රාගම රෝහලේ වෛද්‍යවරයකුගේ මෝටර් රථයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නතර කැර තිබිය දී රුපියල් 126000ක් සොරා ගත් බව කියන කොළඹ පෞද්ගලික රෝහලක සාත්තු සේවකයකු (21) සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
එම වෛද්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ද සේවය කරන බවත්, එම පෞද්ගලික රෝහලේ වාහනය නවතා තිබිය දී කාලයක සිට වාහනයේ තිබෙන මුදල් නැති වෙන බවත්, දින කිහිපයකට පෙර එහි තිබූ 126000ක් ද නැති වූ බවත් කියමින් වෛද්‍යවරයා පෙරේදා (12) පොලිසියට පැමිණිල්ලක් කළේය.
රෝහල් කාමරයේ මේසය මත මෝටර් රථයේ යතුර තබා දැඩිසත්කාර ඒකකයට ගිය බව ද, නැවත එද්දී යතුර නොතිබූ හෙයින් රෝහල් රථගාලට ගොස් මෝටර් රථය පරීක්ෂා කරද්දී එය යතුරු දමා තුබූ පරිදිම තිබුණු බව ද, නැවත කාමරයට යද්දී යතුර මේසය මත තිබුණු බව ද වෛද්‍යවරයා පොලිසියට කියා ඇත.
කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන අරඹා රෝහලේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.
රෝහලේ රථගාල අසළ කැමරාවක සටහන්ව තිබුණේ රෝහලේ උපස්ථායකයකු ලෙස සේවය කරන තරුණයකු එම මෝටර් රථය අසළට දිව විත් එහි පිටුපස සහ ඉදිරිපස දොරවල් විවෘත කර යමක් සොයා දිව යන ආකාරයයි.
ඒ අනුව වෛද්‍යවරයා ද දැනුම්වත් කර අද (12) සවස එම සාත්තු සේවකයා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර තරුණයා සොරා ගත් බව කියන මුදලින් යතුරු පැදියක් මිලදී ගත් බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ පවත්වයි.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාලන් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මධුමාල් ගමගේ, පොලිස් කොස්තාපල්වරුන් වන 84244 රත්නායක, 70031 අසංක සහ 70337 සම්පත් යන මහත්වරු විමර්ශන පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දොස්තර (දී)
අදින්නාදානා වේරමණී සික්ඛා පදං යන්න දෙවෙනි සිල්පදය ලෙස සඳහන් කොට වසර 2500 කටත් ඉහතදී බුදුන් වහන්සේ මනුෂ්‍ය සංහතියට මිනිස් කම රැක ගන්න හැටි කියල දුන්න. අද ලෝකයේ "මිනිසෙක්" වෙන්න නම් හොරකම් කළ යුතුවම තිබෙනවා. මේ සියල්ලම බුදු බනින් ඈත් වීමේ ඍජු ප්‍රතිපල. (දී)
ඒ කියන්නේ ඔක්කොම සල්ලි චැනලින්. බදු නැතුව කෙලින්ම අතට හම්බවෙනවනේ.(නදී)
මෙහිදී මට හිතෙන දෙය නම්, වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බවකි. ඔයිට සමාන දෙයක් මට සිදුවෙලා මම පොලිසියේ පැමිණිල්ලක් කරද්දී එහි ඕඅයිසි මහත්තයා මට කිවේ තමන්ගේ දේ "තමන් පරිස්සම් කරගන්න එක ගැන කල්පනා නොකළ නිසා අපිටත් කරදයක් වෙනවා" කියලයි. මම ඒක පිළිගත්තා අවංකවම. මගේ මුදල නැති උනාට මේ දොස්තර මහතාට නම් ඒවා ලැබෙයි නේ.? (නදී)
තමන්ගේ මුදල් ගැන මීට වැඩිය සැලකිලිමක් වෙන්න ඕනේ.(නදී)
බදු සල්ලිත් නොගෙවා හම්බ කරන මුදල් වලින් කීයක් හරි පිනට දහැමට දුන්නම මොකද වෙන්නේ.(නදී)
රු : 126000/= ක් නැති උනා කියන්නේ ,දොස්තර මහතාගේ දවසේ ආදායමද ? දවස් කීපයක ආදායමද ?අනුරාධපුරේ පැත්තේ ගියා නම් ,කාලා, බීලා හරි ලොකු බිලක් ගෙව්වා කියා හිතමුකෝ...නමුත් උපස්තායකගේ හොරකම නම් කැතයි ප්‍රියේ.(නදී)