රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින සමාජ ක්‍රමය විසින් මිනිසුනට උරුම කර දී ඇති සාර ධර්ම වලට අනුව කවුරු කවුරුත් පොර කන්නේ ඇතුලත අලංකාර කර ගන්න නොව පිට පොත්ත ලස්සන කර ගන්න. අන්තිමේදී ඒ වට වන්දි ගෙවන්නේ අමාරුවෙන් ලබා ගත්ත මනුෂ්‍ය ජීවිත. අහෝ ඛේදයකි! (අ)
මේ දොස්තරවරයා ඌන සුදුසුකම් ඇති කෙනෙක් බව දැන් හෙළිවෙන බව මාද්‍ය වලින් පල වෙනවා. මොහු රුපවාහිනි නාලිකාවක ද පෙනී සිටියා. මේ වැඩසටහන් සෑම නාලිකාවකම වාගේ උදේට දකින්න පුළුවන්. මේවා බලන අපේ කාන්තාවෝ ඒවා ඔස්සේ යමින් කරදරයේ වැටෙනවා. මිට කලින්ද ෆේෂල් කිරීමකදී කාන්තාවක් මිය ගියා. මේ දෙවැනි එක. ලංකාවේ රුපවාහිනිය ප්‍රබල මාද්‍යයක් නිසා මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට පෙර ඒවාට ඉදිරිපත්වන අයගේ සදුසුකම් සහ අලෙවි කරන දේ ගැන එම්.ඕ.එච් වරයාගේ සහතිකය ඇත්දැයි පරික්ෂා කිරීමෙන් වැඩසටහන් ප්‍රචාරය කරවීමට මානව සම්පත් අමාත්‍යංශය හෝ අදාළ බලධාරීන් කටයුතු කිරීම කාලෝචිතය. නැතිනම් තව තවත් මෙවැනි ඛේදවාචක අසන්නට ලැබේවි. ඒ වගේම වැඩසටහන ලස්සන කරන්නට කරුණු හොයනවාට වඩා වගකීමෙන් කටයුතු කිරීම රුපවාහිනි නාලිකාවල වගකීමද වේ. (නදී)
නීතිය මොන විදියට තිබුනත් කාන්තාවන් ලස්සන වෙන්න හදන එක නවත්වන්න නීතියට අමාරුයි. (නි)
මෙතන දෙන්නම දොස්තරලානේ. ආවට ගියාට වැරදීමක් වෙන්න බැහැ. බෙහෙතේ ප්‍රමිතිය නැහැ හෝ කල්ඉකුත් වූ ඒවා වෙන්න ඇති. රජය මේවා සොයා බලනතුරු මේ ඛේදවාචකයන් නවතින්නේ නැහැ. (නි)
සත්‍යා කියන මහත්තයාට මොනවාහරි විෂ දෙයක් කැවිලා වගෙයි (නි)
දැනට වසර 30 කට විතර පෙර මෙහෙම සැලුන් මුකුත් තිබුනේ නැහැනේ. අපේ අම්මලා ඔය කියන ජාති මුකුත් නැතුව මුහුණ බොහොම ලස්සනට පිරිසුදුව සෝදලා තියාගෙන හිටියා.සමහර අම්මලා හොඳට තිබෙන මුහුණ මොනවාහරි ජරාවක් උලාගෙන අසාත්මික වෙලා එළියට බහින්න බැරුව ඉන්නවා (නි)
ක්‍රමයක් ස්ථිර වැඩපිළිවෙලක් නැති මේ වගේ වැඩ නිසා රටේ සල්ලි නාස්ති වෙනවා පමණයි. කෙරෙන කිසිම දෙයක් නැහැ. කකුලේ බරවා, බෙහෙත බඳින්නේ බෙල්ලට. (නි)
අනිත් අයට උන ගැනෙන්න මෙයාට බෙහෙත් දෙන්න ඕනේ. (නදී)
වරදක් කළා නම් දඬුවම් ලබාදිය යුතුය. පළමුව දොස්තරගේ උපාධි සහතික බලා ,මොහු සැබෑ දොස්තර කෙනෙක්ද , හොර දොස්තර කෙනෙක්ද යන්න දැනගත යුතුය. (නි)
දැන් දවස් හයක් රිමාන්ඩ් එකේ තිබ්බහම මේ දොස්තර මහත්තයාට කට්ටිය සැත්කම් කීයක් කරයිද දන්නේ නැහැ.කට්ටිය දොස්තර මහත්තයාව හොඳට ලස්සන කරලා ගනීවි.මම කලිනුත් කිව්වා වගේ අපේ දෛවය පෙරළෙන පැත්ත ගැන අනාවැකි කියන්න බැහැ (නි)
ලංකාවේ වැඩිහරියක් ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන් ලෙඩුන්ට දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්. දැන්වත් රජය පියවරක් ගතයුතුයි. (නි)
හැබැයි ඉතින් ලොකු දේශපාලුවෙකුගේ නෑයෙක් හරි පුතෙක් හරි වුණා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා (නි)
එන්නත කල් පැනපු එකක්ද ? එසේ නැතුව දොස්තර වැරදි එන්නතක් විද්දාද? දොස්තර මේවා ගැන දැනුම තිබෙන කෙනෙක්ද ? මේවා සොයාබලා නිසි දඬුවම් ලබා දෙන්න. වෙනත් අයටත් පාඩමක් වෙයි. (නි)
නීතිය වල්වැදුන රටේ මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවතත් අපට අසන්නට දකින්නට ලැබෙනු ඇත ! (නි)
මේ දොස්තරට සුදුසුකම් ඇද්දැයි කියා පරීක්ෂා කළයුතුයි (නි)
සුදුසු කම් නැති දොස්තරලා දැන් හැම තැනම. (නදී)
මේ කියන වෛද්‍යවරයා මිට කලින් රූපවාහිනි නාලිකාවක පෙනී සිටිමින් තම කටයුතු ගැන කතා කළ බවක් මට මතකයි. එම වැඩසටහන් ප්‍රචාරය වීමේදී මහජනයා ඒවා කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඒවායේ සේවය ලබා ගන්නට පෙළඹෙනවා. මෙම වැඩසටහන් ප්‍රචාරය කළ පසු "විපරම් කිරීමේ ක්‍රමයක්" ලංකාවේ නැතිවීම කනගාටුදායක කරුණක්. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දැන් මේ ගැන පරික්ෂා කරමින් එම වෛද්‍යවරයාගේ සුදුසුකම් වල ඇති ඌනතා සහ කුඩා කාමරයක පවත්වාගෙන යාම වැරදි බව ආදී කරුණු ඉදිරිපත් කෙරුවත් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ පසු සොයා නො බැලීම අඩුපාඩුවක් ලෙස මම දකිමි. එසේ සොයා බැලීමට ක්‍රමවේදයක් හෝ නීතියක් නැති නම් කරන්නට දෙයකුත් නැහැ. මෙහිදී ජපානයේ වූ සිදුවීමක් මට සිහිවෙනවා. කිසියම් රුපලාවන්‍ය මුහුණු ආලේපනයක් රූපවාහිනියෙන් වෙළඳ දැන්විමක් වශයෙන් ප්‍රචාරය කොට එක පවුලේ සහෝදරියන් දෙදෙනෙකු එය පාවිච්චි කොට ඔවුන්ගේ මුහුණේ සම විකෘති වීම නිසා ඔවුන් දෙදෙනා රුපවාහිනි නාලිකාවට විරුද්ධව නඩු පවරන ලදී. නඩු විභාගයේදී තීන්දුව වුයේ " විමසීමකින් තොරව දැන්වීම පල කිරීම නිසා" යන කරුණ යටතේ එම සහෝදරියන් වෙත අති විශාල වන්දියක් ගෙවීමට රුපවාහිනී නාලිකාවට සිදු කිරීමයි, එතැන් පටන් ජපානයේ රුපවාහිනි නාලිකා කිසිවක් මිනිස් සිරුරුට බලපාන කිසියම් වෙළඳ භාණ්ඩයක් ගැන ප්‍රචාරය කිරීමේදී රසපරීක්ෂක සහ වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව භාර ගන්නේ නැත. අපේ රටෙත් එවැනි නීතියක් ගෙන එන්නට කාලය මෙය බව මම සිතමි. මෙම ක්ෂේස්ත්‍රයේම මේ වනවිට කාන්තා මරණ දෙකක් ගැන වාර්තා වී තිබෙනවා නේද.? (නදී)