හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි අල්ලස් නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවුණු අවස්ථාවේ අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් පැමිණිල්ලේ මුල් ප්‍රකාශයේ සහතික පිටපත් ඉල්ලා සිටියේය.
හංවැල්ලේ හෝටල හිමිකාරියකට වාසි සහගත තීන්දුවක් දීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඔහු ද, පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරිද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිශ්චයකාරවරුන් හැමවිටම නීතියට එකඟව තීරණ දෙනවායැයි ජනතාව තුළ තිබු විශ්වාසය මේ නඩුවේ අවසාන තීරණය මගින් තවදුරටත් සනාථ කරාවියැයි මා සිතනවා. (නි)
මේ වගේ අයට මොන දඬුවම් දුන්නත් මදි කියලයි මම නම් කියන්නේ (නි)
නඩුවක් අවසන් වී අවසන් තීරණය ලැබෙනතුරු මිනිසුන් මොනතරම් වෙහෙසට පත් වනවාද? බොහෝ අය උදේ-දවල් අව්-වැසි නොබලා කොයි තරම් උසාවි ගානේ රස්තියාදු වෙනවාද? සමහරු නීතීඥ වරුන්ට මුදල් ගෙවීම සඳහා තමන්ගේ ඉඩකඩම් පවා උකස් තබනවා එසේ නැත්නම් විකුනනවා. මේ සියල්ල ඔවුන් කරන්නේ කවදා හෝ දිනක තමාට සාධාරයන් ඉෂ්ට වේවි. කියන එකම අහිංසක පැතුම් සිත තබාගෙනයි. අපි දැන් කොහොමද විශ්වාස කරන්නේ විනිසුරු වරුන් සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියා? මේලෙසින් අල්ලස් ලබාගෙන සමහර විට එම තීන්දුව ඔවුන්ට අවාසි සහගත ලෙස තීරණය වුනොත් ඒ අහිංසකයාගේ මුළු ජීවිත කාලය පුරාවටම හම්බකරපු සේසතම අහිමිවෙනවා. වැරදි කරුවන් බේරී ගියත්. නිවැරදි කරුවන් ( අහිංසකයින්) දඬුවම් නොලැබිය යුතුය. (නදී)
හිරේ තියෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයිද? (නදී)
සුද්දගේ මේ පරණ වූ නීති රටාව අපේ රටට ගැලපෙන විදිහට සංසෝදනය කර වෙනස් කල යුතුයි. අදිකරණයේ වරදකරු වන තැනැත්තා අභියාචනාදිකරණයේදී නිවරිදිකරු වෙන අවස්ථා අපි දැකලා තියෙනවා එහෙම සිදුවෙන්නේ කොහොමද කියන එක නම් මට ප්‍රශ්නයක්. මොකක්ද එතන තියෙන නීතියේ සදාරණත්වය. ඇපෑලක් දාන්න වත්කමක් නැති හැකියාවක් නැති දුප්පත් මනුස්සයෙකුගේ අයිතිවාසිකමකට මොකක්ද එතකොට වෙන්නේ.(නදී)
මේ තීන්දුවට මොනවා වේවිද?(නදී)