IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දිසා විනිසුරු අල්ලස් නඩුවේ මුල් ප්‍රකාශය ඉල්ලයි

හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි අල්ලස් නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවුණු අවස්ථාවේ අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් පැමිණිල්ලේ මුල් ප්‍රකාශයේ සහතික පිටපත් ඉල්ලා සිටියේය.

හංවැල්ලේ හෝටල හිමිකාරියකට වාසි සහගත තීන්දුවක් දීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඔහු ද, පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරිද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

 



අදහස් (0)

දිසා විනිසුරු අල්ලස් නඩුවේ මුල් ප්‍රකාශය ඉල්ලයි

ධම්ම Tuesday, 26 November 2013 05:43 PM

විනිශ්චයකාරවරුන් හැමවිටම නීතියට එකඟව තීරණ දෙනවායැයි ජනතාව තුළ තිබු විශ්වාසය මේ නඩුවේ අවසාන තීරණය මගින් තවදුරටත් සනාථ කරාවියැයි මා සිතනවා. (නි)

:       0       0

ලලිත් Wednesday, 27 November 2013 05:53 PM

මේ වගේ අයට මොන දඬුවම් දුන්නත් මදි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 26 November 2013 06:18 PM

නඩුවක් අවසන් වී අවසන් තීරණය ලැබෙනතුරු මිනිසුන් මොනතරම් වෙහෙසට පත් වනවාද? බොහෝ අය උදේ-දවල් අව්-වැසි නොබලා කොයි තරම් උසාවි ගානේ රස්තියාදු වෙනවාද? සමහරු නීතීඥ වරුන්ට මුදල් ගෙවීම සඳහා තමන්ගේ ඉඩකඩම් පවා උකස් තබනවා එසේ නැත්නම් විකුනනවා. මේ සියල්ල ඔවුන් කරන්නේ කවදා හෝ දිනක තමාට සාධාරයන් ඉෂ්ට වේවි. කියන එකම අහිංසක පැතුම් සිත තබාගෙනයි. අපි දැන් කොහොමද විශ්වාස කරන්නේ විනිසුරු වරුන් සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියා? මේලෙසින් අල්ලස් ලබාගෙන සමහර විට එම තීන්දුව ඔවුන්ට අවාසි සහගත ලෙස තීරණය වුනොත් ඒ අහිංසකයාගේ මුළු ජීවිත කාලය පුරාවටම හම්බකරපු සේසතම අහිමිවෙනවා. වැරදි කරුවන් බේරී ගියත්. නිවැරදි කරුවන් ( අහිංසකයින්) දඬුවම් නොලැබිය යුතුය. (නදී)

:       0       0

ගමගේ Tuesday, 26 November 2013 06:44 PM

හිරේ තියෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයිද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 26 November 2013 07:11 PM

සුද්දගේ මේ පරණ වූ නීති රටාව අපේ රටට‍ ගැලපෙන විදිහට සංසෝදනය කර වෙනස් කල යුතුයි. අදිකරණයේ වරදකරු වන තැනැත්තා අභියාචනාදිකරණයේදී නිවරිදිකරු වෙන අවස්ථා අපි දැකලා තියෙනවා එහෙම සිදුවෙන්නේ කොහොමද කියන එක නම් මට ප්‍රශ්නයක්. මොකක්ද එතන තියෙන නීතියේ සදාරණත්වය. ඇපෑලක් දාන්න වත්කමක් නැති හැකියාවක් නැති දුප්පත් මනුස්සයෙකුගේ අයිතිවාසිකමකට මොකක්ද එතකොට වෙන්නේ.(නදී)

:       0       0

දයා Tuesday, 26 November 2013 07:44 PM

මේ තීන්දුවට මොනවා වේවිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site