සූරියවැව රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර සී.වීරසිංහ මහතාගේ නිල නිවසට මිනිස් මළ ප්‍රහාර එල්ල වී ඇතැයි පොලිසිය කියයි. අද අලුයම 1ට පමණ  ගොම ද සමග මුසු කළ මෙම ප්‍රහාරය එල්ල  කර ඇත්තේ සූරියවැව රසායනාගාරයක වැරදි වාර්තාවක පුවත්පතක පළවීමෙන් පසුවය.

සූරියවැව මිනිසකුගේ ලේ සාම්පලයක් පිරික්සූ එහි රාසායනාගාරයක් එම පිරිමියා ගැබ් ගෙන ඇතැයි වාර්තාවක් නිකුත් කෙරිණි. එම වාර්තාවට කිසිසේත්ම සම්බන්ධ නැති රෝහල් අධිකාරිගේ නිවසට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සුරියවැව වැසියෝ හෙළා දකිති. වෛද්‍යවරයා පැවැසූවේ සූරියවැව රෝහලේ දුප්පතුන් වෙනුවෙන් දියුණු කිරීමට ගත් උත්සාහයට මෙසේ සැලකිලි දක්වා ඇති බවයි.