අද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිති කිහිපයක් අයවැයට එරෙහිව වැඩ වැරීම නිසා රටපුරා රෝහල් රැසක ලෙඩ්ඩු දැඩි අසීරුවට පත්වූහ.
නොමිලේ ලැබෙන බෙහෙත් ටිකවත් නැතැයි බොහෝ දෙනෙක් වර්ජකයන්ට දොස් පවරමින් හැරී ගියහ.
වෛද්‍යවරුන්ගේ සංගමය පැවසූයේ වාහන බලපත්‍ර ඇතුළු තම අයිතිවාසිකම් රැසක් අහිමි කිරීමට එරෙහිව ඔවුන් තැබූ පළමු පියවර මෙය බවයි.
රජය පවසනුයේ වාහන ගැනීම සඳහා වෛද්‍යවරු ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ගෙවන බවයි.
ළමා රෝහල් හා මාතෘ රෝහල්හි මෙම වර්ජනය නොපවතින බව වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
මේ අතර පාදුක්ක රෝහලේ බාහිර අංශයේ වෛද්‍යවරියක පමණක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන බව රෝහල් ආරංචි කියයි.
දිනකට දහස් ගණනක් රෝගීන් පැමිණෙන කොළඹ ජාතික රෝහලේද බාහිර රෝගී අංශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවූ අතර සායන රෝගී අංශයේද ප්‍රතිකාර සිදු නොවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
(දඹුල්ල)
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
(බදුල්ල)
ඡායාරූප - පාලිත ආරියවංශ
(පාදුක්ක)
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
(හොරණ)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
(අම්පාර)
ජායාරූප - වසන්ත චන්ද්‍රපාල
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ව්‍යාපාරිකයෙක්. මම රජයට ආදායම් බදු ගෙවන්නෙක්. අපෙන් සල්ලි අරගෙන මේ අයට උගන්වන්නේ. මේගොල්ලෝ ඒ මුදල් කවදාහරි රස්සාවක් කරනකොට ආපසු රජයට ගෙවියයුතු නොවේද? ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපෙන් බදු අයකිරීම සාධාරණද? විදේශ රටවල මා දන්නා තරමින් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නට රැකියා කරන කාලයේදී ඒ මුදල් නැවතත් රජයට ගෙවිය යුතුය. (බ)
හැකි ඉක්මනින් ඉන්දීය වෛද්‍යවරුන් ලංකාවට ගෙනෙන්න. රෝගීන් අපහසුතාවට පත්වන්නට ඉඩ දෙන්න එපා. එය රජයේ වගකීමක්. (බ)
ඒගොල්ලන්ට ලක්ෂ 10ක් නම් රස්සා නැති අයට 20ක් දෙන්න (බ)
මේගොල්ලන්ට ලක්ෂ 10 ක් දෙනවානම් රස්සා නැති අයට 20 ක් වත් ඕනේ. (ම)
මේ වගේ දුප්පත් රටක මේ වගේ වරප්‍රසාද ඉල්ලන්න අපි ලජ්ජා වෙන්න ඕනේ. මටත් ගිය පාර පර්මිට් එකක් ලැබුණා. නමුත් අපි ආත්මාර්ථකාමී නොවිය යුතුයි. (ම)
මම ව්‍යාපාරිකයෙක්. මම රජයට ආදායම් බදු ගෙවන්නෙක්. අපෙන් සල්ලි අරගෙන මේ අයට උගන්වන්නේ. මේගොල්ලෝ ඒ මුදල් කවදාහරි රස්සාවක් කරනකොට ආපසු රජයට ගෙවියයුතු නොවේද? ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපෙන් බදු අයකිරීම සාධාරණද? විදේශ රටවල මා දන්නා තරමින් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නට රැකියා කරන කාලයේදී ඒ මුදල් නැවතත් රජයට ගෙවිය යුතුය. (ම)
රැකියා විරහිත දරුවන්ට පමණක් මේ පර්මිට් දුන්න හම හොදටම ඇති? අනිත් අයට මාසේ අන්තිමට පඩියක් ලැබෙනවා නේද? (ම)
වෛද්‍ය වරුත් කරගන්නේ එසේ මෙසේ පවක් නෙවෙයි බැලුවම ! තමන්ගේ පටු අභිමතාර්තයන් වෙනුවෙන් අහිංසක රෝගීන්ගෙන් පලිගන්න වෛද්‍ය වරු ඉන්න ලෝකේ එකම රට ලංකාව වෙන්නැති ! ඔය උගත් කම දෙමු ළමයෙකුට !(ම)
ඉන්දියා වෛද්‍යවරුන් ගෙනැවිත් මේ අඩුව පුරවන්න. එය රජයේ යුතුකමක්. වර්ජන කළ යුත්තේ අයිතිවාසිකම් වෙනුවෙන් මිස වරප්‍රසාද වෙනුවෙන් නොවෙයි. මාසයක් දෙකක් ගෙදරට වෙලා ඉන්නකොට නිකම්ම වැඩට ඒවි. දෙන්නනම් එපා වැඩිපුර සතයක්වත්. ඒගොල්ලන්ට දෙනවනම් රටේ හැමෝටම ඕනේ. අැයි අපි විතරක් වැඩිපුර බදු ගෙවන්නේ. (බ)