හංවැල්ල හෝටල් හිමි කතකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු හේරත් පතිරන්නැහැලාගේ සුනිල් වික්‍රම අබේසිංහ සහ පොලිස් කොත්තාපල් මොහොක්කු ගමගේ මහින්ද කිත්සිරි 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
දිසාවිනිසුරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔහු ගෙයක් තනාගෙන යන බවත්, මේසන් බාස්කෙනකු සොයා අඹසෙවනට ගිය බවයි. අල්ලස් ගැනීමක් සිදු නොවූ බවත් ඔහු කියා සිටියේය.
දිසා විනිසුරුට එරෙහිව බොරු නඩුවක් පටලවා ඇතැයි ද වර්ණකුලසූරිය මහතා කීවේය.
පොලිස් කොස්තාපල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ ද අල්ලස් ගැනීමක් සිදු නොවූ බවයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පැවසුවේ කොමිසම මේ වැටලීම සිදු කරන අවස්ථාවේ පාතාලයට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් අල්ලස් කොමිසමට බාධා කළ බවත්, ඒ නිසාම සැකකරුවන් වෙන ස්ථානයකට ගෙන යෑමට සිදු වූ බවත් ය.
අල්ලස් දුන් බව කියන කත හා දිසා විනිසුරු අතර 25 වැනිදා සිට දුරකතන ඇමතුම් දහයක් පමණ හුවමාරු වී ඇතැයි ද එම තොරතුරු ලැබුණු පසු සත්‍ය තත්ත්වය සොයා ගත හැකිවනු ඇතැයි ද කී ඇය පරීක්ෂණ අවසන් වී නැතැයි ද සඳහන් කළාය.
එම මැරයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලීසිය කැඳවන්නැයි නීතීඥවරිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.
එම පරීක්ෂණය පවත්වන්නැයි කොමිසමට දැන්වූ මහේස්ත්‍රාත්වරයා එයින් සෑහීමකට පත් විය නොහැකිනම් ඒ බව දන්වන්නැයි ද ඊට සුදුසු ක්‍රියාමාර්ගයක් ගත හැකි යැයි ද මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කතාව පිටුපස සෑඟවුනු දෙයක් ඈති බව ඉතාමත් පෑහෑදිලියි.(ස)
වර්ණකුලසුරිය මහතා පෙනී හිටින නඩුවක් නම් ඉතින් විත්ති පාර්ශවයට බය වෙන්න දෙයක් නැහැ. තව ටික දවසක් ඇතුලේ ඉන්න වෙවී එච්චරයි.(නදී)
නඩුකාරය කියන්නෙත් මිනිහෙක්නේ. ගණන් ගන්න එපා දැන් වැඩවල හැටියට ඕක සුළු දෙයක්. (ත)
චතුල, මේ කතාව පිටුපස ඇත්තේ කාලයක් තිස්සේ මේ විනිසුරුගේ ක්‍රියාකලාපයේ එක අවස්තාවක් පමණී. මෙතුමා පෙර රාජකාරිකල තැන්වල පැටිකිරිය දන්නෝ දනිති.(නදී)
පරීක්ෂනයේ අවසානයේ කුමක් වෙයිද අපි බලන් ඉම්මු (දී)
චතුල, ඔබ හරි. (නදී)
මම හිතුවේ හෝටලෙන් තේ බීල අල්ලපුවත්තේ පන්සලට මලක් පුජ කරන්න හංවැල්ලේ හෝටලයට ගියා කියයි කියල. හෝමාගම සහ අවට ඕනේ තරම් මේසන් බාස්ල ඉන්නවනේ. කොහොම වුනත් පාතාලයකුත් ගාව ගත්තේ වැඩේ දෙල් වෙන්නම වගේ.(නදී)
දිසා විනිසුරුතුමාට බයවෙන්න කාරණයක් නැහෑ. මතකද "මතක නැහැ" තියරිය? (නි)
ලංකාවට ගිය කලක් නිතිය දැන් නිකන් විහිලුවක් වෙලා. (ස)
හෙට අනිද්දා හිස්කබලක් පෙන්නලා මෙන්න මේ පැත්තේ ලෙඩක් තියෙනවා කියයිද දන්නේ නැහැ. බොරු ඔස්තාර් ලා නේද ?(නදී)
කොහොමත් නඩුකාරයෝ අල්ලස් ගන්නා එක කවුරුත් නොදන්නා රහසක්. හෙමෝම නෙමෙයි හැබැයි, කොටසක් විතරයි. මොකද නඩුකාරයට වඩා හම්බ කරන්නේ නීතීඥයන්. (නි)
සුභාෂිනි, මෙතුමා අවුරුදු 25ක් නොකැළැල් සේවයක් කරපු ජ්‍යෙෂ්ටතම දිසා විනිසුරුතුමෙක් කියලා දන්නවද? චෝදනාවක් ගැන දන්නවා නම් කියන්න බලන්න. (නි)
මේ කතාවට අදාල එක මහත්තයෙක් නම් කවදාවත් බොරු කියන්නෙත් නැහැ කියලත් නැහැ. (නි)
බයවෙන්න දෙයක් නැහැ. යුක්තිය ඉටුවේවි (නි)
නිතිය කාටත් එකයි