේ. කෙසෙල් ගහ හම්බ වෙනකම් කොට කොට යාවි තව ටිකක්. (බ)
දෙමළද සිංහලද කියලා නොවෙයි මෙවන් අවස්ථා වලදී බලන්න ඕනෑ (නි)
සෞඛ්‍ය සේවයේ නිදහස් බව දැනෙන්නේ නැති බැරි මිනිසුන්ටය. නැතිබැරි එකා එක්කෝ ඉක්මනින් පරලොව යා යුතුය. නැතිනම් ඉඩකඩම්, කණකර විකිණිය යුතුය. වෛද්‍ය සංගමයේ හැසිරීම තමන් වෙනුවෙන්ද? නැතිනම් ජනතාව වෙනුවෙන්ද? (ර)
මොවුන් මීටවැඩිය වගකීමෙන් හැසිරෙන්න ඕනෑ නේද? (නි)
වින්සන්ට් මහතාණෙනි වෛද්‍ය සංගමයේ හැසිරීම පර්මිට්, දීමනා සහ වරදාන වෙනුවෙනි. (ර)
චන්නලා තිත්ත කසාය බීලා දැන් ගොලුවෙලා ඉන්නෙ... (නි)
නිදහස් සෞක්‍ය සේවයක් කොහෙද තියෙන්නේ ? ඒවා සීනිබෝල වචන විතරයි. තිබෙන්නේ ලංකාවේ තිබෙන්නේ ලාබ නොලබන පෙර-ගෙවුම් සෞක්‍ය ව්‍යාපාරයක්. අපි කලින් ගෙවන බදු මුදල් වලට වලට පසුව අපිට අවශ්‍ය වෙලාවට සේවය ලබාදිය යුතුයි. පිනට බේත් දෙන්නේ නැහැ කොහෙවත්. අපි ඒවාට අවශ්‍ය මුදල කලින් ගෙවල තිබෙන්නේ. ඒ මුදල් වලට සේවය ලබාදෙන්න තමයි ඔවුනට පඩියක් ගෙවන්නේ. හැබැයි මනිස්සුන්ට ගෙවන මුදල සේවයක් ලැබෙන්නේ නෑ. සේවය කිරීමයි බඩ වියත රැකගැනීමට රැකියාවක් කිරීමයි කියන දෙකේ වෙනස නොදන්නා අය තමයි බෙරිහන් දෙන්නේ. (ර)