හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ප්‍රධාන වෛද්‍ය දොස්තර ප්‍රසන්න විජේසිංහ ඉදිරිපත් විය.
ගිලන් රථ රියදුරා නොසිටි නිසා වෛද්‍යවරයාම ගිලන් රිය පැදවීය.
හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ප්‍රධාන වෛද්‍ය දොස්තර ප්‍රසන්න විජේසිංහ ඉදිරිපත් විය.
ගිලන් රථ රියදුරා නොසිටි නිසා වෛද්‍යවරයාම ගිලන් රිය පැදවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවත්වයෙන් සලකන්න ඕන වෛද්‍යවරයෙක්.(නදී)
ඔබගේ සේවයට සුබ පතමි.(නදී)
අන්න නියම දොස්තර මහත්තයෙක්. ඔහු දෙවියෙකි. සාමාන්‍යෙයන් සිදුවන්නේ ගිලන් රිය පුද්ගලික රෝහලකට යාමයි.(නදී)
ඔබට ප්‍රණාමය, ලංකාවට ඔබ වැනි කිහිප දෙනෙක් හිටියා නම් මොනතරම් වටිනවද? (නදී)
සැබෑ දෙවියන් ඔබය. උතුම් වූ , ඔබ තුමා වැනි ආදර්ශමත් වෛද්‍ය වරුන් තව තවත් ලොව පහළවේවා! ඔබට මගේ උත්තමාචාරය.! (නදී)
රෝගියා මෙම දොස්තර මහතාගේ හිතවතෙක් හෝ නෑදෑයෙක් නොවේ නම් මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාව මිහිපිට උතුම් සේවයක් බව කිව යුතුයි. මෙවෙනි ක්‍රියා අගය කල යුතුයි. වෛද්‍යවරයාණෙනි, ඔබගේ ජීවිතය නිදුක් නිරෝගී මෙන්ම දීර්ඝ එකක් වේවායි පතමි . (ස)
කෝ මේවට මල් නැද්ද? (අ)
හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් (අ)
ඔන්න මීනිස්සු.(නදී)
නොසිටියේ රියදුරා එනමුදු අප වෙදැදුරා ලෙඩා ගොඩ ගනු ඉදුරා රථය පණ ගැන්විය මෙවරා වෙද්‍යවරු අපේ දෙවිවරු අප හැම රකී නිරතුරු එනමුත් අපි කියන මරු බොරු දෙවි පිහිටෙන් ගොඩ ගිය අයුරු.(නදී)
දොස්තර මහත්තයා කරපු වැඩේ නම් නියමයි. ඒත් ඔඩිට් කාරෙයෝ පස්සේ පන්නාවි.(නදී)
හොඳ වැඩක්. කරපු දොස්ටරට ගොඩක් ස්තූතියි. හැබැයි ඔය වැඩේට ඉරිසියා කරන දොස්තරලාට බලන් ඉන්න බැරුව ඇති. (ස)
කවද්ද ලංකාවේ ප්‍රදාන දොස්තර මහත්තයෙක් ලෙඩෙක් එක්ක ගිලන් රථයේ යන්නේ. හැමදාම හෙදියක් සහ පොඩි දොස්තර කෙනෙක් තමා ලෙඩත් එක්ක යන්නේ. මේ දොස්තර මහත්තයා මේ වැඩේ කරපු එක අගය කරන්න ඕනා. ලොකු අය බලන් ඉන්නේ චැනල් එකට දුවන්නනේ.(නදී)
යහපත් මවුපිය දෙදෙනෙකුගේ යහපත් දරු සම්පතක්. වෛද්‍යතුමණි, ආයු, වර්ණ, සැප, බල, සහ ප්‍රඥාව වඩ වඩා දියුණු වේවා. චිරං ජයතු !!! (ස)
මෙතුමා දොස්තර කෙනෙකුට වැඩ දේව ගති ඇති කෙනෙකි. මෙවැනි වෛද්‍ය වරුන් අද බොහෝ දුර්ලබය . කාමර වලට සටන් කරන රුපියල් සත වලට සටන් කරන දොස්තරවරු ලෙඩුන්ගේ ජිවිත ගැන නොසලකන අය අතරේ සිටින මෙම දොස්තර මහතා දෙවියෙකි . ඔබට තුනුරුවන් සරණ පතමි . තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව පතමි.(නදී)
ඒ දොස්තර මහත්තයා බුදු කෙනෙක්.ජීවිත වල අගය දන්නා (ස)
මෙම විශිෂ්ට සේවාව සෙස්සන්ට මහඟු ආදර්ශයක් වේවා! ඔබතුමාට පින්. දොස්තර කම ලබා ගත්ත මිනිස්සු බොහෝ මිනිස්සු හිතන්නේ දොස්තරකම ඇතිව හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. ඒත් දොස්තරකම කරන්න බැරි වුණදාට සියල්ල අවසන්! (ස)
මනුස්ය කම පිරිහී ගිය ලෝකයක එය පෙන්වීම උතුම් ක්‍රියාවක් (අ)
වෛද්‍යතුමනි, ඔබ වැනි උතුම් ,නිර්භීත අය තව තවත් ලක් දෙරණ තුල බිහිවේවා! මේ කළ උදාර මෙහෙවරට ඔබට ගොඩක් පින්! සියලු දෙවියෝ නුඹ රකිත්වා! (නි)
වග වලසුන් සිටිනා මහා වනන්තරේ ... ඔබ තුමා මෙමට ඉටු දෙවියෙකි නිරන්තරේ .....සතුටු සිතින් කියවූ මේ මහා කතන්දරේ ......කඳ දෙවි ඔබව රකිනවා මතු නිරන්තරේ (ජය ශ්‍රී වේවා මගේ ගමට ) (ස)
ගගෙන් එහා පැත්තේ හොද ගතිගුණ කියන්නේ මේවට තමා.(නදී)
මේවා පින් වැඩනේ මහත්තයෝ.(නදී)
සමන් රොහාන් රණසිංහ - විශ්වයේ සිරස් ජීවින් අතර, තිරස් ජීවින් ද සිටින බව ඔබ මනාව සනාථ කර ඇත. (ස)
නියම දොස්තර මහත්තයෙක්. ඔබතුමාට සියලු දෙවි පිහිටයි (නි)
නිසි සංවිධාන වලින් ඇගයීමක් කල යුතුයි. තනතුර සමග වැටුප් හා දීමනාද ඉහල දැමිය යුතුයි. එවිට අනිත් දොස්තර මහත්වරුන්ට ඔබතුමා කල සේවය වැටහේවි.(නදී)
රොකි, පොඩ්ඩක් පිටිපස්ස අත ගාල බලන්න. වාඩි වෙනකොට මොළේ තැලෙයි. (ස)
කමල් කියපු අදහස මටත් හිතුනා.එහෙම නොකර ඉන්නත් බැරි රටක් නෙමෙයි ලංකාව කියන්නේ. කෝසල සමහරු හිතාගෙන ඉන්නේ මැරෙනකොට හම්බ කරපු හැමදේම ගෙනියන්න පුළුවන් කියලා. අන්තිමට එහෙම අයට තමන්ගේ දරුවෝ වත් සළකන්නේ නැහැ. (නි)
හෙට පත්තරේම තියෙයි දොස්තර මහත්තයට නඩුවක් දාල කියල අයිති නැති රාජකාරියකට කලා කියල. (දී)
ඔබ කල උතුම් සේවයට අතුතිය පුදමි . ඔබට නිදුක් නිරෝගී බව පතමි. (දී)
දේව ගති ඇති දොස්තර කෙනෙක්.(නදී)
අදහන්න ඕනේ මෙවන් දොස්තරු (දී)
ඡන්දෙ ඉල්ලන්න. අපි ගහනවා කතිරය... (නි)
විදුරංග විතානගේ, ඔබ ගඟේ පැත්ත බලන කෙනෙක් වගේ. දොස්තර මහත්තයා ඉපදුනේ ගඟේ මොන පැත්තේද කියලා හරියටම බලාගෙනද ඔය කියන්නේ. ඔබ කාටහරි උදවු කන්න ගියොත් ඉස්සෙල්ලාම බලන්නේ ගඟේ පැත්තද? අපේ සමහර මිනිස්සු තවම ඉන්නේ හණමිටි යුගයේ වගේ. (නි)
මිනිස් ජිවිතයක නියම වටිනාකම දන්නා වෛද්‍යවරයෙක්.. තැනට සුදුසු නුවණ... අකුරට වැඩ කරන අයට මෙය ආදර්ශයක් වේවා! ඔබට දීර්ඝායු වේවා! (නි)
කාලෙකින් හොද දොස්තර මහතෙකු දැකීමට ලැබීම මගේ හිතටනම් මහත් අස්වැසිල්ලක්, මන්ද දිනකට එක සිසේරියන් සැත්කමකට රුපියල් 100,000.00 අයකරන වෛද්‍යවරු ලංකාවේ සිටි, ඔහු එක දිනකට සිසේරියන් සැත්කම් පමණක් 5-6 පමණ සිදු කරයි, ඊට අමතරව තවත් සැත්කම් 10 පමණ ඔවුන් විසින් දිනකට සිදු කරයි,නමුත් මෙම සමහරක් වෛද්‍යවරුන් රජයේ රෝහල් වලින් ඉවත් වී පෞද්ගලික රෝහල් වල සේවය කරයි, ඉන් අපට ඇති ප්‍රශ්නය නැතැයි සමහරුන්ට සිතේ, නමුත් සැබවින්ම එහි අපේ රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් තිබේ, රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට තමන්ගෙන් ඉටු විය යුතු උතුකම් ඉටුනොකර තමන් ගැන පමණක් සිතිමයි, මම ඉහලින් සදහන් කල වෛද්‍යවරුන්ගේ මාසික අදායම 30,000,000.00 පමණවේ, ඉන් අපට කම් නැත,නමුත් ඔවුන්ට ඔවුන්ගේ වියදමින් එක අසරණ දුප්පත් එක රෝගියකු හෝ බේරා ගැනීමට සිතෙන්නේ නැත්තේ මන්ද යැයි මටනම් මහත් කණගාටුදායක සිද්දියකි, (දී)
තනතුරෙන් හිස උදුම්මාගත් බොහෝ දෙනක් ඉන්නා මේ සමාජයේ ඔබ නම් සැබවින්ම උතුම් මිනිසෙක්. (නි)
දොස්තර මහත්තයාට ගොඩක් පින් කල සේවයට. රජයෙන්, නිසි සංවිධාන වලින් ඇගයීමක් කල යුතුයි. තනතුර සමග වැටුප් හා දීමනාද ඉහල දැමිය යුතුයි. එවිට අනිත් දොස්තර මහත්වරුන්ට ඔබතුමා කල සේවය වැටහේවි .එමෙන්ම ගිලන් රථ රියදුරා ගැන පරීක්ෂණයක් කල යුතුයි.(නදී)
ලංකාදීප කතුතුමනි. අපේ ප්‍රතිචාර මෙවන් උතුමන්ට ප්‍රණාමය පලකරන අදහස් ඒ අයටම ලැබෙන්න සලස්වන්න ක්‍රමයක් හදන්න. මහඟු ජාතික සේවය එයයි. මම අයර්ලන්තයේසිට.(අ)
උතුම් සේවයක් . එත් රැකියාවෙන් පිට දෙයක් කලා කියලා විනය පරීක්ෂණ තියයිද දන්නේ නැහැ . අපේ රට එවගේනේ. හොඳ දෙයක් කලොත් ලෙඩක් . (දී)
ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබෙයි අපිත් ගරු කරනවා කල ඒ මහඟු ක්‍රියාවට (දී)
අද නම් සතුටු දවසක් හැමෝම සම්මා දිට්ටි වෙලා (දී)
නියම දොස්තර කෙනෙක්.(දී)
මෙන්න නියම මහත්වරු.(දී)
වනසිපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි ම්නුසුන් ඇත, ඒ දේවතාවුන් දිව්යාන්ගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් (දී)
වචනයේ පරිසමාප්තියෙන්ම මොහු මිනිස් කම අඳුනන වෛද්‍යවරයෙකි . ලෙඩුන්ට දෙවියෙකි. මොහු වැනි වෛද්‍ය වරුන් අද අපේ රටේ දුර්ලබය. සමහර දොස්තරලා ලෙඩුන් මරා හෝ මුදල් මත දුවමින් සිටින්නේ ඔවුන්ට මෙය දරා ගන්නට බැරි නිසා වන්නට පුළුවන . (තබුක් සිල්වා) ඔබගේ කියමන මෙයට ඉතාමත් ගැලපේ.(නදී)
එළ ඩොක්ටර්, ඔහොම යං (ස)
මෙන්න මේ වගේ අය තමා අද ලංකාවට ඕනේ වෙලා තියෙන්නේ. මේ වගේ අය නියම දෙවිවරු අපි හැබැහින් දකින .හුගක් ඉහල රැකියා කරන අය තමන් විසින්ම මවා ගත්ත ලෝකෙක ජිවත් වේවි. ඒකෙන් එලියට එන්න විදියකුත් නැතිව තම්න්ට වැඩකුත් නැතිව ලෝකයට වැඩකුත් නැතිව ගන්දබ්බයෝ වගේ ඉන්නවා. ඒ වගේම මේවා හුදකලා සිද්දි වලට ගන්නේ නැතව අලුත් ඇරබුමක් විදියට ගන්න පුළුවන් නම් ඉතා වටිනවා. මහත්මයාණෙනි ඔබට ජය.(නදී)
මෙය අද සැමදෙනාටම හරියන තේරුම් ගතයුතු පුර්වාදර්ශයක් අද හැම දෙයක්ම කරන්නේ සල්ලිවලට මිනිස්කම වලපල්ලට දාලා දොස්තර මහත්තුරුන් වැඩිපුර කරන්නේ එකයි . එවෙනි පරිසරයක මෙවෙනි උතුම් ක්‍රියාවක් කිරීම ගැන අපේ ගෞරව ප්‍රණාමය (දී)
හැමෝම නෙවේ හුගක් දොස්තරවරු දෙවිවරු වැනිය කියල කියනවනේ මෙතුමා ඇහැට පෙනෙන දෙවි කෙනක්. (අ)
චන්දි, ඔබේ කියමන ඉතා ඉහලයි ඒ වගේම ඔබ සම්බන්දව මගේ කොමේන්ට් එකට ඔබ දක්වපු ප්‍රතිචාරයට ගොඩක් ස්තුති ඒ වගේම ලංකාදීප කාර්ය මණ්ඩලයට අපි හැමෝගෙම ස්තුතිය හිමි වෙන්න ඕනේ ලෝකේ පුර විසිරිලා ඉන්න ලංකාවේ අපිට වේදිකාවක් හදල තියෙනවට අඩු තරමින් මෙහෙමවත් සමග සම්බන්දතවක් පවත්වාගෙන යන්න .හැමෝටම ජය. (අ)
අපේ ගමට ආඩම්බරයක් (අ)
දොස්තරට විරුද්දව වැඩ වර්ජනය කරල නර්ස්ලයි උපස්තායකයෝයි ගිලන්රථ රියදුරනුයි වෙන වෙනම ගස් උඩට නගීද දන්නෙ නැහැ. ඇයි දොස්තර එයාට අයිති නැති රාජකරියක්නේ කරල තියෙන්නේ. (අ)
ඔබතුමාට ගොඩාක් පින්. දීර්ඝායුෂ ලැබේවා (අ)
වෛද්‍ය වෘතියක හෝ පරිපූරක වෛද්‍ය සේවයක තිබිය යුතු ගුණාංගයකි මානුෂීය සත්කාර සේවාව. ඔබතුමා මෙම රෝගියාට එම සේවාව කරමින් විශිෂ්ටත්වයට පැමිණ ඇත. මෙම විශිෂ්ට සේවාව සෙස්සන්ට මහගු ආදර්ශයක් වේවා ඔබට පින්. (අ)
ඔබ වැනි දරුවෙක් ලද දෙමව්පියන් පින්වන්තයෝ .නමටත් ගැලපෙන ප්‍රසන්න දොසේතර උතුමෙක් .. ඔබ තුමාට තෙරුවණ් සරණයි (අ)
දොස්තර මහතාට මල් මිටක්! විදුරංග, මෙවැනි උතුම් අදහස් තියෙන්නේ ගඟෙන් එහා පැත්තේ අයට නොවෙයි. එකත් එකටම මෙතුමා ඉපදෙන්න ඇත්තේ කුරුණෑගල හරි නුවර පළාත් වල වෙන්ට ඕන. (අ)
බුදුන් වදින මේ දෑතින් ඔබත් වදින්නම් තියා නළල බිම. (නි)
මේ ගගෙන් එහා පැත්තේ හොද දෙයක් කළත්,ඒකෙන් පිට පළාතකට ලකුණු දාගන්නේ බලෙන්ම ..., මේ කට්ටියට ජාතිබේදයි, පළාත්බේදයි නැතුව අදහසක්වත් ලියන්න බැහැනේ (නි)
වෙදකම කියන එකේ වටිනාකම අමතක වෙන තරම් මේකාලේ රටේ වෙන්නේ බලු වැඩ. මෙවැනි මිනිස්සු කාලෙන් කාලෙට කල එලි බැහැල හැම මිනිහම එකවගේ නැ කියල මතක් කරලා දෙනවා. වෙදෙක් වෙන්න කලින් මිනිහෙක් වෙන්න ඕනේ. තුවාල හොඳ කරන්න වේදනාව තේරෙන්න ඕනේ. තමන්ම පදවාගෙන වාහනයකින් ලෙඩෙක්ව අරන් යන එක සමහර අයට පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් මන් වගේ සාමාන්‍ය මිනුස්සුන්ට ඒක ලොකු දෙයක්. (දී)
දොස්තර හොඳ හිත. ඔය චෞචෞ ලා කියන කතා අහන්න එපා. ඔබට ජය. (දී)
හොද වැඩක් මට මතක් වුනේ වෙන දෙයක්, මාගේ මිත්‍ර රජයේ සේවකයෙක් ක්‍ෂෙත්‍ර රාජකාරී කටයුතු සදහා උදෑසන කණ්ඩායකම් සමග ගොස් සවස නැවත නේවාසික ස්ථානයට පැමිණීමට සූදානම් වෙද්දී රථයේ රියදුරා ඉතාමත්ම බීමත්ව සිහියෙන් නොසිටි බැවින් මිතුරා විසින් රථය පදාගෙන විත් සියළුම පිරිමි සහ කාන්තා නිලධාරීන් අදාල නේවාසිකාගාරයට ඇරලවා ඇත. නමුත් ඉන් පසුව රියදුරුට විනය පරීක්‍ෂණය පවත්වන කල මිතුරාට එරෙහිවද විනය පරීක්‍ෂණයක් පැවැත්වුවා රථය පැදවීම වෙනුවෙන්. දොස්තර මහතාට මෙවන් දෙයක් නොවේවා. අවශ්‍ය නම් ආයතනය සදහන් කල හැකියි (දී)
නියම වෛද්‍යවරයෙක්.රටට අවශ්‍ය මෙවන් අයයි. උසස්වීම සහ බලතල දිය යුතු මෙවන් අයටය, ඔබට තෙරුවන් සරණයි (නි)
යහපත් ගති පැවතුම් සිඳී ගිය ශ්‍රී ලාංකික වාලුකා කතරට කලකට පසු වැස්සක් වැස්සා වගේ සතුටක් දැනෙන ප්‍රවෘත්තියක්. එවැනි දෑ පල කිරීමට පෙළ ගැසී සිටින ලංකාදීප කර්තෘ මණ්ඩලයට ත් ස්තුතියි. (නි)
ඔබ මිනිසුන් අතර මිනිසෙකි. ඔබතුමාට පින් (නි)
කාලෙකින් අහපු ලස්සනම කතාවක්.ඔබතුමාට බොහොම පින් (නි)
මෙය කාටත් පුදුම වීමට හේතුවක් නොවේ. (නි)
පුළුවන් තරම් අධිවේගයෙන්ම යන්න සළස්වා රථ වාහන පුහුණුව ලබාදීමට කටයුතු කළ යුතුයි (නි)
ඉතින් හදිස්සියකට ලෙඩෙක් අරගෙන ගියාම මොකද වෙන්නේ? (නි)
මේ වගේ දොස්තරවරු තමයි නියම දොස්තරවරු කියන්නේ. මේ වගේ අයට තමා දෙවිවරු කියන්නේ. (ස)
වෛද්‍ය සේවය මුදලට විකිණී ඇති කලක වැදගත් මහත්මයෙක් (නි)
ඔබ නියම මනුස්සකම තියෙන දෙවියෙක්. (ස)
මගෙන් මල් මිටක්. ඔබට සවිය...දිරිය...(නදී)
බුදුසරණයි! (නි)
නිල කාමරයට,දුරකථන, ඉන්ධන දීමනාවට අසරණ රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගන්නා දොස්තරලා ඉන්න රටේ මෙවන් දෙවිවරු වන් ජීවකයාණන් සිටීම එම රෝගියාගේ පූරුවේ පිනකි (නි)
වැඩේ නම් ඉතාම හොඳයි. ඒ වුණත් රියදුරා නම් වැඩේට කැමති වෙන එකක් නැහැ. (නි)
රාජකාරියට වඩා මිනිස්කම උතුම්ය (නි)
ඔබට උපහාර වේවා දොස්තර මහතාණනි (අ)
අපේ සුභ පැතුම් වෛද්‍යතුමනි (අ)
පින්සිද්ද වේවා ... ඔබට තෙරුවන් සරණි.(අ)
විශිෂ්ට මහත්තයෙක්
ඔබ වෙනි වෛද්‍ය වරයකුට මට කරන්න තියන්නේ . මම අදහන අල්ලාහ් දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් පැතීමය . සර්වබලදරී අල්ලාහ් දෙවියන් ඔබව රැක ගනිත්වා (දී)
මෙවන් අය දැයට වාසනාවන්! (නි)
නියම මහත්තයෙක්, දීර්ඝායු වේවා! (නි)
උතුම් චරිතයක් (නි)
මේ වගේ මිනිසුන් රැකගැනීම සමාජයේ වගකීමක්. ඒ වුනත් තමන්ට අයිති නැති රාජකාරි කළා කියලා මේ දොස්තරට ලෙඩ දාන අයත් ඉන්න පුළුවන්. (නි)
අමනුස්සයන් රජ කරන රටේ ඔබ වැනි දෙවියන් සිටීම ගැන සතුටු වෙමි.(අ)
වෛද්‍යවරයාට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා! ගිලන් රථ රියදුරා නොසිටිම හා අම්බලන්ගොඩ රෝහලේ වර්තමාන තත්වය හොඳින් පැහැදිලිය. (නි)
නියම දොස්තර මහත්මයෙක්. අම්බලන්ගොඩ කියල ඇහුවත් සතුටුයි.(නදී)
ඔන්න මිනිස්සු ..!(නදී)
අද මුදලමතම ඉන්න වෛද්‍යවරුන් ඇති යුගයක ඉතාම ආදර්ශවත් මනුස්සකම් ඇති උතුම් වෛද්‍යවරයෙක්. (ස)
ඔබවන් උතුම් පුතෙක් ලද දෙමාපියන් වාසනාවන්.(නදී)
මිනිස්කම ඇති ලොකු සුපෙරිෂකාරි මිනිස් චරිතයක්!(නදී)
ඔබ කල යහගුණයට ,, ඔබට පින් සිදු වනවා නියතයි...රාජකාරිය දේවකාරිය කියලා හිතලා වැඩකරන දොස්තර මහත්තුරුන්ට අපි කියන්නේ මිහිපිට දෙවිවරු කියලා...රාජකාරියට පරිබාහිර වැඩක් වුනත් අවස්ථාවේ හැටියට ඔබ කර ඇත්තේ ඉතාමත් උතුම් සත් ක්‍රියාවක්..ඔබට දීර්ඝා යුෂ,,... (ස)
වනසිවු පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදෙවතා උන් වැනි මිනිසුන් ඇත (අ)
තමාට අයිති නැති රාජකාරියක් කිරීම සම්බන්ධයෙන් දොස්තර මහත්තයාට විරුද්ධව පරීක්ෂණයක් තබා විනයානුකූලව දඬුවම් කල යුතුයි! (ස)
හිපොක්‍රටිස් ගේ දරුවෙක් .(අ)
ඔබ වැනි මිනිසුන්ගෙන් ලෝකය මනුස්සකම ඉගෙන ගනී. (ස)
ඔබට බොහෝ පින්,මෙවන් මිනිසුන් වෙඩි වේදීන් මොලොව පහල වේවා (අ)
නියම වෛද්‍යවරයෙක්. මුළු රාජ්‍ය සේවයටම ආදර්ශයක්. තමන්ගේ යුතුකම ජීවිත බේරා ගැනීම කියල තේරුම් ගත්ත කෙනෙක්. ඒ වෙනුවෙන් කළයුතු දේවල් වල සීමාවක් නොදකින කෙනෙක්. ඔබට මගේ ගෞරවය. (අ)