සූරියවැව රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර සී.වීරසිංහ මහතාගේ නිල නිවසට මිනිස් මළ ප්‍රහාර එල්ල වී ඇතැයි පොලිසිය කියයි. අද අලුයම 1ට පමණ ගොම ද සමග මුසු කළ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සූරියවැව රසායනාගාරයක වැරදි වාර්තාවක පුවත්පතක පළවීමෙන් පසුවය.
සූරියවැව මිනිසකුගේ ලේ සාම්පලයක් පිරික්සූ එහි රාසායනාගාරයක් එම පිරිමියා ගැබ් ගෙන ඇතැයි වාර්තාවක් නිකුත් කෙරිණි. එම වාර්තාවට කිසිසේත්ම සම්බන්ධ නැති රෝහල් අධිකාරිගේ නිවසට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සුරියවැව වැසියෝ හෙළා දකිති. වෛද්‍යවරයා පැවැසූවේ සූරියවැව රෝහලේ දුප්පතුන් වෙනුවෙන් දියුණු කිරීමට ගත් උත්සාහයට මෙසේ සැලකිලි දක්වා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය ගැන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හැටියට මෙයා ගත්ත පියවර මොකක්ද ?? \"මීට ඉස්සරත් ඔය වගේ වැරදි වාර්තා ඔය කියන පරීක්ෂණාගාරයෙන් ලැබිලා තියනවා \" කියලා ප්‍රසිද්ධියේ කිව්වේ මෙයා නේද ?? (ම)