කුරුණෑගල රෝහලේ සේවිකාවක පැහැරගෙන ගොස් නිවසක රඳවා පහර දුන්නැයි දොස්තර බිරියක හා තවත් කතක කුරුණෑගල මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේම චන්ද්‍ර මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබුහ.
කුරුණෑගල වැව රවුමේ ඩී එම් නන්දනී විතාන හා එම් එම් තරංගා ශිරෝමී පෙරේරා ට රුපියල් 5000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂය බැගින් ඇප නියම විය.
ප්‍රේම සම්බන්ධයක් මත ඇය සේවිකාව පැහැරගෙන ත්‍රිරෝද රියකින් රැගෙන ගොස් කුරුණෑගල වැව රවුමේ නිවසකදී පහරදී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාට කාටත් හොඳ පාඩම්. අවිවාහක කාන්තාවන් තවත් පවුලක් කඩන තැනට වැඩ කරන්න සුදුසු නැහැ. ඒ වගේම විවාහක දොස්තරත් තමන් විවාහක බව හොඳින් මතක තබා ගත යුතුයි. මෙවැනි අසම්ම්මත වැඩ නිසා හොඳට ඉන්න මිනිස්සු අමනුස්සයෝ වෙනවා. (ස)
ජයා කියන දේවල්..... (ස)
සුදු වෑන් එකකින්ද ආවේ? (ස)
මෙතන ප්‍රේම සම්බන්දය ගැන ලියල තිබුනට කාගේද කියල නැහැ. (අ)
"දොස්තර උගතෙක් වුනාට කසාදෙ කරගෙන තියෙන්නේ සල්ලි වලටයි. දෑවැද්දට වෙන්ටැති. කාන්තාවක් මේ විදියට හැසිරෙන්න කොයි තරම් දරුණු වෙන්ට ඕනද?" හොඳයි පද්මිණී ඔබට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනානම් ඔබ මොනවද කරන්නේ. කරන දේ මොකක් උනත්, මොකද කාවවත් ගෙන ගොස් පහර දෙන්නත් බැරි නම්, කරන ඔනී කියල හිතන දේ ලියන්න. (ස)
තනි අතින් අත්පුඩි ගහන්න බැහැ නේ. (ස)
මොකද නිරූපා, ඔයත් පැටලිලාද කොනක වත්????? (ස)
සම කෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් අතර….. ඔබ එක මුල්ලක හිටියා…ඔහු තව මුල්ලක හිටියා…වෑන් එකේ ඇතුලේ තියන් මට හොඳටම නෙළුවා... (ස)
අනේ හැබෑට ඕක බැරි උනාද ගෙදර උන්දැට නොදැනෙන්නට කරගන්න. පොත පාඩම් කරලා දොස්තර උනාට මේ ලෝකේ සාමාන්‍ය දැනීමක් නැති හැටි,(නදී).
ශාන්ත, හෝමාගම ..අපි ජීවත් වෙන්නේ දෙගුරුන් කියා දුන් හැදියාවත් ගුණ ධර්මත් සමග ..ඒ නිසා නිතරම තෝරා ගන්නේ හරි දේ ...? වැරදි දෙයින් අපි වැළ කුනාම ..ජීවිතේ හරිම ලස්සනයි..? (නදී).
උපාසක මහත්වරුන්ගේ සහා පත්තිනි අම්මලාගේ අදහස් නියමයි .කියලා වැඩක් නැහැ .(ස)
මේකටත් වර්ජනයක් කරයි ද දන්නේ නෑ
මේ විස්තරය කියවල ඔයගොල්ලෝ ඔක්කොමල ඒ ගෑනිව දොස්තරට ජෝඩුකරලා තින්දුවත් දිල ඉවරයි. කවුද දන්නේ ඒ ගැනී යාලු වෙලා හිටියේ ඒගොල්ලන්ගේ පුතා එක්කද කියල ? අනික එක අතකින් අප්පුඩි ගහන්න බැහැනේ.(ස)
ඒ කියන්නේ සේවිකාව දොස්තරට ආදරය කරන්න ගිහින්ද? එක අතකට හොද පාඩමක් අනුන්ගේ පවුල් අවුල් කරන්න යනවට. (නදී)
මිනිසුන් වැරදි කරන්න පෙලඹෙන්න හේතු කිහිපයක් තිබෙනවා. ඉන් එකෙක් නූගත් කම තව එකක් දුප්පත් කම. (තව ගොඩක් දේවල් තිබෙනවා) නමුත් අපේ රටේ පොහොසත් උගත් අය හා ප්‍රබල චරිත තමා මේ වගේ වැඩ කරන්නේ මේ දිනවල. අනේ මම දන්නේ නැහැ මෙයාලා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය වලට මුහුණ පෙන්වන්න උත්සාහකර මෙවැනි දේවල් කරනවද? (නදී)
ජයා, තාමත් ඔය විතරද?නෝනට චාන්ස් එකක් දුන්නෙම නැද්ද?පොඩ්ඩක් දීලා බලන්නකෝ.අපි කොච්චර හොරෙන් කළත් අවධානයෙන් ඉන්න බුද්ධිමත් ගැහැනු එක්ක මේවා හංගන්න බැහැ (නි)
උගත් කමට වඩා දොස්තර නෝනා මෝඩකම පෙන්නනවා වගේ.ඔයවගේ දේවල් වලින් වෙන්නෙ දොස්තර කමටත් නිගාවක් විතරයි. (ස)
මේ අයට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කල යුතුය. නිතිය මොවුන් අතට ගන්නට ඉඩ නොදිය යුතුය. මේවා තමා මානුෂික හිමිකම නැති කිරීම. (ස)
සිද්ධියට මේ බිරිය දක්වල තියන ප්‍රතිචාරය අනුව දොස්තර මහත්තයා මෙවැනි ආදරයකට පැටලීම පුදුම වෙන්න දෙයක් නෑ. (ස)
පෙර වැරදි කියන්නේ ඕවට නේ කුමාරි. (ස)
අවුලක් නැහැ තුවාල වෙලා නම් වාට්ටුවක නවත්තල බෙහෙත් ටිකක් දාන්න නෝනේ (නදී),
නෝනා ඉතින් කළ වැඩේ වැරදියි කියන්නත් බැහැ, හරි කියන්නත් බැහැ.පොලිසියට ගියත් වැඩක් නැහැ.ඇයම නීතිය ක්‍රියාත්මක කරලා ඇයම දඩුවම් දීලා තිබෙනවා,වැඩේ දුර දිග යන්න ප්‍රථම.ඒ කොහොම වුණත් ආපසු පවුල් කෑම නම් ඕකෙන් පහසු වෙන්නේ නැහැ. (නි)
අනේ දෙවියනේ මේ මොන අරුමයක්ද ..? අපේ නගරේ පමණයි ටිකක් මේවගේ අඩු නිව්ස් වලින් නොදැනුවත් වෙලා හිටියේ මිනිසුන් ..දැන් මෙයාලත් පටන් ගත්තද ...? එක අතකට මම නම් කියන්නේ ..හොද වැඩේ ...?මිනිස්සුන්ගේ කරේ නගිනවට ...ඕනේ නම් කොල්ලෙක් අල්ලාගෙන ...ඕන උඩරට නැටුමක් නටා ගන්නයි තිබුනේ, විහකයෝ බේරලා ...ඒ දොස්තරටත් දැන් හොදයි වෙන පාලතකට ගිහින් තවත් අඩව්වක් ඇල්ලියහැකි ...? අනේ අපේ රට ගලේ බණ්ඩාර දෙවියන්ටම බාරයි..! මේ අවනඩු..? (නදී)
මොන බිරිඳ ද කැමති තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන කාන්තාවන් එක්ක යාලු වෙනවට .හොඳ දඬුවම දීල තියෙන්න දොස්තර බිරිඳ (නදී)
දැන් ආපහු කවදාවත් එයාට තමන්ගේ ස්වාමියා එක්ක පවුල් කන්න ලැබෙන එකක් නෑ. උගත්කම සමහර වෙලාවට, ආවේග වලට යට වෙනවා. අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු.ඒත් මේ වගේ ප්‍රශ්න විසදන්න ඕනේ කල්පනාවෙන්.බැරීම වුනොත් පිළිවෙලට දික්කසාද වෙන එක මීට වැඩ වැදගත්.යන මිනිහෙක් කොහොමත් නවත්වන්න බැහැ. (ස)
දොස්තර උගතෙක් වුනාට කසාදෙ කරගෙන තියෙන්නේ සල්ලි වලටයි. දැවද්දට වෙන්ටැති. කාන්තාවක් මේ විදියට හැසිරෙන්න කොයි තරම් දරුණු වෙන්ට ඕනද? අනේ මන්ද, අර රූපා නඟා කියන්න වගේ ගලේ බණ්ඩාර දෙයියෝ තමා ඕවා දන්නේ.(නදී)
දොස්තර මහත්තයාගේ අනසක යටතේ ගැහැනු ළමයා අසරණද දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ නෝනා ගැහැනු ළමයට සැලකුවේ දොස්තරට සලකල වැඩක් නැති නිසා වෙන්න ඇති. (නදී)
හේමන්ත ඔබගේ අදහස ඇත්තටම නිවැරදියි. රුපවති දැනට ඔය සම්බන්දය දන්නේ ගලේ බණ්ඩාර විතරයි. ඉතිරි ටික පස්සේ ඔයාට ආරංචි වෙයි.(නදී)
ඔක්කොම බන්නිනේ අර කාන්තාවට විතරනේ. ඇයි දොස්තර වැරදි නැද්ද. මේ කාන්තාව අහිංසක කමට රැකියාව රැකගන්න දොස්තරගේ කීමට අවනත උනා වෙන්න බැරිද. නිකන්ද කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියලා .අනේ දොස්තර නෝනේ පිට ගැහැණු හදන්න කලින් තමන්ගේ මහත්තයව හදාගත්තනම් නරකද .අල්ලලා කපලම දාන්න නංගි අර එක්කෙනක් කපාගත්ත වගේ. දොස්තරනේ එයා ඒක ගානට ආපහු හදාගනි. (නදී)
ඔන්න මම නම් නැහැ ඕවට.. (නි)
දොස්තර මහත්තයා බලාපොරොත්තු වෙන දේ නොලැබෙනවද දන්නේ නැහැ.(නදී)
දොස්තරගේ බිරිය දොස්තර නෝනා වෙන්නෙත් නැහැ... උගත් කෙනෙක් වෙන්නෙත් නැහැ... එයත් දොස්තර නම් එහෙම කිව්වට කමක් නැහැ... අනික මෙය කොහොමත් මෝඩ කෙනෙක් විය යුතුයි...මොකද ඔය වගේ දේවල් වලදී නීතියෙන් දඬුවම් ලැබුනම තේරෙයි තමා කල දේ ගැන..!! (නදී)
උකුස්සා මාමේ අනේ ඔච්චර හිනායන දේවල් නොලිය ඉන්නවද ..? මට බඩ අල්ලන් හිනා ඔයාගේ කතාවට ..? අන්න පොඩි එකිත් ඇහැරුනා ...දැන් හොඳයිනෙ ...? (ස)
ගැහැනියක් මොන දේ බෙදාගත්තත් ආදරය පමණක් බෙදා ගන්න ලැස්ති නැහැ. මෙය සමහර විට එවැනි දෙයක ප්‍රතිපලයක් වන්න පුළුවන්.(නදී)
කන තරමක් අපේ රටේ නම කතා කරනෙ රූපවතිලගෙ ගමේ විදේස ගත වෙලා ඉන්න අය තමයි මේ රටවල. (ස)
රුපවති උකුස්ස මාමා කියන දේ හරි .ඔයාට ඔය වගේ දේවල් වලට බඩ අල්ලා ගෙන හිනාද.දැන්මම ඔය ඩොක්ටර්ටම පෙන්ව ගන්න.ඕක ලෙඩක්. (ස)
බමුණු, ඔයා අහල තියෙන පැනයට උත්තර දෙන්න මම ඒ තැනට පත් වෙන්ට ඕනනේ? එහෙම වුනා නම් හොඳම දේ තමයි ගෙදර මිනිහව හදාගන්න උත්සහ කරන එක. බැරි නම්, ඉවසගෙන ඉන්ටත් බැරි නම් දික්කසාදයක් ඉල්ලනවා. (ස)
එම වෘතියත් තවත් පිරිහෙමින් පවති.... (ස)
රූපවතී නගා හරියට නරක් වෙලා.(නදී)
අනුන්ගේ පවුල් කඩාකප්පල් කරන අයට හොද පාඩමක් . මේකද මම මේ ගෙන හොදටම විස්තර දන්නා නිසයි කියන්නේ . ඒ දොස්තර නෝනට පව් . ඒ රෝහල් සේවිකාවට ගහල මදි . ඔය වගේ තව කීදෙනෙක් එක්කල සම්බන්ද කම් තියෙනවද. (අ)
මෙතන අපි දන්නේ නෑ වරද කාගේද කියන්න. සමහර විට දොස්තරගේ අවශ්‍යතාව දොස්තර නොනාගෙන් නොලැබෙනවා ඇති. අනෙක එහෙම ඕන තරම් මම දැකලා තියෙනවා බිරිය වැරදි පාරේ යන ගමන් මහත්තයට නීති දාන අය. ඕක හරියාවි ඒ ගෑනු ළමය දොස්තරගේ වාට්ටුවේ නවත්තල දොස්තර මහත්තයා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම. (ස)
අපිට අඩුවකට කියල තිබුනේ ඔචරයි , මොකද මෙච්චර කාලයක් අපේ රටේ තිබුනේ පුරුෂාධිප්‍යයේද මොකක්ද කියල දෙයක්නේ. ඔන්න දැන් කාන්තා ආධිපත්‍යයත් ඔලුව උස්සලා. දැන් ඉතින් අර ' මිනිසුන් උඩ වැඩ කියන ' බෝර්ඩ් එක වෙනස් කරලා අපිට උඩින් බිමට බහින්නයි වෙන්නේ. (ස)