IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දොස්තර වර්ජනයෙන් ලෙඩ්ඩු අමාරුවේ

අද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිති කිහිපයක් අයවැයට එරෙහිව වැඩ වැරීම නිසා රටපුරා රෝහල් රැසක ලෙඩ්ඩු දැඩි අසීරුවට පත්වූහ.

නොමිලේ ලැබෙන බෙහෙත් ටිකවත් නැතැයි බොහෝ දෙනෙක් වර්ජකයන්ට දොස් පවරමින් හැරී ගියහ.

වෛද්‍යවරුන්ගේ සංගමය පැවසූයේ වාහන බලපත්‍ර ඇතුළු තම අයිතිවාසිකම් රැසක් අහිමි කිරීමට එරෙහිව ඔවුන් තැබූ පළමු පියවර මෙය බවයි.

රජය පවසනුයේ වාහන ගැනීම සඳහා වෛද්‍යවරු ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ගෙවන බවයි.

ළමා රෝහල් හා මාතෘ රෝහල්හි මෙම වර්ජනය නොපවතින බව වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.

මේ අතර පාදුක්ක රෝහලේ බාහිර අංශයේ වෛද්‍යවරියක පමණක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන බව රෝහල් ආරංචි කියයි.

දිනකට දහස් ගණනක් රෝගීන් පැමිණෙන කොළඹ ජාතික රෝහලේද බාහිර රෝගී අංශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවූ අතර සායන රෝගී අංශයේද ප්‍රතිකාර සිදු නොවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

(දඹුල්ල)

20151203_081312 20151203_081401 doctor_2015123-23 doctor_2015123-27 doctor_20151237

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස

(බදුල්ල)

badulladoc_20151232 badulladoc_20151232-2 doctor_2015123-23-5

ඡායාරූප - පාලිත ආරියවංශ

(පාදුක්ක)

vlcsnap-2015-12-03-10h28m35s207

vlcsnap-2015-12-03-10h30m19s225

ඡායාරූප - බුද්ධික කුමාරසිරි

(හොරණ)

bima_20151234 bima_20151234-2 bima_20151234-3

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

(අම්පාර)

img_4 img_1 img_2 img_3

ජායාරූප - වසන්ත චන්ද්‍රපාල

doc_2015123682 doc_20151236823

doc_20151236824

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

දොස්තර වර්ජනයෙන් ලෙඩ්ඩු අමාරුවේ

ආනන්ද Thursday, 03 December 2015 04:51 AM

මම ව්‍යාපාරිකයෙක්. මම රජයට ආදායම් බදු ගෙවන්නෙක්. අපෙන් සල්ලි අරගෙන මේ අයට උගන්වන්නේ. මේගොල්ලෝ ඒ මුදල් කවදාහරි රස්සාවක් කරනකොට ආපසු රජයට ගෙවියයුතු නොවේද? ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපෙන් බදු අයකිරීම සාධාරණද? විදේශ රටවල මා දන්නා තරමින් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නට රැකියා කරන කාලයේදී ඒ මුදල් නැවතත් රජයට ගෙවිය යුතුය. (බ)

:       0       0

දම්මික Thursday, 03 December 2015 04:49 AM

හැකි ඉක්මනින් ඉන්දීය වෛද්‍යවරුන් ලංකාවට ගෙනෙන්න. රෝගීන් අපහසුතාවට පත්වන්නට ඉඩ දෙන්න එපා. එය රජයේ වගකීමක්. (බ)

:       0       0

බිමල් Thursday, 03 December 2015 04:54 AM

ඒගොල්ලන්ට ලක්ෂ 10ක් නම් රස්සා නැති අයට 20ක් දෙන්න (බ)

:       0       0

බිමල් Thursday, 03 December 2015 04:53 AM

මේගොල්ලන්ට ලක්ෂ 10 ක් දෙනවානම් රස්සා නැති අයට 20 ක් වත් ඕනේ. (ම)

:       0       0

සුබෝදිනි Thursday, 03 December 2015 05:00 AM

මේ වගේ දුප්පත් රටක මේ වගේ වරප්‍රසාද ඉල්ලන්න අපි ලජ්ජා වෙන්න ඕනේ. මටත් ගිය පාර පර්මිට් එකක් ලැබුණා. නමුත් අපි ආත්මාර්ථකාමී නොවිය යුතුයි. (ම)

:       0       0

අමරනන්ද Thursday, 03 December 2015 04:57 AM

මම ව්‍යාපාරිකයෙක්. මම රජයට ආදායම් බදු ගෙවන්නෙක්. අපෙන් සල්ලි අරගෙන මේ අයට උගන්වන්නේ. මේගොල්ලෝ ඒ මුදල් කවදාහරි රස්සාවක් කරනකොට ආපසු රජයට ගෙවියයුතු නොවේද? ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපෙන් බදු අයකිරීම සාධාරණද? විදේශ රටවල මා දන්නා තරමින් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නට රැකියා කරන කාලයේදී ඒ මුදල් නැවතත් රජයට ගෙවිය යුතුය. (ම)

:       0       0

අජිත් Thursday, 03 December 2015 04:58 AM

රැකියා විරහිත දරුවන්ට පමණක් මේ පර්මිට් දුන්න හම හොදටම ඇති? අනිත් අයට මාසේ අන්තිමට පඩියක් ලැබෙනවා නේද? (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 03 December 2015 05:07 AM

වෛද්‍ය වරුත් කරගන්නේ එසේ මෙසේ පවක් නෙවෙයි බැලුවම ! තමන්ගේ පටු අභිමතාර්තයන් වෙනුවෙන් අහිංසක රෝගීන්ගෙන් පලිගන්න වෛද්‍ය වරු ඉන්න ලෝකේ එකම රට ලංකාව වෙන්නැති ! ඔය උගත් කම දෙමු ළමයෙකුට !(ම)

:       0       0

සමිත Thursday, 03 December 2015 06:48 AM

ඉන්දියා වෛද්‍යවරුන් ගෙනැවිත් මේ අඩුව පුරවන්න. එය රජයේ යුතුකමක්. වර්ජන කළ යුත්තේ අයිතිවාසිකම් වෙනුවෙන් මිස වරප්‍රසාද වෙනුවෙන් නොවෙයි. මාසයක් දෙකක් ගෙදරට වෙලා ඉන්නකොට නිකම්ම වැඩට ඒවි. දෙන්නනම් එපා වැඩිපුර සතයක්වත්. ඒගොල්ලන්ට දෙනවනම් රටේ හැමෝටම ඕනේ. අැයි අපි විතරක් වැඩිපුර බදු ගෙවන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site