කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් රෝහලේ ගාල්කළ කාරය ඒ අසල පාරකින් සොයාගත් බව පොලිසිය කියයි.

ඇගේ අත් බෑගයක්ද බටුමුට්ටුද කාරයේ තිබූ නමුත් අනතුරු අඟවන සංඥා පද්ධතිය මෙහෙයවන උපකරණය පමණක් අතුරුදන්වී ඇතැයි පොලිසිය පවසයි.

වෛද්‍යවරියගේ සැමියාගෙන් ඇයට මෙම කාරය තෑගි ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.