බුලත්කොහුපිටිය පැත්තේ රජයේ වෛද්‍යවරයකු 6 හැවිරිදි දරුවකුට කළැයි කියන අතවරයක් සම්බන්ධයෙන් රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කළ බව පොලිසිය කියයි.
ප්‍රතිකාර ගැනීම සඳහා එම දරුවා වෛද්‍යවරයාගේ නිවසට රැගෙන ගිය අවස්ථාවේ සරමක් හා කමිසයක් ඇඳ සිටි වෛද්‍යවරයා ඔහු ඇතුළට ගෙන ඔහුගේ ජනනේන්ද්‍රිය පිරික්සා ඇතැයිද එහෙත් ළමයාට ජනනේන්ද්‍රියේ ආබාධයක් නොවූ බවද කියති.
දොස්තර මහතා තම දරුවා ලවා කළැයි කියන අශෝබන ක්‍රියාවක් ගැනද පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දරුවාගේ කටඋත්තරයක් ලියාගෙන ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙට වැඩ ලොකු දෙවල් වෙනවා මේක සුළු දෙයක් ඕවා ගණන් ගන්න එපා. ලොකු දේවල් අල්ලන්න (ම)
නිකන් උගන්නපු එකේ වැරැද්ද. (ස)
ආබාධයකුත් නැතුවම පරීක්ෂා කරලාද? අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහෙමත් දොස්තරලා පුදුම අසහන කාරයෝ. (ස)
අවුරුදු පහක වෛද්‍ය අධ්‍යාපනය ලබනවිට මොහු මොනතරම් මානවයාගේ සුභසිද්ධිය පිණිස දැනුම ග්‍රහණය කර ඇතත් අධ්‍යාත්මික වශයෙන් එහි ඇති නිස්සාරභාවය නොදුටු නිසා දුක්ඛිත තත්ත්වයක් ළඟාකරගෙන ඇත. (නි)
පුදුමාකාර වකවානුවක අපි මේ ජීවත්වෙන්නේ. (නි)
කලබල වෙන්න එපා. සමහර විට ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් වෙන්න ඇති. කෙසේනමුත් දැඩි දඬුවම් දියයුතුයි. (නි)
එතන සිදුවුණේ මොකක්ද කියලා හරියටම නොදැන මොකුත් කියන්න අමාරුයි (නි)
අනේ හැබෑට, වෛද්‍ය වෘත්තියටත් නිගාවක් නේද? (නි)
දැන් මෙතන දොස්තර මහත්තයා ඔච්චර හරියක් කරනතුරු මේ අම්මා කොහෙද හිටියේ? අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි අනිත් අයට අභූත චෝදනා නඟන්න. එනිසා පූර්ව නිගමන වලට එළඹී අදහස් ප්‍රකාශ කරන්න කලින් ඒ ගැනත් හිතුවොත් හොඳයි. (නි)
අවුරුදු 6 ක පුංචි දරුවෙක් වෛද්‍යවරයකු පරීක්ෂා කරද්දි අම්මා කොහේද හිටියේ? (නි)
දොස්තරටත් වෙන්න යන්නේ කොන්ඩයාට වුන දේ වගේ මට පෙනෙන්නේ. කොටදෙනියාව පොලිසියටම මෙය විමර්ශනය කරන්න දෙන්න. (බ)
ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)
කුඩා දරුවන් පරීක්ෂා කරනවිට එක්කෝ හෙදියක් නැත්නම් ළමයාගේ මව හෝ වෙනත් ඥාතියෙක් ළඟ සිටිය යුතුමයි. (නි)
දොස්තරකම කියන්නේ මොනතරම් උතුම් වෘත්තියක්ද? (නි)
රෝග නිධානය සොයා ගැනීමට ලිංගේන්ද්‍රිය පරීක්ෂාව අවශ්‍ය අවස්ථා තියෙන්න පුළුවන් නමුත් එය ළමයාගේ භාරකාරයෙක් ඉදිරියේ කල යුතුවේ. (ර)
දැන් මෙතන දොස්තර මහත්තයා ඔච්චර හරියක් කරනතුරු මේ අම්මා කොහෙද හිටියේ? (ර)
මෙවැනි පරීක්ෂණ කරන විට තිරයකින් වසා සිදු කරයි. මවට හෝ කිසිවෙකු ඇතුලට නොගනී. සරමක් හැඳ සිටියේනම් ඔහු අනිවාර්යෙන්ම හොර ගොඩ වෙදෙකි. තදින් දඬුවම් කලයුතුයි. (ස)
භද්‍රානි, මමත් ඔබ සමඟයි. (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
සමහරවිට මෙතන ඇතිව ඇත්තේ වැරදි වැටහීමක් වෙන්නත් පුලුවන් (නි)
ඔය වෙලාවේ ළමයාගේ අම්මා හිටියේ කොහෙද කියන එකයි ප්‍රශ්නය!(රේ)
යම් චර්ම රෝග ලක්ෂණයක සේයාවක් තිබුනේ නම්, එය මුළු ශරීරය පුරා පැතිර ඇද්දැයි වෛද්‍යවරයා බලන්න ඇති. දක්ෂ වෛද්‍යවරයෙක් එම පෙදෙස් සැළකිල්ලෙන් විමර්ශනය කරනවිට රෝගියාගේ මානසික ස්වභාවය අනුව විවිධ දේවල් සිතිය හැක. මේ නිසා මෙවැනි තැන් පරීක්ෂා කරනවිට සහයට හා සාක්ෂියට හෙදියක් තියාගත යුතුමය. මේ රටවල එය අනිවාර්යය. (නි)
මෙහෙම අය නිසා මේ වෘත්තියත් පිරිහෙනවා (නි)
කරවනෙල්ල රෝහලේ ළමා රෝග දොස්තරද ? (රේ)