රජයේ වෛද්‍යවරුන්ට දැනට ගෙවන රාජකාරී බාධා දීමනාව රුපියල් 25000 සිට රුපියල් 40,000 දක්වා වැඩි කර ඇත.

විශේෂ වෛද්‍යවරයකුට එම වැඩි කිරීමට අමතරව තවත් රුපියල් 20,000ක විශේෂ වෛද්‍ය දීමනාවක් ද ලබා දෙන අතර ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයකුට රුපියල් 35000 වැඩිවීමක් හිමිවේ.

2015 අය වැය යෝජනා අනුව මෙම දීමනාව වැඩි කිරීමට ජනවාරි පළමු වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ.